හොරෙන් ගිහින් කසාද බැන්ඳා බැලුවාම අයියයි-නංගියි

2017 ජුනි මස 18 පෙ.ව. 10:58

0     6266

මේ කතාව මහා පුදුම හිතෙන කතාවකි. කෙටියෙන්ම කියනවා නම් මෙය ඉතාම විරල සිද්ධියකි. සමහර විට මේ අරුම පුදුම කතාව ඔබ විශ්වාස නොකරණු ඇත.


නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන්ගේ කාර්යාලයට ලක්ෂ 20ක අමතර මාසික කුලියක්

2017 ජුනි මස 18 පෙ.ව. 10:52

0     350

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ප්‍රමාණවත් කාර්යාල පහසුකම් ලබා නොදීම නිසා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කු​ළුණේ 23 වැනි මහලේ කොටසක කාර්යාලය පවත්වා ගෙනයාම සඳහා මසකට ලක්ෂ 20 ක පමණ අමතර මුදලක් ගෙවීමට රජයට සිදුවෙන බව වාර්තාවේ.


අාදායම මහා භාණ්ඩාගාරයට පුදා සිවිල් ගුවන් සේවාව කුලී නිවසක

2017 ජුනි මස 18 පෙ.ව. 10:50

0     510

සේවකයන් 147 දෙනෙක් සිටින සිවිල් ගුවන් සේවා අධිකාරි කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා වසර 15ක කාලයක් තිස්සේ කුලිය වශයෙන් රුපියල් කෝටි 1306ක මුදලක් ගෙවා ඇති බව වාර්තාවේ.


ශ්‍රීලංකන් යළිත් එමිරේට්ස්ට?

2017 ජුනි මස 18 පෙ.ව. 10:47

0     0

ශ්‍රීලංකන් ගුවන් සමාගම එමිරේට්ස් සමාගමට ලබාදීම සම්බන්ධයෙන් එමිරේට්ස් සමාගම සමග සාකච්ඡා කිරීමට රජය තීරණය කර ඇත.


අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිප-එජාප තීරණාත්මක සාකච්ඡාවක් හෙට

2017 ජුනි මස 18 පෙ.ව. 10:44

0     92

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (19) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.


ඒකාබද්ධයෙන් ත්‍රි’මලයේ මහ රැළියකට සැලසුමක්

2017 ජුනි මස 18 පෙ.ව. 10:43

0     165

ඒකාබද්ධ විපක්ෂය අගෝස්තු මස 3 වැනිදා ත්‍රිකුණාමලය නගර​ෙය් මහා රැලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


මුතුරාජවෙල මැලේසියා තෙල් පිරිපහදුවෙන් රටට ලාභයක් නැතැයි චෝදනා

2017 ජුනි මස 18 පෙ.ව. 10:42

0     20

ලිහිසි තෙල් මුසු යන්ත්‍රාගාරයක් මුතුරාජවෙල පිහිටුවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මැලේසියානු සමාගමකට වසර 20 කට බදු දී ඇති ඉඩම හා එම යන්ත්‍රාගාරයෙන් රටට බරපතල අලාභයක් සිදුවන බවට මේ වනවිට චෝදන නැඟී තිබේ.


හිල්ටන්-වෝටර්ස් ඒජ්, මොබිටෙල් විකුණන්න පිටරටින් උපදෙස්

2017 ජුනි මස 18 පෙ.ව. 10:41

0     44

රජය සතු ආයතන තුනක් පෞද්ගලික අංශයට විකුණා දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් රජයට නිර්දේශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.


සෞදිය මාලදිවයිනේ හදන මෙගා නගරය ආසියාවේ ආර්ථිකය වෙනස් කරයිද ?

2017 ජුනි මස 18 පෙ.ව. 09:39

0     409

2013 නොවැම්බරයේ අබ්දුල්ලා යමීන් මාලදිවයිනේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු සෞදි අරාබිය සමඟ පැවති සබඳතා විශාල වශයෙන් වර්ධනය වූයේය. දෙරටේ දූත පිරිස් නිරතුරුවම එම රටවල සංචාරයේ යෙදුණ අතර ඒවා හුදු සුහදතාව මත කෙරුණු සංචාර නොවීය. ඒ සියල්ල ව්‍යාපාරික හා දේශපාලනික සංචාර විය. සෞදි රජයෙන් මෙම සංචාරවලට එක් වූයේ සෞදි රජ පවුලේ සාමාජිකයන්ය. ඔවුහු මාලදිවයිනේ සංචාරය කරමින් එ් රටේ විදේශ ආයෝජන හා ව්‍යාපෘති රැසක් ඇති කිරීමට ඇති අවස්ථාව පිළිබඳව සොයා බැලූහ.


