IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


2019 ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාව 126වැනි ස්ථානයට

(හර්ෂණ තුෂාර සිල්වා)
 
දේශසීමා විරහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානය වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ නවතම දර්ශකයට අනුව, පසුගිය වසරට වඩා ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් ව සිටී. 
 
ඒ අනුව මෙවර එම දර්ශකයේ 126 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් ව ඇත. 
 
ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ 2017 වාර්තාවේදී 141 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2018 වසරේ  දී 131 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය. 
 
ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ අදර්ශකය සැකසීමේදී රටවල් 180ක දත්ත සලකා බැලේ.
 
ඒ අනුව නෝර්වේ රාජ්‍යය මෙම දර්ශකයේ පළමු තැනටත්, ෆින්ලන්තය දෙවැනි ස්ථානයටත් ස්වීඩනය තෙවැනි තැනටත් පත්ව ඇත. නෙදර්ලන්තය සිවුවැනි ස්ථානයට පත්ව ඇති අතර ඩෙන්මාර්කය පස්වැනි තැනට පත්ව සිටී. ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ජැමෙයිකාව, බෙල්ජියම සහ කොස්ටරිකා රාජ්‍ය පිළිවෙළින් හයවැනි ස්ථානය සිට දසවැනි ස්ථානය ලබාගෙන සිටී.
 
අසල්වැසි ඉන්දියාව මෙම දර්ශකයේ 140 වැනි ස්ථානයට පත්ව සිටින අතර, පාකිස්තානය 142 වැනි ස්ථානයටත්, මාලදිවයින 98 වැනි ස්ථානයටත්, භූතානය 80 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය 150 වැනි ස්ථානයටත් පත්ව ඇත. ඇෆ්ගනිස්තානය මෙම දර්ශකයේ 121 වැනි ස්ථානය ලබාගැනීම ද විශේෂත්වයකි. 
 
එක්සත් රාජධානය මෙම දර්ශකයේ 33 වැනි ස්ථානය දිනාගෙන තිබෙන ඇමෙරිකාවට හිමිව ඇත්තේ 48 වැනි ස්ථානයයි. චීනය 177 වැනි ස්ථානයට පත්ව ඇත. උතුරු කොරියාව 179 වැනි ස්ථානයට පත්ව සිටී. මෙම දර්ශකයේ අවසන් ස්ථානය හිමිව ඇත්තේ ටර්ක්මෙනිස්තානයටයි. 
 
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ 2005-2015 දක්වා කාලයේදී මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි මාසයේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ප්‍රකාශ කළේ යැයි දේශසීමා විරහිත මාධ්‍යවේදීන්ගේ නවතම වාර්තාවේ දක්වා ඇත. 
 
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතියක් පෙන්නුම් කළත් අනෙකුත් සිදුවීම්වලට සම්බන්ධ වැරැදිකරුවන් කිසිවකුටත් දඬුවම් කර නැතැයි ද එම සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ විස්තරයේ දක්වා ඇත. 
 
සංවේදී සිදුවීම් වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් තවදුරටත් පළිගැනීම්වලට බියෙන් කටයුතු කළ යුතු නැතැයි ආණ්ඩුව ප්‍රකාශ කළ ද සත්‍ය තත්ත්වය ඊට වෙනස් යැයි ද එම සංවිධානය සිය වාර්තාවේ දක්වා තිබේ. 
 
මාධ්‍යවේදීන් බියගැන්වීම්, තර්ජනය කිරීම, ආරක්ෂක අංශ මාධ්‍යවේදීන්ට ඇතැම් ස්ථානවලට ගමන් කිරීමට නොදීම, මාධ්‍යවේදීන් ප්‍රතික්ෂේප කිරීම, විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර සිටින මාධ්‍යවේදීන් හිරිහැරවලට ලක්වීම සහ දෙමළ මාධ්‍යවේදීන් පොලිසියේ සහ හමුදාවේ ඉලක්ක බවට පත්වීමේ සිදුවීම් රැසක් පසුගිය වසරේදී ද වාර්තා වී ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ. 
 
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් පසු ද මාධ්‍ය නිදහස උල්ලංඝනය කරන ලද අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇතැයි ද එම සංවිධාන වාර්තාවේ සඳහන් වේ. 

 



අදහස් (9)

2019 ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාව 126වැනි ස්ථානයට

liyanage Friday, 19 April 2019 12:30 PM

2019 ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාව 126වැනි ස්ථානයෙන් පළමු රටවල් 50 අතරට පැමිණිමට නම් වර්තමාන රජය කළයුත්තේ පසුගිය රජය මගින් කරන ලද මාධ්‍යවේදීන් ඝාතනයන්, පැහැරගැනීම්, පහරදීම් සහ මාධ්‍ය ආයතනවලට කරන ලද විනාශයන් පිළිබද නීතිය ක්‍රියාත්මක වීමේ ගොලුබෙලි ගමන විධිමත් කිරීමෙන් වෙන්නට පුළුවනි.

