IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉල්ලා අස් නොවැන්නැයි අගමැති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරියේදී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් වීමට නොසිතන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් අද (09) ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර හමුවකදී මෙම ඉල්ලීම කර ඇත.

මැතිවරණ නොපවත්වන්නේනම් තමන් ඉල්ලා අස් වන බව මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය ඉදිරි මැතිවරණ සඳහා අත්‍යවශ්‍යය යැයි ද ඒ නිසා ඉල්ලා අස්වීමට සුදානම් නොවන්නැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඉදිරි මැතිවරණ සඳහා සුදානම් වන්නැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



අදහස් (13)

ඉල්ලා අස් නොවැන්නැයි අගමැති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලයි

Raveendra Tuesday, 09 July 2019 03:40 PM

සූත්තර පුංචා යනු රට ඇම්ඩන්ය..// තුවාලයෙන් වුවත් වාසිය ගන්නේය..// රට ගැන පුංචාට නම් වැඩක් නැතේ..// අශුචි ගොඩ හැර කැමැත්ත නැත හොඳට..//

:       1487       2383

Raveendra Tuesday, 09 July 2019 03:49 PM

මැකෝ අයියා මක්කෙට ආවද ඇම්ඩන් ලඟට..// මුණගැසුමත් ඇම්ඩන් ගන්නේ එය වාසියට..// තක්කඩි හැත්ත ගැන දැනුමත් නැහැ ඔබට..// එබැවින් තනතුර හැරදමා යාමත් හොඳනේද ..//

:       302       389

sam Tuesday, 09 July 2019 05:03 PM

රවීන්ද්‍ර, මෝඩයෙක් වගේ හැමදේටම කියවන්න එපා. මහින්ද දේශප්‍රිය මහතා කියන්නේ කවුද, එයා මොනවද කරන්නේ රටේ ඡන්ද අයිතිය රැකගන්න කියලා එයා දන්නවා.

:       606       143

RaveendraWednesday, 10 July 2019 01:56 AM

sam මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. මෙම පුවතේ සදහන් කරුණු එලෙසම මැකෝ විසින් ප්‍රකාශ කර ඇත්නම් ( මැතිවරණ නොපවත්වන්නේනම් තමන් ඉල්ලා අස් වන බව මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.) අපගේ මතකය කුඩාකල දෙමාපියන් සමග ඇති කරගන්න සුන්දර ආරවුල් වෙත දිව යන්නේය. මට අරක දුන්නේ නැත්නම් මේක දුන්නේ නැත්නම් මම අද බත් කන්නේ නැහැ වැනි බොලද කියමනක් මැකෝ වැනි ඉතාමත් වැදගත් බලසම්මපන්න නිලදාරියෙන් අගමැති හමුවීමට ගොස් පැවසීම මොනතරම් බුද්ධිමත් ක්‍රියාවක්ද යන්න ඔබට තේරුම් ගැනීමට නොහැකිවීම කනගාටුවකි, එමගින් ගම්‍ය වන්නේ ඔබගේ බුද්ධිමට්ටම ඔබ විසින්ම කියවා ගැනීම වඩාත් සුදුසු බවනොවේද ?

:       0       10

SamWednesday, 10 July 2019 10:07 AM

එතුමා කියපු දේ තේරුම් ගන්න බැරි මෙහෙමත් මිනිස්සු ?

