(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී නැවත සළකා බලන්නැයි දන්වමින් පනවා තිබූ සංචාරක අවදානම ලිහිල් කිරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඇමෙරිකා පුරවැසියන්ට තුන්වැනි මට්ටමේ අවදානමක් පනවා තිබූ අතර එය දෙවැනි මට්ටම දක්වා ලිහිල් කර තිබේ.
එසේ වුවත් ත්‍රස්තවාදී ක්‍රියා නිසා ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේදී පරෙස්සම් වන්නැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය එරට වැසියන්නට තවදුරටත් අනතුරු අඟවා ඇත.
සංචාරක අවදානම් පහත හෙළීමට අමතරව ඇමෙරිකානු රජයේ නිලධාරීන්ගේ පවුල්වල අවුරුදු 18ට අඩු පුද්ගලයන්ට සහ එම රජයේ හදිසි නොවන රැකියාවල නියුතු නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
පවතින ආරක්ෂක පරිසරය නිසා ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු පුරවැසියන්ට ආරක්ෂාව සැලසීමට ඇමෙරිකානු රජයට හැකියාවක් නැතැයි ද ත්‍රස්තවාදීන් පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රහාර එල්ල කරන බැවින් පරෙස්සම් වන්නැයි ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නැවත සළකා බලන්නැයි දැනුම් දෙමින් සංචාරක අවදානම මට්ටම තුන්වැනි මට්ටම දක්වා ඉහළ දැමීය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමරිකානුවන්ට පනවා ඇති සංචාරක අවදානම ලිහිල් කරයි
විජිත් Tuesday, 25 June 2019 03:45 PM
ඒ අය තමයි ලොකුම ත්‍රස්තයෝ.
කල්පගේ Wednesday, 26 June 2019 08:56 AM
මුළු ලෝකයම යුද්ධ වලට පටලවාගත්ත ලොකුම ත්‍රස්තවාදියා ඇමෙරිකාව බව කව්රුත් දන්නවා.ඒ වගේමයි ගිය ගිය හැම තැනින්ම ගුටිකාගෙන අන්තිමේදී පසු බැස්සෙත් එගොල්ලොමයි. වියට්නාමයේදී මදි නොකියන්න කෑවා. චීනා එක්ක පටලුනොත් ආයේ චණ්ඩිකම් නොකරන්නම කනවා.
කල්පගේ Wednesday, 26 June 2019 08:56 AM
මුළු ලෝකයම යුද්ධ වලට පටලවාගත්ත ලොකුම ත්‍රස්තවාදියා ඇමෙරිකාව බව කව්රුත් දන්නවා. ඒ වගේමයි ගියගිය හැම තැනින්ම ගුටිකාගෙන අන්තිමේදී පසු බැස්සෙත් එ් ගොල්ලොමයි. වියට්නාමයේදී මදි නොකියන්න කෑවා. චීනා එක්ක පැටලුනොත් ආයේ චණ්ඩිකම් නොකරන්නම කනවා.