:       714       679

SilvaSaturday, 20 April 2019 08:56 AM

ලියනගේ සිරිකොතේ ඉඳුල් හොදන්නවට කීයක් හම්බ වෙනවද? ඔයාට මතක් වුනේ නැද්ද? 88/89 දී මාධ්‍යවේදීන් ඝාතනය කරපු ඒවා. රිචඩ් පතිරණව ඝාතනය කරපු එක... ඩෙන්සිල් කොබ්බෑකඩුව මැරෙනකන් හෙලිකොප්ටරය බිමට බස්සවන්න නොදුන්නු එක... මහ බැංකු මකොල්ලය වහ ගන්න අපෙන් 14% බදු ගහන එක. කොහොමත් ඔයා වගේ ලක්ෂ 62 අයට ඕවා පේන්නේ නැහැ තමයි. සමනල් වසන්තයක්නේ ප්‍රර්ථනා කරන්නේ...

:       590       624

liyanageSaturday, 20 April 2019 01:21 PM

දැනට දශක කිහිපයකට පෙර සිදුවූ සියල්ලක්ම සිල්වා නම් ගම් වශයෙන් සියල්ල ඇසින් දුටුවකු සේ සඳහන් කර තිබේ. ඔබ ලියන ලද සියලුදේ සත්‍යනම් පොලිසියට පැමිණිල්ලක් කරන්න. මෙතෙක් ඔබ පැමිණිලි නොකරන ලද්දේ එදා පොලිසිය සහ අධිකරණය ස්වාධීන නොවන නිසා වන්නට පුළුවනි. නමුත් වර්තමාන රජය යටතේ මේ සියලු ආයතන ස්වාධීන නිසා ඔබට පැමිණිල්ලක් කර සත්‍ය අසත්‍ය සොයාබැලීමට හැකියාව තිබේ.

:       26       523

PerakumSaturday, 20 April 2019 01:39 PM

කිව්වත් වගේ ඔය කියන ලක්ෂ 62ට මේවා වටහාදෙන්න ටිකක් අමාරු තමයි. ඒ වුනත් ළඟදීම තේරුම් ගන්න සිද්ධ වෙනවා.

:       19       34

silvaSaturday, 20 April 2019 02:04 PM

හරි, එතකොට තමුන් දන්නවා නම් ඔය කියන අය මැරුවේ මෙන්න මේ අය කියලා.. ඒ කාලේ ඉඳන් අද වෙනකන් නිකං හිටියේ තමුනුත් ඒවාට සම්බන්ධද? මාධ්‍ය නිදහස ගැන කතා කරන කොට නීල කාස හොරුන්ට තදවෙන්නේ ඇයි? ඔබ ඔය කියනා ඊනියා බැංකු කොල්ලය 2009 සිටම කරගෙන ආපු එකක් බවත් අදාල සමාගම ඒ කාලේ ඕක කරද්දි කට වහගෙන හිටියෙත් කාට බයේද කියලත් කියමුකෝ නේද?

:       44       27

NissankaSaturday, 20 April 2019 06:38 PM

රිචඩ් පතිරණ ඇමතිතුමාව කවුරුත් ඝාතනය කලේ නැහැ සිල්වා. අතේ පැලවෙන බොරු කියන්න එපා.

:       14       0

RangeMonday, 22 April 2019 10:14 AM

සිල්වා මහත්තයා හරියටම හරි...

:       0       24

සනත් Friday, 19 April 2019 05:20 PM

දැන් රටේ පාලනයෙන් බාගයක් විතර කරන්නේ මාධ්‍යයන්ට වුවමනා විදියට කියල තමයි මට නම් හිතෙන්නේ. රටේ පාලනය සම්පූර්ණයෙන්ම ජනමාධ්‍යට බාර දුන්නොත් අපිට පළමුවන තැන ලැබෙයි.

:       25       178

NissankaSaturday, 20 April 2019 11:46 AM

මාධ්‍යය තවමත් අනියමින් පාලනය කරන්නේ පහුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රබලයින්ට වුවමනා විදිහට. මේ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් කිසිම පාලනයක් නැහැ. මේ ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳලා දැම්මෙත් පොහොට්ටුව පුම්බලා උඩට ගත්තෙත් මාධ්‍යයයි.

:       1       234

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 950 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 411 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 384 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 254 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 441 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 446 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site