IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ජවිපෙන් හෙට කතානායකට

(මුදිතා දයානන්ද) 
            
මහජනතාවගේත් රටේත් ආරක්ෂාව ගැන අවම වගකීමක්වත් දැරිය නොහැකි, පාලනයකින් රට තව දුරටත් අනාරක්ෂිතවීම වළක්වා ආණ්ඩුව ගෙදර යැවීමේ අරමුණ ඇතිව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් හෙට (21) කථානායකට බාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20) පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද එහි ඉදිරිපත්ව ඇති කරුණු සැළකිල්ලට ගෙන තීරණයක් ගන්නා බවද කිසිසේත්ම අපරාධකරුවන්ට සහය දැක්වීමේ ප‍්‍රතිපත්තියක තම පක්ෂය නැති බවද දිසානායක මහතා එහිදි පැවසිය.

අප්‍රේල් 21 ප‍්‍රහාරය පිළිබඳව තොරතුරු හැකි බවට මෙරට හා විදේශීය බුද්ධි අංශවලින් ලැබි තිබියදීත් එයට මුහුණ දීමට කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගෙන සිටීමෙන් ජනාධිපතිත් අගමැතිත් කැබිනට් මණ්ඩලයත් ජනතාවගේ ආරක්ෂාව බිංදුවට දමා ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව මෙම ප‍්‍රහාරයේ පළමු අපරාධකරුවා වන්නේ ප‍්‍රහාරකයින් වන අතර දෙවැනි අපරාධකරුවා ආණ්ඩුව බවද තෙවැනි අපරාධකරුවා වන්නේ ත‍්‍රස්තයින්ට ආරක්ෂාව හා ආධාර උපකාර සපයන්නන් බවද ඔහු පැවසීය.

ත‍්‍රස්ත කල්ලි හා ඒ අයට ආධාර උපකාර කරන අපරාධකරුවන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නීතිමය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටියත් දෙවන අපරාධකරු වන ආණ්ඩුව සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන්නේ ජනතාවට බවද දිසානායක මහතා පැවසීය. 

ආණ්ඩුව සම්බන්ධයෙන් තමන්ගේ තීරණය ගත හැකි මැතිවරණයක් ජනතාව හමුවේ දැනට නැති බැවින් පාර්ලිමේන්තුව තුළදී ගත හැකි පියවර ගැනිමට තම පක්ෂය තීරණය කළ බවද මෙම විශ්වාසභංගය ඉදිරිපත් කෙරෙන්නේ ඒ අනුව බවද ඔහු වැඩිදුරටත් පැවසීය. 

මෙම විශ්වාසභංගය ඉදිරිපත් වන්නේ අගමැතිත්, ආරක්ෂක ඇමති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයත් ඇතළු ආණ්ඩුවට එරෙහිව බවද ඔහු පැවසීය.



අදහස් (28)

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ජවිපෙන් හෙට කතානායකට

rama Monday, 20 May 2019 09:11 AM

අනේ ඇයි මේ ආණ්ඩුව ඔයාලා එක්ක තරහ වේවි එහෙම කළොත්?

:       115       466

RaveendraMonday, 20 May 2019 09:40 AM

අම්මපා... ඇත්තෙන්ම රතු හැට්ටකාරයන්ට දීගේ එපා වෙලා වගේ... විජේවීර ගොයියා හිටියා නම් මේ නිගන්ඨයින්ට ඇඩ්රස් නැති වෙන්නම දෙනවා දෙනවාමයි..

:       207       718

ගල්කටස් Monday, 20 May 2019 10:05 AM

ඔවුන්ගේ එකෙක් අැල්ලුවනේ.. එ්කයි ඔය මල පැනලා තියෙන්නේ...

:       165       556

ruwanMonday, 20 May 2019 12:39 PM

අම්මෝ 225න් කවුරුවත් එපා.. අලුත් කෙනෙක් දේශපාලනයට සම්බන්ද වුණු කෙනෙක් නොවෙන එකෙක් වරෝ..... !!!!

:       7       55

ජයන්ත මිලානෝ Monday, 20 May 2019 09:15 AM

ඇත්තටම මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. 225 දෙනාම ගෙදර යනවා නම් තමයි හොඳ. එවාට රටට ආදරයක් ඇති ජනහිතකාමීන් පිරිසක් පත්කර ගන්නට පුළුවන්..

