IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අරුවක්කාලු විරෝධතාකරුවන් හඹා එද්දී ජනපති සැලසුම් වෙනස් කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

අරුවක්කාලු කසල  අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (22) පුත්තලමට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව දෙන්නැයි උද්ඝෝෂණය කරන්නට වූහ.

මේ හේතුවෙන්  ජනාධිපතිවරයා සහභාගීවීමට තිබු වැඩසටහන් කිහිපයක් වෙනස් කිරීමට සිදුව තිබේ.

පුත්තලමේ පැවැත්වෙන  ග්‍රාම ශක්ති වැඩසටහන  සහ  නගරයේ විවෘත කිරීම් කිහිපයක් සඳහා  ජනාධිපතිවරයා මේ  වන විට පුත්තලම නගරයට ගොස් සිටී. 

ජනාධිපතිවරයා පළමුව සහභාගී වීමට තිබු උත්සව සභාව අසළ උද්ඝෝෂකයින් රැඳී සිටීම හේතුවෙන් පළමු වැනි විවෘත කිරීමට සහභාගී නොවූ ජනාධිපතිවරයා දිනය අවසානයේ සහභාගී වීමට තිබු වැඩසටහනට ගොස්  සිය කතාව අරම්භ කළේය. 

පුත්තලම පොලීසිය මෙම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා අධිකරණ නියෝගයක් ගෙන තිබුණ ද අධිකරණ නියෝගය ද නොතකා ඔවුහු විරෝධතාවයෙහි නියැලී සිටිති.

විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපතිවරයා හමුවී මෙම කසල ප්‍රශ්නය පිළිබඳව තමන්ට සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. නමුත් ඊට අවසරයක්  ලබාදිය නොහැකි බව පවසන  ආරක්ෂක අංශ මැදිහත්වී  උද්ඝෝෂකයෝ නැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දරති.

පොලීසිය ,පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන  ඒකකය ,ජල ප්‍රහාරක රථද කැඳවා මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.

සබැදි පුවත්

විරෝධතාකරුවන්ට බැටන්පොලු ප්‍රහාර

 



අදහස් (25)

අරුවක්කාලු විරෝධතාකරුවන් හඹා එද්දී ජනපති සැලසුම් වෙනස් කරයි

මංජුල බිරැට් Friday, 22 March 2019 05:59 AM

මොකද මෙ හැන්ගිලා වැඩකරන්නෙ එ මිනිස්සු එක්ක කතාකරලා ප්‍රස්නය සාධාරනව විසද ගත්තනම් ඉවරනේ මහජනතාවට මුන දෙන්න බැරි ජනාධිපතිගෙන් වැඩක් තියනවද? මතක තියාගන්න ඡන්දය ලගයි මෙ පාර බත් පැකට් එකටයි ගල් බාගෙටයි වැඩෙ අමාරු වෙයි.

:       30       482

subhashini pereraFriday, 22 March 2019 10:37 AM

අපි ඔක්කොම අලුත් කෙනෙකුට ඡන්දය දෙමු. මේ ඉන්න අය කලේ හැමදාම අපිව රවට්ටපු එකයි. ජනාධිපති ඡන්දයෙන් පැරදුණාට පස්සේ සිරිසේනට පුත්තලම තහනම්... එන්න එපා. ආවොත් ගහනවා. බොරුනම් ඇවිල්ලම ගහගන්න...

:       231       284

Sunil Friday, 22 March 2019 06:38 AM

අරුවක්කාලු තව මීතොටමුල්ලක් කරන්නද යන්නේ?

:       177       77

bandaFriday, 22 March 2019 08:33 AM

අරුවක්කලු කුණු දාන්න තෝරාගත් ප්‍රදේශයේ පැත්ත පළාතක මිනිස් පුළුටක් නෑ. තියෙන්නේ වතුර පිරුන විශාල හුණුගල් වලවල් පමණයි .

:       4       425

රවින් Friday, 22 March 2019 07:08 AM

සැලසුම් වෙනස්කිරීම වැඩිය ගණන් ගත යුතු නැහැ. හරියට ආප්ප කැවා වගේ.

:       0       204

සේන Friday, 22 March 2019 07:09 AM

මේ කසළ අංගනය විද්‍යාණුකූලද. නැත්නම් එය තවත් කුණු ගොඩක්ද ? මිනිසුන් දැනුවත් කරන්න. කොහේවත් තියෙන කුණු ගෙනල්ලා තවත් ප්‍රදේශයක් ගඳ ගස්සවනම් ඒක වැරදියි. මිනිස්සු බයයි ඒකට

:       104       131

Hafeel Friday, 22 March 2019 07:28 AM

මේ මොන පිස්සු වැඩක්ද? දිනපතා ටොන් ගණන් කොළඹ කුණු තොගය කිලෝ මීටර් 100 වැඩි දුරට ගෙනියන්නේ. අද තාක්ෂණ ලෝකයේ කුණු " ප්‍රතිචක්ක්‍රීකරණය" කරන්න ක්‍රම වේද තියද්දී, මේ කරන වැඩ. කොලොන්නාව කුණු කන්ද අනතුරු වෙච්ච කාලේ කතාබහ වුනා, මේ කුණු ප්‍රවාහන කරන සමාගමින් දේශපාලකයෝ කොමිස් ඉල්ලන බව. එහමනං, කොළඹ පුත්තලම කුණු ප්‍රවාහනයේ ලොකු කොමිස් ජාවාරමක් වෙන්න පුළුවන්.

:       233       124

Ranjan Friday, 22 March 2019 08:08 AM

තැනින් තැනට කුණු ගහින් දාල මේ ප්‍රශ්නය බේර ගන්න බැහැ. ලංකාවේ පමණක් නොවේ ලෝකයේ සෑම රටකම කුණු තිබෙනවා ඒවා නිසි පිළිවෙලට විනාශ කරනවා මේ කිසි ක්‍රමයක් නැති එකම රට ලංකාව නිසා මේ වගේ දේවල් සිදු වෙනවා ජනාධිපති වුන දින සිටම මේ දක්වා එය කලේ කට්ටි පැනීම මිසක් වෙන මොනවද

:       18       220

Nissanka Friday, 22 March 2019 08:11 AM

මේ අරුවක්කලු කසල අංගනය ඉදිකරන ප්‍රදේශය ගැන පොඩ්ඩක් ගුගල් මැප් එකෙන් බලන්න කියලා මම මෙතන අදහස් දක්වන හැමෝටම මතක් කරනවා. මෙය ඉදිකිරීමට මේ ස්ථානය තෝරා ගැනීමට පෙර මේ ස්ථානයේ යම් කිසි විශාල කැණීමක් කර තිබෙනවා. ඒ කැනීම් කරපු අයට විරුද්ධව මේ විදිහේ උද්ඝෝෂණ තිබුනේ නැත්තේ ඇයි?

:       0       208

Sanjeewa Friday, 22 March 2019 08:44 AM

මේ උද්ඝෝෂකයන් එකෙකුටවත් කොළඹ එන්න දෙන්න නරකයි. ඔවුන් එනකොට ගෙන එන හැමදේම උන් එක්කම යවන්න ඕනෑ. කිසිම කඩයකින් කන්න දෙන්න නැතුව ඉන්න ඕනෑ. මොකද ඔවුන් කාලා ඉතුරුවෙන ඉඳුල්වලින් සහ ගෙනැල්ලා දාලා යන සුන්බුන් වලින් තමයි කොළඹ කුණු ප්‍රශ්නේ මෙච්චර උග්‍ර වුනේ... එක බල්ලෙකුටවත් කොළඹ එන්න දෙන්න නරකයි. ඉස්පිරිතාලෙට එන අය කොච්චර කොළොඹ දූෂණය කරනවද? හැම එකටම කොළඹ එන්න ඕනෑ ඕනෑම උද්ඝෝෂණයකට... මොවුන්ගෙන් වැඩිම වැඩිහරිය පිට අය... මොවුන් තමයි කොළඹ ජරා කරන්නේ. මැයි පළවෙනිදාට කොළඹ තහනම් ක‍රන්න ඕනෑ. කොළඹ කුණු අපිට මැනේජ් කරන්න පුළුවන්... පිට අයගේ කුණු තමයි අපිටත් ප්‍රශ්නේ.. පිට එවුන්ගෙන් කොළඹ බේරගන්න සටනයි අපි දැන් ක‍රන්න ඕනෑ...