29 වසරකට පෙර යාපනය මුදාගන්න ගිය හමුදා මෙහෙයුමේ අවසන් මොහොත

2017 ජුනි මස 18 පෙ.ව. 09:32

0     215

යාපනය නගරය එල්ටීටීඊයෙන් මුද‌ාගැනීමට සැලසුම් කළ ‘‘ලිබරේෂන්’’ ක්‍රියාන්විතය ”උපක‍්‍රමික” හේතූන් මුල් කොට ගෙන ‘‘වදමරච්චිය” වෙතට යොමු විය. එල්ටිටීඊයේ නායක ප‍්‍රභාකරන්ගේ උපන් ගම වූ ‘‘වෙල්වෙට්ටිතුරය” යන ග‍්‍රාමය ”වදමරච්චි කොටිඨාසයේ” පිහිටා තිබීම හා එල්ටීටීඊය ප‍්‍රබල ලෙස තම අණසක එම ප‍්‍රදේශයේ පවත්වාගැනීම යන හේතූන් හමුද‌ාව ‘‘වදමරච්චි” ප‍්‍රදේශය තෝරා ගැනීමට මුල් විය. එසේ සැලැසුම් කළ ‘‘ලිබරේෂන් මෙහෙයුම” පසුව ‘‘වදමරච්චි සංග‍්‍රාමය” (Vadamarachchi Campaign)


ජනපතිට හූනියම් කිරීම

2017 ජුනි මස 18 පෙ.ව. 09:27

0     161

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් තඹ කොළයක සටහන් කර එම තඹ කොළය කැබිතිගොල්ලෑව නගරාසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සුසාන භූමියේ තබා ජනාධිපතිවරයා ඇතුළු එම පිරිසට විණ කරන හූනියමක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදු කෙරෙන බව අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස් මහතා ප්‍රකාශ කළේය.


කොල්ලුපිටියේදී දුම්රියේ වැදී මියගිය අයියා-මලෝ

2017 ජුනි මස 18 පෙ.ව. 09:21

0     38

වසර තුනක කාලයක් සිංගප්පූරුවේ පාඨමාලාවක් හදාරා සැතපුම් දහස් ගණනක දුරක් ගෙවා මව්පියන් හා බාල සහෝදරයන් දෙදෙනා සමඟ කාලය ගතකිරීමේ අරමුණින් මෙරටට පැමිණි අනුරාධපුර පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණයෙක් මෙරටට පැමිණ හෝරා කීපයක් යන්නට මත්තෙන් දොළොස් හැවිරිදි සිය බාwල සහෝදරයා ද සමඟ කොල්ලුපිටියේදී දුම්රියකට බිලි වී මරුවා වැළඳ ගත් ශෝචනීය පුවතකින් පසුගිය සතිය ආරම්භයේදී රටම කම්පාවට පත්විය.


අන්තවාදී ආගම්වාදී ක්‍රියා මැඬලුවේ නැතිනම් රටේ යළිත් සිවිල් යුද්ධයක් ඇති විය හැකියි

2017 ජුනි මස 17 පෙ.ව. 10:57

0     67

ශ්‍රී ලංකාව යනු බහුජාතික හා බහුවාර්ගික රාජ්‍යයකි. එමෙන්ම මෙරටේ තිබෙන්​ෙන් නොදියුණු සමාජ ආර්ථික හා දේශපාලනික වාතාවරණයකි. ඊට එක් හේතුවක් වන්​ෙන් ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවැති රාජ්‍යයක් වීමයි. එම යුගයේ ඇතිකරන ලද විකෘතිකම්වල ප්‍රතිඵලයක් ලෙස අප රටේ ජාතික හා ආගමික ගැටලු ඇති වී තිබේ. බ්‍රිතාන්‍යය පාලකයන් ශ්‍රී ලංකාව පාලනය කළේ ජාතීන් භේද කිරීමේ ප්‍රතිපත්තිය භාවිත කරමිනි. එහිදී ඔවුන් නිතරම කළ දෙයක් නම් මහ ජාතිය (සිංහල) පීඩාවට පත්වෙන අයුරින් සුළු ජාතීන


තන්තිරිමලේ ආලෝක පූජාව විවෘත කරමින්....

