IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 8 දෙනා නිදහස්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
ගාලූවරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ට්ගාඩ්  සමාගමට අවසර ලබා දීම මගින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් කෙළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය පවත්වා ගෙන යන නඩු විභාගයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අට දෙනා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය  අද (12)  නියෝග කළේය.
 
 කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති එම නඩුවද අහෝසි කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කෙරිණි.
 
එසේම අල්ලස් කොමිසමට ප‍්‍රමාණවත් සාක්කි ඇතැයි හැඟී යන්නේ නම් කොමිසමේ ලිඛිත අවසරය මත යළි නඩු පැවරීමට බාධාවක් නොමැති බවද අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන්වේ.
 
මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප‍්‍රතික්ෂේප කිරීමේ නියෝගය අවලංගු කළ අධිකරණය එම විරෝධතා පිළිගැනීමටද නියෝග කෙරිණි.
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
 
නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කරනු ලැබූ අභියාචන පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
පසුගිය රජය සමයේ ගාලූ වරායේ ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවය.
 
මෙලෙස අල්ලස් චෝදනා නඟා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ , ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු සහාකාර ලේකම් දිසානායක මුදියන්සේලාගේ සුජාතා දමයන්ති සේනාරත්න , යුධ හමුදාවේ හිටපු මේජර් ජනරාල් වඩුගේ පාලිත පියසිරි ප‍්‍රනාන්දු , යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල , හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඞී.ඩබ්ලිව් .ඒ සෝමතිලක දිසානායක , ඇවන්ගාඞ් ආයතනයේ සභාපති යාපා හෙට්ටිආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති , හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කුමාරසිරි කොළඹගේ සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එම්.ෆ‍්‍රැන්සිස් ඩයස් ජයරත්න පෙරේරා යන නැමැත්තන්ටය.
 
එම නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව සඳහන් කරන පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමින් කියා සිටින්නේ එම නඩුව පවරා ඇති ආකාරය නීති විරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප‍්‍රතික්ෂේප කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණය තීන්දු කළ බව ද කියා සිටියේය.
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත තමා ප‍්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියි.
 
මේ හේතුවෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ තීන්දු නීති විරෝධී බවට ප‍්‍රකාශ කොට ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
 
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාළ නඩු විභාගය මෙම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මූලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීම ගත් තීරණය අහෝසිකර එය පිළිගැනීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.
 
හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා , අලි සබ්රි සහ නීතීඥ සුදත් කල්දේරා යන මහත්වරුන් පෙනී සිටියහ.
 
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.



අදහස් (0)

ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 8 දෙනා නිදහස්

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 356 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 781 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 609 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1447 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2925 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1885 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site