:       22       398

මාතර ,සුනිල්. Monday, 20 May 2019 09:29 AM

ජවිපය සෑම මොහොතකම ජනතාව ගොනාට අන්දවමින්, එජාප, අගමැති ඇතුලු නඩයම රකින්න, ඉදිරියට ආවා සේම මේ මොහොතේත් අර අඳින්නේ ඒ දෙයටම තමයි. බදුර්දීන් ඇතුලු නඩය රකින්න හොඳම අවස්ථාව තමයි බොරුවට රජයට විරුද්ධ බව පෙන්වීම... මුළු රටක්ම ආණ්ඩුවට විරුද්ධව පෙලගැසෙමින් සිටින වේලාවේ... බොරු විශ්වාසභංගයක් ගෙනැවිත් අමුතු රඟපෑමකටයි ඔය එන්න හදන්නේ...

:       170       1127

athuraTuesday, 21 May 2019 04:11 AM

මට හිතෙන්නෙම මහින්දට එකතුවෙලා මහින්දගෙ නඩය රකින්න හදන්නෙ.

:       1       7

Neelaka Monday, 20 May 2019 09:33 AM

බෝට්ටුවක් පෙරලීමට සහයෝගය නොදී පස්ස ගහන මිනිහා නැවක් පෙරලීමට යෝජනා කරයි.

:       203       751

Raveendra Monday, 20 May 2019 09:42 AM

කව්ද යකෝ පැණි "මුට්ටියට" අලවංගුවෙන් ගහපු එකා..? හොඳ වෙලාවට හෙන ගැහැව්වේ නැහැ.

:       123       316

hira Monday, 20 May 2019 10:25 AM

මේ ගොයියෝ ටික හොඳ නාට්‍යයක් රඟපාන්න සැරසෙන්නේ. මේ සැරේ ඡන්දෙන් ඔබතුමා සහ සහචරයින්ගේ අවසානය බලාගන්න පුළුවන්. පක්ෂය කෑවා...

:       626       955

RaveendraMonday, 20 May 2019 11:16 AM

ඇත්තෙන්ම මේ මිනිස්සුන්ගේ කටේ කයිවාරුව රෙද්ද පල්ලෙන් බේරෙනවා.. රටට අවංකව වැඩක් කරන්න පුළුවන් මිනිස්සු වැඩිදෙනෙක් වැලිගම් බලා ගිහින්. මේ ඉන්නේ "සොකඩයන්."...

:       346       486

MP Monday, 20 May 2019 10:31 AM

මේ අයම නේද මේ ආණ්ඩුව රැකගන්න පසුගිය වසරේ අවසානයේ මහ ඝෝෂාවක් කළේ?

:       459       515

Nuwan Monday, 20 May 2019 10:34 AM

හරියට බලලා දිනය ලියන්න අමතක කරන්න එපා. ඔය අහවල් භංගෙට...

:       0       100

shan Monday, 20 May 2019 10:44 AM

ශ්‍රී ලංකාවේ ආරම්භ කළ පළමු ත්‍රස්තවාදී කණ්ඩායම හා 71 හා 89 කාලවලදී මහජන දේපල කෝටි ගණනක් ගිනිතබා විනාශ කළ රටේ ජනතාවගේ රැකියා ලක්ෂ ගණන් අහිමි කල මෙන්ම රාජ්‍ය හා පුද්ගලික බැංකු සමූහයක් මහදවල් මංකොල්ල කෑම හා ගිනි තැබීම් කළ පාදඩ කණඩායමක් ලෙස රටම දනී. අද අයිස් ත්‍රස්තවාදීන්ට උපකාර කිරීම සඳහා බදුර්දීන් මගින් රාජ්‍ය රැකවරණ ලබාදීමට ලාංකීය ත්‍රස්තවාදී කණ්ඩායම් වන ජේ.වී.පී අය සැදී පැහැදී සිටී.

:       396       604

udaya Monday, 20 May 2019 11:08 AM

සියල්ලට කලින් රතුහැට්ටකාරයින් පන්නා දැමිය යුතුයි. ඔය කාලකන්නි තමයි පහුගිය වතාවේ ආණ්ඩුව බේරා ගත්තේ.... දැන් ඔය දඟලන්නේ රිෂාඩ් බේරාගන්න.

:       632       1073

chris Monday, 20 May 2019 11:10 AM

දැන් ඔයාලගේ හෙළුව වහගන්න මොනවත් කළත්, කිව්වත් ඔයාලත් යහපාලනයේ කොටස්කාරයින් බව අමතක කරන්න එපා...

:       9       354

Sujeewa Monday, 20 May 2019 11:46 AM

රතු අලි පැටියන්ට (ජෙප්පෝ) හොඳටම ෂුවර් 113 ක් ගන්න බැහැයි කියලා. එ්කයි මේක ගේන්නේ. ඔවුන් ආණ්ඩුවට විරුද්ධව දිනන යෝජනාවන්ට විරුද්ධයි. පරදින ඒවාට පැනලා සපෝර්ට්... අනේ අනිච්චන් ... ගිය කලක්.

