IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


20 වැනි සියවසට ගැළපෙන නව අධ්‍යාපනයක් ඕනා

(අංජුල මහීක වීරරත්න)

21 වැනි ශතවර්ශයේ අභියෝග වලට මුහුණදීමට 20 වන ශත වර්ශයේ අධ්‍යාපනයට හැකියාවක් නැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කුරුණෑගලදී පැවැසීය.
 
ඒ සඳහා විසිඑක්වන සියවසට ඔබින නවීන අධ්‍යාපනයක් හඳුන්වා දිය යුතුව ඇතැයිද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූවේ කුරුණෑගල විශ්වෝදා ජාතික පාසල විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.
 
අධ්‍යාපන අමාතයාංශයේ ළඟම පාසැල හොඳම පාසල  වැඩසටහන යටතේ රුපියල් මිලියන දහසක වියදමකින්  නවීන පහසුකම් සහිතව මෙම ජාතික පාසැල ඉදිකර තිබේ.
 
හය ශ්‍රේණියේ සිට ඉහළට පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ  නවීන භාෂා ඇතුලූ විෂය මාළා නවීන තාක්ෂණික ක‍්‍රමවේද උපයෝගී කරගනිමින් ඉගැන්වීම  විශේෂත්වයක් වෙයි.
 
ඩිජිටල් පුවරු උපයෝගී කරගනිමින් සිසු සිසුවියනට ඉගැන්විම් කරන අයුරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුක මැති ඇමතිවරුන්ගේ නිරික්ෂණයට ලක්වූ අවස්ථාව සහ විශ්වෝදා විදුහල ඡායාරූපවල දැක්වේ.
 
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අභ්‍යන්තර කටයුතු ස්වදෙශ කටයුතු, පලාත් සභා සහ පළාත් පාළන රාජය අමාත්‍ය ජේසි. අලවතුවල, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බන්ඩාර, වයඹ පලාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න යන මහත්වරුද එම අවසතාවට සහභාගී වූහ.
 
ඡායාරූප : ශාන්ත රත්නායක 


 



අදහස් (14)

20 වැනි සියවසට ගැළපෙන නව අධ්‍යාපනයක් ඕනා

sirimal Wednesday, 13 February 2019 02:36 PM

විසිවෙනි සියවසට බැරිනම් ගල් යුගයට හරි ගැලපෙන අධ්‍යාපනයක් ඔය දියවන්නාවේ ඉන්න කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති කට්ටියට ලබාදුන්නොත් නරකද මහත්තයෝ?

:       1       372

Raveendra Wednesday, 13 February 2019 03:40 PM

නිල් ගොයියොත් පෝලිමටම විවෘත කරයි.. කොළ ගොයියොත් හැමදාමත් විවෘත කරයි.. රතු ගොයියොත් පුපුර පුපුර වටේ දුවයි... අනේ ඉතින් ලක්දෙරණට දෙවි පිහිටයි...

:       71       451

chandima Wednesday, 13 February 2019 05:55 PM

ඔය පුවරු හරහාවත් ලංකාවේ සිටින හොඳම ගුරුවරුන්ගේ දේශනා ගම්බද පාසල්වලට ලැබෙනවා නම් කොළඹට කිරි ලැබෙනකොට ගම්බද පාසල්වල අපේ දරුවන්ටත් කිරි ලැබෙනවා. තවදුරටත් කැකිරි කන්න වෙන්නේ නැහැ. ඒ වගේම නිවාඩු දවස්වල කොල්ලෝ කෙල්ලෝ දඩාවතේ යන්නට පුරුදුකරන ටියුෂන් කඩ වැහිලා යාවි. රටපුරාම එකම ප්‍රමිතියකින් ඉහල මට්ටමේ සමාන අධ්‍යාපනයකට පාර ඇරෙනවා. එ් පාර නම් අර දුරබලන චීනක්කණ්ණාඩිය හරි පැත්තට අල්ලලා පාරබලන බව පෙනෙනවා. ඉතාම හොඳ වැඩක්... නමුත් නියමු ව්‍යාපෘතියක් ලෙස සෝදා බෝතලේ කැඩුවා වගේ සද්දේ දාලා නවත්තන්නේ නැතුව රට පුරාම ව්‍යාප්ත කරනවා නම් රටපුරා සෑම පාසලක්ම සුපිරි පාසල් කරන්නට පුළුවනි.