:       456       1412

mira lebbeFriday, 22 March 2019 10:30 AM

ඔයා කුඩු ගහලද මල්ලි?

:       683       140

දිමුත් Friday, 22 March 2019 09:44 AM

මේ මිනිස්සු දැනුවත් නැතිව බොරුවට උසිගන්නලා...

:       0       159

prabha Friday, 22 March 2019 09:52 AM

ඔය කුණු ගෙනයන කොන්තරාත්තුව පුත්තලමේ ලොක්කට දුන්නනම් ඔය උද්ගෝෂණ නිකන්ම නවතිනවා

:       0       77

Shane Friday, 22 March 2019 10:01 AM

ඇරුවක්කාඩුව කසල අංගනය කරන්න යන ප්‍රදේශයේ මිනිස්සු නැති උනත් මේකෙන් ලොකු පාරිසරික බලපෑමක් වෙනව. මොකද අරුවක්කාඩුවෙ ලොකු වලවල් තියනවා. ගිය අය ඉන්නවනම් දැකල ඇති. ඒ වලවල් වලට අවුරුදු ගාණක් කුණු දන්න පුළුවන්. හැබැයි ඒ පැත්තෙ ගමේ අය කියන්නෙ කලින් යෝජිත ප්‍රදේශයේ නෙමෙයිලු දැන් අංගනය හදන්නෙ. ඒ නිසා වෙන පාරිසරික බලපෑම වැඩී කියල තමයි ඒ පැත්තෙ අය කියන්නෙ.

:       23       123

sana Friday, 22 March 2019 10:13 AM

විල්පත්තුව කපද්දි කටේ පිට්‍ටු හිර වෙච්ච උන්දැලා දැන් මේ හුණු ගල් ආවටයකට විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ කුණු බැහැර කරනවට බොරුවට විරුද්ධ වෙලා. මේක තනිකරම වර්ගවාදී දේශපාලනයක්. ඔය පැත්තේ එකෙක්වත් එන්න එපා කොළඹට.

:       35       248

සුපුන් Friday, 22 March 2019 10:28 AM

ඔහෙලත් එන්න එපා පුත්තලමට හරිද..? ලුණු කන්නත් පුත්තලම් එන්න එපැයි.. අපි ඡන්දෙදි බලාගමු..

:       253       131

Fernando Friday, 22 March 2019 10:33 AM

හරි හරි, අපි ඡන්දෙදි මුළු පුත්තලමම උත්තර දෙන්නම්... අපේ ඔක්කොම ඡන්දයට යන්නේ අලුත්ම කෙනෙකුට... දැනට ඉන්න එක බූරුවෙකුටවත් ඡන්දෙ නැහැ.

:       115       217

mendisFriday, 22 March 2019 02:08 PM

එහෙම නම් ඉතින් ඔයාට ඡන්දෙ දෙන්න වෙන්නේ පුත්තලම් බූරුවෙකුටයි. මොකද, කවුරු එන ඡන්දෙදි පත්වුණත්, ඔය කසල අංගනය සෑදෙනවා නියතයි.

:       1       77

kunu kasalaya Friday, 22 March 2019 01:17 PM

ජනතාව අනුන්ගේ කුණුවලට කැමැති නැත. කළ යුත්තේ ප්‍රෙද්ශයේ කුණු එම ප්‍රදේශයේම කලමනාකරණය කිරීමයි. මේ සඳහා කුණු කසල ඇමැතිවරයෙක් පත්කළ යුතුව ඇත. ‘ක්‍රිකට්, මුදල් හා කුණු කසල ඇමැතිධුරය‘ වඩා සුදුසුය.

