IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අල්ලස් කොමිසමෙන් පැවරූ නඩුව පෙබරවාරි 12 ට කල්යයි

(නිමන්ති රණසිංහ)
                
අභියාචනාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්, හිටපු අගවිනිසුරු සහ නීතිපති මොහාන් පීරිස් සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ හිටපු ලේකම් එම්. ඒ. ෆර්ඩිනෑන්ස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුව ලබන පෙබරවාරි 12 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) නියෝග කළාය.


සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින 22/18 දරණ ඈපෑලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අතුරු තහනමක් නිකුත් කර ඇති බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජී. චන්ද්‍රසිරි මහතා කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර සිටි බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව ලැබෙන තුරු නඩුව කල් තැබීමට අධිකරණය එලෙස නියෝග කරනු ලැබීය.


මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් චූදිතයින් තිදෙනාට එරෙහිව නඩු පවරනු ලැබුවේ ඉකුත් ජනවාරි 18 වැනිදාය.


එමෙන්ම, මෙම සිද්ධියට අදාළව හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා විසින් ඉකුත් පෙබරවාරි මස 26 වැනිදා අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කරනු ලැබූ අතර, එය සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ඇතුළු පිරිසකට මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබිණී. 
 



අදහස් (0)

අල්ලස් කොමිසමෙන් පැවරූ නඩුව පෙබරවාරි 12 ට කල්යයි

ඔබේ අදහස් එවන්න

දියත

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 31 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 247 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 133 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 119 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 305 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 190 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site