2017 ජුනි මස 12 ප.ව. 01:23

0     96

සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පුදබිම විදුලි ආලෝකයෙන් ඒකාලෝකවත් කිරීම ඉකුත් 8 වැනිදා (පොසොන් පොහොය දින) පස්වරුවේදී සිදු කෙරිණ.


රාජ්‍ය ඇමැති ලක්ෂ්මන්ගේ කාමර ප්‍රශ්නය තවත් ඇදෙයි

2017 ජුනි මස 12 ප.ව. 01:21

0     348

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිය රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ බාර ගැනීම තවදුරටත් කල්ගොස් ඇතැයි වාර්තා වේ.


උතුරු පළාත් සභාවේ කටයුතු ගැන විශ්වාසයක් නෑ

2017 ජුනි මස 12 ප.ව. 01:20

0     201

උතුරු පළාත් සභාවට වැඩිපුර බලතල ඉල්ලීමට පෙර නිසිලෙස හා විධිමත් ලෙස පළාත් සභාවේ කටයුතු මෙහෙයවා ආදර්ශයක් දිය යුතුව ඇතැයි ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා උතුරේ මහඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. පළාත් සභාවේ ඇමැතිවරු දෙදෙනකුට දූෂණ චෝදනා එල්ලවී තිබිය දී උතුරු පළාත් සභාවේ කටයුතු පිළිබඳව විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවද ඇමැතිවරයා දන්වා යවා ඇත.


ඛනිජ තෙල් සංස්ථාවට පිට පාරෙන් 98ක් බඳවාගෙන

2017 ජුනි මස 12 ප.ව. 01:19

0     485

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පසුගිය වසරේදී අනුමත ක්‍රියාපටිපාටියෙන් තොරව 98 දෙනෙක් බඳවාගෙන ඇති බව ‘ඉරිදා ලංකාදීප’යට වාර්තා වේ.


ගංවතුර හානි ගැන තක්සේරු වාර්තාව ලබන සතියේ

2017 ජුනි මස 12 ප.ව. 01:16

0     71

ගංවතුර ව්‍යසනයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 92ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර ග්‍රාම සේවා වසම් 5700කට බලපෑම් එල්ලවී තිබේ. පෞද්ගලික හා රජයේ සේවකයන් පිළිබඳ පූර්ණ සමීක්‍ෂණයක් සිදුකරන බවත් රජයක් වශයෙන් ඔවුනට අවශ්‍ය සියලු දේ ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.


පාක්‍ෂිකයන්ට සලකන්න බෑ එජාප පසුපෙළ කලකිරිලා

2017 ජුනි මස 12 ප.ව. 01:15

0     97

එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලු විසඳීම සඳහා ඔවුන් හමුවී සාකච්ඡා කරන ලෙස ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් පක්‍ෂ බලවතුන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.


විෂයයන් පැවරූ ගැසට්ටුව නැතිව අමාත්‍යංශ රැසක් අඩපණයි

2017 ජුනි මස 12 ප.ව. 01:14

0     20

කැබිනට් සංශෝධනය සිදු කර මේ වන විට සති තුනක පමණ කාලයක් ගතවී ඇතත්, අමාත්‍යාංශවලට පැවරෙන විෂයයන් ඇතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නොකිරීමෙන් එම අමාත්‍යාංශවල ගැටලු රැසක් පැන නැගී ඇතැයි වාර්තා වේ.


අමාත්‍යංශ කාර්යාලය පක්‍ෂ වැඩට යොදාගෙන

2017 ජුනි මස 12 ප.ව. 01:13

0     27

රජයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයකු අමාත්‍යාංශ කාර්යාලය දේශපාලන කටයුතු සඳහා යොදවාගෙන තිබීම නිසා අමාත්‍යාංශ කටයුතු අඩාළ වී ඇති බව ‘ඉරිදා ලංකාදීප’යට වාර්තා වේ.


ත්‍රස්තවාදියාට ලක්‍ෂ 20යි ගංවතුර මරණයකට ලක්‍ෂයයි

2017 ජුනි මස 05 ප.ව. 12:57

0     443

පලාගිය ත්‍රස්තවාදියකුට වෙඩි තැබීමෙන් මියයාම නිසා, ඔහුට වන්දි වශයෙන් ලක්‍ෂ 20ක මුදලක් ගෙවන ලෙසට අධිකරණයෙන් දෙන ලද තීන්දුවට අනුව මිය ගිය පුද්ගලයකුගේ ජීවිතයක වටිනාකම ලක්‍ෂ 20ක් ලෙසට නියම වී ඇති හෙයින් ගංවතුරින් හා නායයාම්වලින් මියගිය අයට අඩු වශයෙන් රුපියල් ලක්‍ෂ 10 බැගින්වත් ගෙවිය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂය රජයෙන් ඉල්ලීමක් කරයි.


