IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


උතුරේ ගංවතුර - ද්‍රවිඩ ජාතික සන්ධානය කොළඹට වී සැප ගන්නවා

(නාලක සංජීව දහනායක) 
 
ද්‍රවිඩ ජාතික සන්ධානයේ හඬට කන්දී උතුරු පළාතින් හමුදාව ඉවත්කර ගත්තා නම් එම පළාතේ ජනතාවට ගංවතුරේ ගිලී මියැදෙන්නට සිදුවනු ඇතැයි මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (26)  පැවැසීය.
 
පීඩාවටපත් උතුරේ වැසියන් මුදාගැනීමට හමුදාව ක‍්‍රියාකරන විට ද්‍රවිඩ ජාතික සන්ධානය කොළඹට වී සැප ගනිමින් සිටින බව ද මන්ත‍්‍රීවරයා කීය.
 
මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
 
‘මේ වනවිට උතුරු පළාතේ ජනතාව ගංවතුර නිසා පීඩාවට පත්වෙලා ඉන්නවා. උතුරු පළාතෙන් හමුදා ඉවත්කරන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානය, උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා සහ දෙමළ ඩයස්පෝරාව පසුගිය කාලයේ දැඩිව හඬ නැඟුවා. ඔවුන්ගේ හඬට කන්දීලා හමුදාව ඉවත් කළානම් උතුරේ ජනතාවට ගංවතුරේ ගිළිලා මැරෙන්න වේවි. මේ මොහොතේදී ගංවතුරෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවගේ පිහිටට ඉන්නේ හමුදාව පමණයි.
 
 උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියල කෑ ගහපු මිනිස්සු කොළඹට වෙලා සැප ගන්නවා මිස ගංවතුරෙන් පීඩාවට පත්වුණ උතුරේ මිනිස්සු වෙනුවෙන් මුකුත්ම කරන්නේ නැහැ. 
 
 
එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය තමන්සතුව තිබෙන බවට පම්පෝරි ගැහැහුවුවත් අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළ වෙලාවෙදි ආණ්ඩුවට බහුතරය නැති බව හොඳටම පේන්න තිබුණා. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඡන්දටිකත් අරගෙනත් ආණ්ඩුවට තිබුනේ ඡුන්ද 102ක් පමණයි. 
 
එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිරකාරයෙක් වෙලා. එක්සත් ජාතික පක්‍ෂය ගෙනියන රට පාවාදීමේ පිළිවෙලට පක්‍ෂයේ මන්ත‍්‍රීවරුත් විරුද්ධයි. අතුරු සම්මත ගිණුමට ඡන්දය ප‍්‍රකාශ නොකර ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් මඟ ඇරියේ ඒ විරෝධය පළකරන්නයි. ඒ අනුව මේ ආණ්ඩුවේ කඩාවැටීම දැන් ආරම්භවී තිබෙන බව පැහැදිලිවම පේන්න තියෙනවා. මේ දේශපාලන අස්ථාවරත්වය වළක්වා ගන්නනම් ලබන වසරේදී අනිවාර්යයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතුය තිබෙනවා.
 
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය. 
 



අදහස් (0)

උතුරේ ගංවතුර - ද්‍රවිඩ ජාතික සන්ධානය කොළඹට වී සැප ගන්නවා

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 120 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 322 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 795 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1083 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 377 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 183 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site