:       0       0

Bandara Thursday, 14 February 2019 12:25 AM

රනිල්ව දකිද්දී මටත් නිදිමත ගතියක් දැනෙනවා. ඒක කියාගන්න බැරි මාර ගැම්මක්.

:       0       32

BamunuarachchiThursday, 14 February 2019 09:58 AM

මගේ නම් ප්‍රෙෂර් නගිනවා එන කේන්තියට.

:       0       17

sensa Thursday, 14 February 2019 02:30 AM

ලොකුවට ගන්න විවෘත කිරීම් වාගේ වැඩකට නැති මුදල් නාස්තිකරන උත්සව වලට මහජන මුදල් කොච්චර නාස්ති වෙනවාද? හොද දෙයක් කළොත් ඒ ගැන මින්ස්සු ගැන හැමෝම කථා කරාවි. මහජන මුදල් තමාගේ බූදලේ වගේ නාස්තිකාර වැඩ වලට මහජනයා කැමති නෑ. අනික තාමත් ජනතාව අන්දන්න පුලුවන් කියලා හිතන එක මුලාවක්. රටට අවශ්‍ය දේ ඉටු කරලා කඩිනම් සංවර්ධනය මහජන අපේක්ෂාවයි.

:       19       37

සංජීව Thursday, 14 February 2019 04:54 AM

ලෝකේ හොදම අද්‍යාපන ක්‍රමය තිබෙන්නේ පින්ලන්තයේ. ළමයින් තරඟ කාරී අධ්‍යපනයට වඩා ප්‍රායෝගික ක්‍රම වලට හුරු කරනවා. අපේ රටට ඕනෙත් ඒ වගේ ක්‍රමයක්. එතොකොට ලගම පාසැල හොදම පාසැල තමා.

:       0       10

Anjula Thursday, 14 February 2019 05:17 AM

මහ බැංකුව කාබාසිනියා කරා වගේ ළමයින්ව උගතුන් කරන එකත් නැත්තටම නැති කරලා දායි වගේ මෙයා.

:       1       42

kap Thursday, 14 February 2019 06:25 AM

සිරිමල්, ඔයා එහෙම කිව්වට, ඔය කියනවා වගේ අධ්‍යාපන මට්ටමක් තියෙන අය, පාර්ලිමේන්තුවට පත් කරන්නෙ උගත් ඔයා වගේම අය නේද? ඒකට මෙතුමට බැනලා වෑඩක් නෑ. තමන්ටම බෑන ගන්න.

:       12       2

ටි ඉන්දික Friday, 15 February 2019 06:12 AM

අධ්‍යාපනයට නව මාවත් එකතු කරන විට ඒකත් දුෂ්ටව දකින පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ,

:       24       0

AnjulaFriday, 15 February 2019 12:16 PM

ඉන්දික කියන්නේ රනිල් මහ බැංකුවට නව මාවතක් එකතු කරලා මහ බැංකුව වැනසුවා වගේ අධ්‍යාපනේටත් නව මාවතක් එකතු කරලා.. ඒක වනසනකන් බලන් ඉන්න කියලද?

:       0       0

BamunuarachchiSunday, 17 February 2019 01:44 PM

නව මාවත් ගැන විශ්වාසය තබන්නේ කොහොමද? ගණිත විෂයත් ඉවත් කරන්න යෝජනා කළ අධ්‍යාපන ඇමැතිලා ඉන්න රටක. මොවුන්ට මේ රටේ අධ්‍යාපන නව මාවත් සොයන්න බැරිය. අපි බ්‍රිතාන්‍ය ක්‍රමය කොපි කරමු. එවිට ලෝකය පිළිගන්නා බ්‍රිතාන්‍ය උපාධි සඳහා ඉල්ලුම් කිරීමට පහසු වේ...

:       0       0

Bamunuarachchi Sunday, 17 February 2019 01:32 PM

අතින් වහගෙන ලියන්නේ... අපි කොපිකරයි කියලා හිතලා වෙන්න ඇති.

:       0       0

Bamunuarachchi Sunday, 17 February 2019 01:37 PM

ඔව්, ඔව් අර ඇමතියෙක් කීවා වගේ ගණිත විෂය වගේ බොහෝදෙනාට අමාරු විෂයන් විෂය ධාරාවෙන් ඉවත් කරමු. ඒ වෙනුවට විරිදු පැල්කවි විෂයන් හැටියට එකතු කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 49 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 230 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 326 3

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 323 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1571 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 647 1

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site