ඇමැති දෙන්නාගේ රණ්ඩුව එජාපයටත් අවුලක්

2017 ජුනි මස 05 ප.ව. 12:56

0     1124

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු අතර පවත්නා ආරවුල මේ වනවිට පක්ෂයේ ඒකාග්‍රතාවයට බරපතළ හානියක් වී ඇති බව වාර්තා වේ. මෙම ඇමැතිවරුන් දෙදෙනා අතර කලක් තිස්සේ පැවැති ආරවුල ඇමැති සංශෝධනයෙන් පසු එළිපිට පහර ගසා ගන්නා තත්ත්වයට පත්වී ඇත.


ජනපති ඇමැතින්ගේ කටට තිරිංග දමයි

2017 ජුනි මස 05 ප.ව. 12:52

0     751

රාජ්‍ය නිලධාරීන්ගේ හා හමුදා සාමාජිකයන්ගේ ක්‍රියාකලාපය මාධ්‍ය ඉදිරියේ විවේචනය නොකරන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරුන්ට දැනුම් දී ඇත.


බස්නාහිර ගංවතුරකට චම්පික සූදානම් වෙයි

2017 ජුනි මස 05 ප.ව. 12:49

0     433

බස්නාහිර පළාත තුළ ඉදිරියේදී ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ආරක්ෂිත ස්ථාන ගණනක් හඳුනාගෙන ඇතැයි මහනගර සහ බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.


දේශපාලන බලධාරියාගේ ඉල්ලීමක් බැංකු ලොක්කා ඉවත දමයි

2017 ජුනි මස 05 ප.ව. 12:39

0     456

පෞද්ගලික මූල්‍ය සමාගමක් කඩාවැටීම වළක්වා ගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගමට රුපියල් කෝටි 100ක ණය මුදලක් ලබාදෙන්නැයි ඉහළ පෙළේ දේශපාලනඥයකු රජයේ ප්‍රධාන පෙළේ බැංකුවකට කළ නියෝගයක් එම බැංකුවේ ප්‍රධානින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ.


සහල් ටොන් ලක්ෂ 3ක් පිටරටින් ගෙන්වයි

2017 ජුනි මස 05 ප.ව. 12:38

0     92

තවත් සහල් මෙටි්‍රක් ටෝන් ලක්ෂ 3 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.


දූෂණය නැති කරන්න ගියාම තමයි මට මෙහෙම වුණේ

2017 ජුනි මස 04 ප.ව. 03:22

0     39

රටම ස්වභාවික විපතකට ගොදුරු විය. ඊට පෙර කැබිනට් සංශෝධනයක්ද විය. මේ ඒ සියලු කාරණා සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි.


ගංවතුරට කොටුවී ආධාර ඉල්ලූ පිරිසක් දැක පහත් කරද්දියි යානය අනතුරට පත්වුණේ

2017 ජුනි මස 04 ප.ව. 03:17

0     79

ගංවතුර උවදුරට ලක් වූ ජනතාවට සහන සැලැස්වීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය රාජ්‍ය, ආයතන මෙන්ම, විවිධ වූ සංවිධාන ආයතන පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියහ. ඒ අපගේ අහිංසක ජනතාවට වැසි වතුර ගංවතුර උවදුරෙන් සිදුවූ විපතට අපට සිදුකළ හැකි යම් උපකාරයක්, සහනයක් සිදුකරන උතුම් සාධු සම්මත වූ කතාන්දරය නිසාය.


ගංවතුරෙන් වාසි ගන්න ආ උතුමෝ

2017 ජුනි මස 04 ප.ව. 02:28

0     57

ගංවතුරෙන් අනාථ වූවන්ට ආධාර බෙදා දීමේදී දේශපාලනය ගාවා නොගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා තරයේ උපදෙස් දී තිබියදී දකුණේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයෙක් තමන්ගේ ඡන්ද දායකයන් බහුලව සිටින ප්‍රදේශයකට පමණක් ආධාර ලබාදීම නිසා අවට ගම්වාසීන්ගේ හූ හඬ මැද ඉවත්ව ගොස් ඇති බව වාර්තාවේ.