(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (19) තීරණය කර තිබේ.
ඔවුන් ආණ්ඩුව ගෙන යාමට සහයෝගය පළ කරමින් සිදු කරන විශාල කැපවිම සළකා බලා මෙම තීරණයට එළැඹ තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කාත්‍යාධිකාරි මණ්ඩලය රැස් විය.
එහිදි පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා වි ඇති අතර දුර්වල ආසන සංවිධායකයින් ඉවත් කර අලුතින් සුදුසු අය පත් කිරීමට තීරණය වී තිබේ.එහිදි ශ්‍රි ල නි පයේ සිට පක්ෂයට සහයෝගය ලබා දෙන අයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට වන යෝජනාව ස්ථිර වී තිබේ. අලුතින් පත් කළ යුතු අනෙකුත් ආසන සංවිධායකවරුන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට පක්ෂයේ නායක, සභාපති සහ මහලේකම්ට පැවරී තිබේ.
බිම් මට්ටමින් පක්ෂයේ සංවිධාන කටයුතු ජුලි මස අග වන විට අවසන් කිරීමටත් පියවර ගන්නා ලෙස සියලුම සංවිධායකවරුන්ට දැනුම් දීමටත් තීරණය විය.
දේශපාලන පළිගැනිමට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බැවින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි සඳහන් කර තිබේ.
ගම්පෙරලිය ව්‍යාපෘථිය සඳහා පළමු පියවරේදි රුපියල් මිලියන 200 ක් වෙන් කළ බවත් දෙවැනි පියවර සඳහා තවත් මිලියන 100 ක් වෙන් කර ඇති බවත් ඉන්පසු තෙවැනි පියවරේදි තවත් මිලියන 100ක් වෙන් කරන බවත් අගමැතිවරයා මෙහිදි දැනුම් දි තිබේ.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආණ්ඩුවට සහය දක්වන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 5 කට ආසන සංවිධායක ධූර
Amila Wednesday, 19 June 2019 04:13 PM
ශ්‍රීලනිපයේ ඉතුරු ටිකත් පොහොට්ටුවට සහ යූ.එන්.පී එකට සෙට් වෙයි. අනික ඉතින් කල් ඉකුත්වීම ආසන්න මිනිස්සුන්ට විහිලුවක් වෙච්ච පුද්ගලයාගෙන් කොහොමත් දේශපාලුවන් ඈත්වෙනවා..
Raveendra Wednesday, 19 June 2019 05:08 PM
ගිලෙන නැවට කලවැද්දෝ රිංගනවා... අසා තිබුණත් බුරුවන් රිංගනවා කියලා අහලා නම් නැත.
Mann Wednesday, 19 June 2019 05:23 PM
සොයිසා මහතා කටාන සංවිධායකකම ලබාදී හැකියාවට රැකියාවක් ලබාදීමට ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාවට අවස්ථාව ලබාදීම විශිෂ්ඨයි.
Bamunuarachchi Wednesday, 19 June 2019 06:19 PM
හා හා හා මේ වෙලාවේ එජාපෙට සහය දක්වන්නේ සිහි බුද්ධිය ඇති අය නොවේ. එමනිසා අපි හොඳ පාඩමක් උගන්වන්නම්.
chandima Wednesday, 19 June 2019 07:51 PM
ඒ කට්ටිය එහාට මෙහාට ගියාට අපිනේ ඡන්දෙ දෙන්නේ.
Mahee Wednesday, 19 June 2019 08:12 PM
ඔය දෙසිය විසිපස් දෙනාම එලවා දමන්න පුළුවන් කෙනෙක් එනවා නම් අන්න එයාටයි අපේ සහයෝගය.
siri Wednesday, 19 June 2019 08:38 PM
ඔය ගොඩේ "අප්පචි මලෝ" ත් ඇති.
KAK Perera Wednesday, 19 June 2019 10:23 PM
ගිලෙන නැවට නගින්න
ලසන්ත Thursday, 20 June 2019 12:56 AM
දේශපාලන පළිගැනීම් වලට පක්වූ අයට සහන සලසනවානම් ලිපිකරු සේවය කළමණාකරන සහකාර සේවය බවට පරිවර්තනය කල අවස්ථාවේ ලිපිකරු අධිශේණියේ සිටි අයට වැටුප් වැඩිවීමක් දුන්නේ නැහැ. එසේ කලේ එම අය එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ පත්වූ අයයි යන මතයේ සිටි නිසා. එම පළිගැනීමට ලක්වූ කිසිවෙක් අභියාචනා කර නැහැ. දැනුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පිරිසක් අධිකරණයෙන් දැන්වූ දෙයවත් නොකරන බවක් දැනගන්න තියෙනවා. ඒගැනත්මෙ බලන්න. මෙයට නිදර්ශනයක් කියන්නම්. පසුගිය කාලේ චක්‍රලේඛයක් තිබුනා සේවාකාලය තුල ඉතිරිවූ නිවාඩු වෙනුවෙන් මාස කීපයක් වැඩකිරීමට අවස්ථාව දීමට. එය ඉවත්කලේ මෙයින් සහනය ලැබෙන්නේ යූ.ඇන්.පී. කාරයන්ට කියලයි. (මෙය මට කිව්වේ හිටපු රාජ්‍ය පරිපාලන ඇමති කෙනෙකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වරයෙක්.ඔහු 1991 දී ගුරු පත්වීමක් ලබා 1995 දී දේශපාලන පලිගැනීම් යටතේ අධ්‍යාපන පරිපාලන සේවයට පැමිණි අයෙක්)
Anurudda Thursday, 20 June 2019 02:43 AM
හොඳ තීරණයක්. ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයක් රටේ පැවැත්ම සඳහා උවමනා වේ.
dare Thursday, 20 June 2019 05:54 AM
මෙයා තාම රැවටිලා නේ ඉන්නේ. අපිට පෙන්න ආණ්ඩුව විපක්ෂේ බෙදිලා හිටියට ඔක්කොම යටින් අත් අල්ලන් ඉන්නේ.
Rohana Thursday, 20 June 2019 06:06 AM
ඡන්දයක් අත ළඟ බවට පෙර සලකුණු.
සේනක Thursday, 20 June 2019 06:17 AM
ඇයි කෘත්යාදිකාරී කාර්යමණ්ඩලය ඒ මන්ත්‍රීවරුන්ගේ නම් හෙළි නොකරන්නේ.මේ මන්ත්‍රීවරු කවුද කියලා දැන ගන්න නම් හෙළි කරන්න.එතකොට රටේ ජනතාවට පුළුවන් ඊළඟ ජනතා අධිකරණයේදී ඒගොල්ලො ගැනත් සලකලා බලන්න.