(ටී.කේ.ජී.කපිල )
ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේ දුමාරයක් ඇති වීම හේතුවෙන් අද (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බෑමකට ලක් කිරීමට එම ගුවන් යානයේ ගුවන් නියමුවා පියවර ගෙන තිබේ.
මෙය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ජී.ඒ.- 972 දරන ඒ.- 330 වර්ගයේ ගුවන් යානයක් වූ අතර එහි මගීන් සහ කාර්යය මණ්ඩලය 338 ක් සිටිය බව ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා පැවසීය.
මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ බණ්ඩාචි ගුවන් තොටුපළේ සිට සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපළ බලා පිටත්ව යමින් සිටියදී යානය තුළ හදිසියේම දුමාරයක් ශ්‍රී ලංකාවට ඉහළ අහසේ දී ඇති වීම නිසා එම ගුවන් යානයේ නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඒ බව දැනුම් දීමෙන් අනතුරුව ගුවන් තොටුපළට ගොඩ බෑමකට අවසර ලැබී තිබුණි.
ඒ අනුව ගිනි නිවීමේ රථ , ගිලන් රථ ඇතුළු සියලු හදිසි ගොඩ බෑමකට අවශ්‍ය දෑ කටුනායක ගුවන් තොටුපළ තුළට රැගෙන විත් සූදානම් කිරීමකට ද පියවර ගෙන තිබුණි.
ගුවන් යානයේ නියමුවා විසින් ගුවන් යානය මැනවින් පාලනය කර ගනිමින් අද රාත්‍රී 9.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට සමත්විය.
පසුව ගුවන් යානයේ මගීන් යානයෙන් ඉවත් කර කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන අතර ගුවන් යානය තුළ හදිසියේ හටගත් දුමාරය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගුවන් සේවා ඉංජිනේරුවන් විසින් ආරම්භ කර තිබේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දුනීසියාවේ ගුවන් යානයක් හදිසියේ කටුනායකට