(වසන්ත චන්ද්‍රපාල)
පසුගිය අප්‍රේල් 21 වැනිදා මඩකලපුව සියෝන් දේවස්ථානයේ බොම්බ පිපිරීමේ සිදුවීමෙන් අනතුරුව පළමුවරට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද එහි සංචාරයක නියැලුණහ.
පළමුව මඩකලපුව අගරදගුරු මැදුරේ විශේෂ සාකච්ඡාවක් පැවති අතර ඉන් පසුව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග රදගුරුතුමෝ සහ මඩකලපුව ජෝශප් පොන්නයියා අගරදගුරුතුමෝ සියොන් දේවාස්ථානයට පැමිණියහ.
විපතට පත් පවුල්වල සාමාජිකයින්ගේ සුවදුක් විමසිමටද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කටයුතු කළහ.
“මඩකලපුව සියෝන් දේවස්ථානයට පැමිණෙන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. අපි මේ ස්ථානයට පැමිණියේ එදා බොම්බ ප්‍රහාරයෙන් විපතට පත් අය හමුවී ඔවුන්ට ඇති ළැදියාව පිළිබඳව සාක්කි දරන්නටයි. ඒ අය ළඟ අපි ඉන්නවා කියන්නයි අපි ආවේ. ඒ වගේම මෙම අවාසනාවන්ත සිද්ධිය වගේ දේවල් මේ ලංකා පොළොවේ නැවත නොවේවා කියා ප්‍රාර්ථනා කරන්නයි අවේ. ඒ නිසා මේ රට තුළ ජීවත්වෙන සියලුම ජන කොටස්, ආගම් අදහන සියලුම ජාතීන් තමන්ගේ අනන්‍යතාවය තුළ නිදහසේ ජීවත්වනු දැකීම අප සැමගේ ප්‍රාර්ථනාවයි.” යැයි අගරදගුරුතුමෝ එහිදී මාධ්යයටඅදහස් දක්වමින් පැවසූහ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අගරදගුරුතුමෝ සියෝන් දේවස්ථානයේදී බැතිමතුන් හමුවෙති
Janak Sunday, 16 June 2019 03:10 PM
මේ කරන්නෙත් දේශපාලන කන්ට්‍රැක්ට් එකක් විතරයි. වැරදිකාරයා කව්ද කියල එළිවුණාම මෙයා නිශ්ශබ්දයි.
donSunday, 16 June 2019 04:03 PM
ජනක් ඔබ වසලයෙක්... නැතිනම් මිනිස්වෙසින් ඉන්න අයෙකි. ඔබ යූ.එන්.පී. කාරයෙකි.
saliyaMonday, 17 June 2019 07:13 AM
බෝම්බ වලින් රෝගාතුර වෙච්ච සියගණනක් අහිංසක මිනිස්සු තවම රෝහල් වල දුක් විඳිනවා. දහස් ගනනක් ඔව්න් බලාකියන්න වෙහෙසෙනවා, සමහරු සදාකාලික ආබාධිතයි.
sarathMonday, 17 June 2019 02:32 AM
දැන් කවුද වැරදි කාරය කියමුකෝ බලන්න......... මේ වගේ අය ඒනතරම් කපාගන්න පුලුවන් කොලපාට පොල්පිති වලින්.,
ගරසරපMonday, 17 June 2019 06:28 AM
නායකත්වය කියන දේ ගැන දන්නෙ නැත්නම් ඉගනගන්න. එතකොට ඔය වහල්භාවයෙන් මිදෙන්න පුලුවන්.
Nimal Sunday, 16 June 2019 04:15 PM
එතුමා ප්‍රථම වතාවට කතෝලික නොවන ක්‍රිස්තියානි දෙව් මැදුරකට පා තැබූ ඓතිහාසික අවස්ථාව...!
ලාල් Sunday, 16 June 2019 04:24 PM
දේශපාලනික වශයෙන් නිවැරදි වීමට උත්සාහ නොකර ඔහු ඇත්ත කතා කරනවා. ආගම කුමක් වුවත් මිනිසුන් ඔහුට ගරු කරනවා... ඔහුව පිළිගන්නවා. ඔහු ඊළඟ පාප්තුමා වේවායි ප්‍රාර්ථනා කරනවා. එවිට ඔහුට මිනිස් වර්ගයාට විශාල සේවයක් කරන්න අවස්ථාවක් ලැබෙනු ඇත.
sharm warn Monday, 17 June 2019 04:15 AM
දේශපාලනඥයන් තමන්ගේ වගකීම පැහැර හැරීම නිසා කාදිනල් තුමාට මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න වුනා . ඒක දේශපාලන රංගනයක් හැටියට දකිනවා නම් ... දකින පුද්ගලයාගේ මානසිකත්වය තමයි අපිට පෙනෙන්නේ . ඒ අයටත් දුකක් වේදනාවක් විදින්න වුනා නමුත් අපි ඒ අයගේ දුක අහන්න ගියේ නැහැ නේ . එතකොට අපි හරි ද? යමක් කරන කෙනෙකු විවේචනය කරන්න කලින් අපි අපිවම විවේචනය කර ගන්න එක වැදගත් කියලා මට හිතෙනවා ..
NimalMonday, 17 June 2019 11:28 AM
ඔබතුමාගේ අදහසටත් සාධාරණයක් ඉෂ්ටවෙන අන්දමින් පිළිතුරක් දියයුතු නිසා මම මෙසේ ඊට ප්‍රතිචාර දක්වමි. "කාර්දිනල්තුමන් කතෝලික නොවන කිතුණු බැතිමතුන් පිරිසක් බැහැදකින්නට පැමිණ මේ පෙන්වූ ආදර්ශය මින් මතුවටත් දැක යන්නට ලැබේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා"