ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි ශාන්ත පැට්රික් දේවස්ථානයට ගෑස් කෑන් දෙකක් සහ දල්වන තුනක් (ලයිටර) රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නිව්යෝක් පොලිසිය අද (18) ප්‍රකාශ කළේය.
ප්‍රංශයේ පැරිස් නුවර ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානයේ වහළ කොටස ගිනිගෙන විනාශ වීමෙන් දින කිහිපයකට පසු මෙය සිදුවිය.
මෝටර් රථයේ ඉන්ධන අවසන් වීම නිසා දේවස්ථානය කෙටි මාර්ගයක් ලෙස භාවිත කරමින් ඒ තුළින් ඉන්ධන පිරවුම්හලක් වෙත ගමන් කළ බව අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ප්‍රකාශ කළේ යැයි නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෝන් මිලර් මහතා පැවැසීය.
එහෙත් අත්අඩංගුවට ගත් පුද්ගලයා දුන් පිළිතුරු එකිනෙකට පරස්පර යැයි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් මිලර් කීවේය.
“ඔහුගේ හිතේ මොනවද තිබ්බේ, ඔහු මොනවා කරන්න හැදුවද කියලා අපි දන්නේ නැහැ” යැයි ද හෙතෙම කීවේය.
අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන මාර්ක් ලැම්පැරෙලෝ නම් පුද්ගලයකු වූ අතර ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු බව ද පැවසේ.
නිව්යෝක් නුවර ඉදිර කර තිබෙන ශාන්ත පැට්රික් දේවස්ථානය නව ගෝතික ආරට නිර්මාණය කරන ලද්දක් වන අතර මැන්හැට්න්හි හදවත ලෙස හඳුන්වයි. එම දේවස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 1878 වසරේදී වන අතර ඉදි කිරීම් අවසන් කරන ලද්දේ 1880 වසරේදීය. මේ අතර 2015 වසරේදී දේවස්ථානයේ පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කළේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකාවේ දේවස්ථානයකට ගෑස් කෑන් සමඟ ලයිටර ගෙනගිය අයෙක් අත්අඩංගුවට