:       0       52

Don Fernando Friday, 22 March 2019 01:20 PM

හරි හරි, අපි ඡන්දෙදි පෘතුගීසීන්ට ඡන්දෙ දෙනවා.

:       1       52

සමන්ත Friday, 22 March 2019 01:20 PM

අරුවක්කාලු කසල අංගනය ඉදි කිරීම ජාතික අවශ්‍යතාවයක්. එය නිසි ප්‍රමිතියට ඉදිකිරීම රජය සතු වගකීමක්. එය භාරව ඉන්නේ රටේ නමගිය, වෘතීයමය දේශපාලනඥයෙක්. වැඩේ කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට නමගිය කොරියන් සමාගමක්. ලෝකයේ සංවර්ධිත රටවල්වලත් මෙම ක්‍රමය ආරක්ෂාකාරී, දිගුකාලින සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස භාවිතා කරනවා. එය පරිසර හිතකාමී වැඩ පිළිවෙලක් නම්, විද්‍යාත්මක නම්, දත්ත අනුව චක්‍රයට හෝ අවකාශයට හානි නොවෙනවා නම්, භූ විද්‍යාත්මකව සුරක්‌ෂිත නම්, මොනවද මේ අය කියන්නේ? යමක් වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න ඕනෑම අයෙකුට අයිතිය තියෙනවා. හැබැයි ඒ උද්ඝෝෂණ සාධාරණ වෙන්න ඕනේ. හේතු සහිත වෙන්න ඕනේ. විද්‍යාත්මක කරුණු කාරණා අනුව හානිකර බව ඔප්පු කරන්න ඕනේ. අපි කැමතියි ඔය උද්ඝෝෂණය පිටුපස්සේ ඉන්න බදුර්දීන්ට කියන්න විල්පත්තු ප්‍රශ්නය නිසා එකට එක කිරීමක් විදිහට ජාතික අවශ්‍යතා සහ කාරණා පටලවා ගන්න එපා කියලා. ඒ දේශපාලනය නෙමෙයි. කඩාකප්පල්කාරී වැඩ. මේ වැඩේ ඔය උද්ඝෝෂණය නිසා නවතින්නේ නැති බව මතක තියාගත යුතුයි...

:       70       209

de silva Friday, 22 March 2019 01:49 PM

ඔයගොල්ලන් නැති වුණාට අපේ ලොක්කගේ ගැලරිය පිනවන කතා අහන්න තව ඕනේතරම් මිනිස්සු ලංකාවේ ඉන්නවා.

:       0       27

rasika Friday, 22 March 2019 03:30 PM

"පුත්තලම පොලීසිය මෙම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා අධිකරණ නියෝගයක් ගෙන තිබුණද අධිකරණ නියෝගය ද නොතකා ඔවුහු විරෝධතාවයෙහි නියැලී සිටිති." දකුණේ පුලුවන්ද මෙහෙම කරන්න..? අැයි මේ අයට නඩු දැම්මේ නැත්තේ.. අර අබාධිත රණ විරුවන්ට නම් ගහලා පැන්නුවා, හාමුදුරුවරුන්ටත් ගැහුවා, එතකොට විශ්වවිද්‍යාල සිසුන්ට ගැහුවා. මෙයාලට විතරක් වෙනසක් අැයි? අර හෙල්මට් නොදායන්න අවසර තියෙන අයද මේ අය?

:       0       102

nihal Friday, 22 March 2019 04:55 PM

මීරා ලෙබ්බේ ...තමුන් බබා උක්කුන්ද ...? සංජීව කියලා තියෙන්නේ ඇත්ත... මියන්මාරයේදී ඉල්ලන් කාපු ටික මෙහෙදීත් කන්න වෙයි.

:       139       218

චමින්ද Monday, 25 March 2019 09:10 AM

හුඟ දෙනෙක් අදහස් දක්වලා තියෙන්නේ මාතෘකාව ගැන පමනක් බලලා. මාතෘකාව ලිපියට ගැලපීමක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 189 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 710 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 430 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1230 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 68 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site