IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


27 වැනිදා අලුයම 5 ට සීගිරිය විවෘත කරයි

(කාංචන කුමාර ආරියදාස)
 
 
ලෝක සංචාරක දිනය නිමිතිකර ගෙන මේ මස 27 වන දින සීගිරිය නැරඹීම සඳහා අලුයම 5 ට  සංචාරකයන්ට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය  කර  තිබේ .
 
බොහෝ සංචාරකයන් අලුයම් කාලයේ   පිදුරංගල ගල ට නැග ඉරපායන දසුන නරඹන බවත් ඊට සමගාමීව සීගිරි පව්ව මත හිඳ ඉර පායන දසුන් නැරඹීම සඳහා සංචාරකයන්ට මෙදින  අවස්ථාව  ලබා දීම මෙහි අරමුණ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරියේ ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
 
සාමාන්‍ය පරිදි සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබන්නේ උදෑසන හතේ සිට පස්වරු 5.00 දක්වා කාලසීමාව තුළදීය . ලෝක සංචාරක දිනය දා දෙස් විදෙස් සංචාරකයන්ට අලුයම  5  සිට සීගිරි පව්ව මතට නැඟීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
 
ලෝක සංචාරක දිනය සැමරීම සඳහා සීගිරිය අවට සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ද මෙදිනට සංවිධානය කොට තිබේ . ඊට අමතරව ‍  දිළිඳු පවුලකට නිවාසයක් ඉදි කර එය පරිත්‍යාග කිරීම ද සීගිරිය පොලිසිය මධ්‍යම සංස්කෘතික අරමුදල සහ රාජ්‍ය ආයතන කීපයක් එක්ව සිදු කිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.



අදහස් (0)

27 වැනිදා අලුයම 5 ට සීගිරිය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 154 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 866 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2270 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1577 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 914 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2157 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site