(මනෝප්රිය ගුණසේකර)
බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම අලි පැටවාගේ අයිතිකරු බව කියන පළමු විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් තිදෙනා පෙර ඇප මත මුදා හැරීමට අද (30) නියම කළේය.
විත්තිකරුවන් අධිකරණයට කැඳවමින් නිකුත් කර තිබු සිතාසි වලට අනුව ඔවුන් අධිකරණයේ පෙනී සිටි අතර එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළේය.
ඇප කොන්දේසි සැපිරීමෙන් පසුව ‘සකුරා’ නමැති අලි පැටවාගේ හිමිකරු බව කියන පෑස්සුම්කරුවකු වන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර නමැති විත්තිකරු පමණක් මුදාහැරීමට නියම කළත් ඔහුට ඇප කොන්දේසි සැපිරීමට නොහැකි වීම හේතූවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කෙරිණි.
වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිනියක වන එච්. පි‍්‍රයංකා සංජීවනී, වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි නමැත්තන් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.
වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත්රාත්වරයකුට එරෙහි මෙම සිද්ධියට එරෙහිව නඩු පැවරිය යුතු බවට නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ගත් තීරණයකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මීට පෙර අවස්ථාවකදී පැවසුවාය.
2008 නොවැම්බර් 06 වැනිදාත් 2015 මැයි 18 වැනිදාත් අතර කාලයේ මීගොඩ ගොඩගමුවේදී නිසි බලපත්‍රයක් නොමැතිව පොදු දේපලක් වන අලියකු ළඟ තබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව වනයෙන් අල්ලා ගන්නා ලද ‘සකුරා’ වශයෙන් හඳුන්වනු ලැබු අලි පැටවකු ළඟ තබා ගැනීම ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 25 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 25 දෙනෙකු හා ලේඛන 8 ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට මීට පෙර අවස්ථාවන්වලදී ඇප ලබාදී ඇති හෙයින් ඔවුන් පෙර ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියහ.
මෙම නඩුව ලබන ලබන සැප්තැම්බර් 20 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලෙන් ලබාදිය යුතු සියළු ලේඛන විත්ති පාර්ශවයට බාරදී ඇද්ද යන්න එදින අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අලි පැටවා ළඟ තබා ගත්තැයි කියන තුනකට ඇප