:       0       0

RaveendraWednesday, 10 July 2019 02:03 AM

sam, ඔබ වැන්නන් කාලතරණයේ මුලික අවස්තාවටත් ගව් ගණනක් පිටුපසින් සිටීම 225 ක් වූ රැලට මහත් සම්පතකි. නිව්ටන්ගේ නියමයන් 33 ට අමතරව 4 වෙනි නියමයත් ඔබ වන්නන්ගේ විසින් මනාව ඔප්පු කර ඇතිබවක් පැහැදිලිය. කෙසේ වෙතත් අපගේ මෙම අදහස් වලින් ඔබට යම්කිසි හෝ සිත් තැවුලක් ඇති උනිනම් අප කනගාටු වන්නෙමු. අනිකාගේ අදහස් වලට ඇහුන්කන්දීමට බැරි මිනිසා බුද්ධිමතෙක්ද එසේත් නැත්නම් ඔබගේ වචනවලින් මෝඩයෙක්ද යන්න ඔබ විසින්ම තීරණය කිරීම වඩාත් වැදගත් වන්නේය. මැකෝ පිලිබදව අපගේ සිත්වල ඇත්තේ මහත් වූ ගෞරවයක් මෙන්ම ආඩම්බරයකි. නමුත් ඔහු විසින් අගමැති හමුවීමට යාම අපනම් දකින්නේ ඔහු විසින් තම වැදගත් තනතුර බාල්දුකර ඇති බවකි.

:       0       3

SamWednesday, 10 July 2019 10:05 AM

නිවුටන් නියම 3යි තියෙන්නේ.

:       0       0

RaveendraWednesday, 10 July 2019 10:37 AM

ඔබ නිවැරදියි... ලිවීමේ අතපසුවීමක් වෙන්ට ඇති.

:       0       0

SenarathWednesday, 10 July 2019 03:25 AM

ඒකද පිච් එක හැදුවම මැච් එක ගහන්නම් කියලා කාලේ මරන්නේ. 2015 කොහොමද කිව්වේ " කකුලට නෙමෙයි ඔලුවට වෙඩි තියන්න කියල " අද කොන්දක් නැහැ. ඒ නිසා නම්බුව තියාගෙන ගෙදර යනඑක හොද නැතිද ?

:       14       59

SamWednesday, 10 July 2019 10:11 AM

2015 නොවේ ඊට ගොඩක් කලින් ඉදලා ඡන්දෙ තියන්න එතුමා හැමදේම කලා. දේශපාලුවෝ සහ ඔබ වගේ කට අරන් බලන් ඉන්න හිස් ඡන්ද දායකයෝ තමයි මේකට වග කියන්න ඕන.

:       0       0

චමින්ද Wednesday, 10 July 2019 01:49 AM

ආරංචි පැතිරෙන ආකාරයටනම් ඉල්ලා අස්නොවී එයාගේ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට කිසිම හැකියාවක් නැහැ. මැතිවරණ දෙපාර්තමේන්තුවේ කිසිවෙකුට ඡන්දය දීම හැර දේශපාලනයේ යෙදීම තහනම්වේ කොමිසමේ අයටත් එසේමය..

:       0       0

sugath premalal Wednesday, 10 July 2019 04:28 AM

කෙසේ හෝ වේවා දැන් රට තියෙන්නේ ගොඩ ගන්න බැරි ගැඹුරු අගාදයක කියල ඕනෑම මෝඩයකුට තේරෙනවා... ජනතාව බුද්දීමත්ව කටයුතු කර ලග එන ඡන්දයට රටට වැඩ දායක සුදුසු අය පමණක් තොර පත් කර ගත කර ගැනීම කල යුතුයි.

:       0       45

සේන Wednesday, 10 July 2019 05:27 AM

පසුගිය ජනාධිපතිවරණයේදී මැකෝ විශ්‍රාම යන්න පිඹුරුපත් සකස් කළා. ඒ මහින්ද මහතා දිනයි කියලා. නමුත් වර්ථමාන ජනාධිපතිවරයා දිණනවාත් සමග මේ මහතා සද්දයක් නැතිව මෙන්න වැඩ. රටටම විහිළු කර කර කාටදෝ කඩේ යනවගක් තමා දැනෙන්නේ. දැන් ඉතින් විහිළු කළා ඇති. රැකියාවේ වගකීම් දන්න හොඳ කශේරුකාවක් තියෙන කෙනෙකුට දීලා ගෙදර යන්න මහත්තයෝ

:       0       17

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 16 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 6 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1410 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 297 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1426 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1411 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site