:       2       178

chandima Monday, 20 May 2019 01:03 PM

කරත්තවලට බැඳපු මී ගොන් වගේ. එකෙක් එකපැත්තකට යන්න හදද්දී අනිකා වෙන පැත්තකට යන්න දඟලනවා...

:       1       108

janahitha Monday, 20 May 2019 01:52 PM

ආනයනික ලොකු ලූනු බද්ද ඉහළට... බත් ගොට්ටෝ අපිට එපෝ..!!!

:       1       41

Bandula. Monday, 20 May 2019 02:50 PM

මොකෝ මේ හිටිගමන් වලිගෙ පත්තු කරගෙන? දැන් බොරුවට කෑගහනවා ජනතාව දන්නවා ඔයාලගේ විස්තර, දැන් අන්දවන්න බැහැ.

:       1       150

Rata Perata Monday, 20 May 2019 03:33 PM

ආයෙත් අපේ රට කන්න හදන්නේ නැතුව ඉන්න. ඕනෑ වෙලාවට නැට්ට පස්සේ ගහගෙන හැඟෙනවා, වැඩක් නැති වෙලාවට බුරාගෙන එනවා. රටේ මිනිස්සුන්ගේ කාලේ කන්නේ නැතුව ඉන්න, පව් දෙන්නේ නැතුව.

:       1       212

Shan Monday, 20 May 2019 03:34 PM

මෙයාලා කියන දේවල් අහන්න එපා. තේරුමක් නැහැ... අලුත් 225 ඕනේ...

:       1       217

BamunuarachchiMonday, 20 May 2019 05:34 PM

ඒ ආවත් ඔච්චර තමයි. මිනිස්සු නොවෙයි මාරු කරන්න ඕනේ මිනිසුන්ගේ මානසිකත්වය. හරි වැරදි තෝරාගන්න පුළුවන් නීතියට ගරුකරන මානසිකත්වයක්. ඒක හැදෙන්න තව පරම්පරා දෙක තුනක් වත් යනවා. ඒත් ගැරන්ටියක් නැහැ එහෙම වෙයි කියලා.

:       0       1

chandima Monday, 20 May 2019 05:20 PM

අන්න හරි, ඔය හදන්නේ ලකුණු දාගන්න, ඔයාල වෙනමම විශ්වාසභංගයක් ගෙනෙන්න. කවුරු කිව්වත් සැලෙන්න එපා. නැතිනම් මේ යන විදියට තව ටික දවසකින් බුරියානි කෑම නවත්තන්න වෙනවා.

:       0       0

Bamunuarachchi Monday, 20 May 2019 05:27 PM

අපි ඕවට නෑ නෑ

:       0       0

Kriss Monday, 20 May 2019 05:33 PM

ඇයි හත්දෙයියනේ කෝටි දෙකක් ජනතාව මේ 225 දෙනෙකුට ඕනෑ විදියට නටන්නේ? මේ කෝටි දෙකක ජනතාව අතර ඕනැ තරම් ඉන්නවනේ බුද්ධිමත් උගත් විද්වතුන් සහ අධ්‍යාත්මික නියමුවන්. රටේ සහ ජනතාවගේ නාමයෙන් හෝ නූපන් ඉදිරි පරපුරේ නාමයෙන් හෝ ඔබතුමන්ලා කතිකාවක් ඇතිකරගෙන පෙරට එන්න. මේ රට විනාශ වෙන්නයි යන්නේ. හොර දේශපාලකයන් දැන් ජනතාවට තිත්ත වෙලා ඉන්නේ. මෙවන් ඉදිරි පියවරක් ඔබතුමන්ලා ගත්තොත් ජනතා සහය ලැබෙන බවට කිසිදු සැකයක් නැහැ.

:       0       0

shan Tuesday, 21 May 2019 04:57 AM

මේ කියන දෙපිටකාට්ටු කතා අහල වැඩක් නැහැ.

:       1       28

සේන Tuesday, 21 May 2019 05:34 AM

ජ.වි.පෙ. යැයි කියමින් මොකද්දො අමුතු නාටකයක් නටන , රටක් , ජාතියක් , ආගමක් නැති හිස් මිනිසුනි මෙහි සඳහන් ප්‍රතිචාර කියෙව්වා නම් ඔබ වැනි නිවට නියාලු අදහස් දරන්නන් සමස්ත සමාජයෙන් ම ප්‍රතික්ෂේප වී ඇති වග මොළේ කළඳක් හෝ තිබේ නම් වැටහෙනු ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 164 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 33 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1252 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2794 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3275 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1561 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 286 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site