IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


'ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව යනවා නම් රනිල්ට එරෙහිවත් උසාවි යනවා’

(එෆ්.අස්ලම්)

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වනසමින් ඒකාධිපතිත්වය කරා ගෙනයාමේ උත්සහාය පරාජය කිරීමේ ගෞරවය හා ආඩම්බරය දෙමළ ජාතික සන්ධානයට තිබෙන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

රනිල් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය අධිකරණය හමුවට ගිය බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදට එරෙහි ක්‍රියාදාමයකට රනිල් වික්‍රමසිංහ ද පැමිණෙන්නේ නම් ඔහුට එරෙහිවද දෙමළ සන්ධානය අධිකරණය හමුවට යන බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ජෝෂප් පරරාජසිංහම් මහතාගේ 13වැනි ගුණ අනුස්මරණ උත්සවය මඩකලපුව ඇමරිකා මිෂන් ශාලාවේදී   පැවති අතර එම උත්සවයේ අදහස් පලකරමින් සුමන්තිරන් මහතා එසේ කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.

‘‘සපා කන බල්ලව අල්ලල ගැට ගහල තියන්න ඕන.ඒ වගකීම අපි කළා.අපි ගනුදෙනු කතා කරන කොට අපි එක්ක ගනුදෙනු කතා කරපු උදවියම ගැටහසා සිටි සපන බල්ලව ලිහා දැම්මා. එනිසා ඒ සපා කන බල්ලව ගැට ගහල තියන්න අපට උවමනා වුනා.ඒ දෙය අප   සිදුකළා.

දකුනේ ජනතාවට දෙමළ ජාතික සන්ධානය කෙරෙහි ඇති ගෞරවය වැඩිවෙලා තියෙනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඔවුන් එක්ක කතා කරන කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔවුන් අතරට ගෙන යනකොට  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවශ්‍යතාව ඒ ජනතාවටත් අවබෝධ වී තිබෙන බව පෙනී යනවා.

ජේ.ආර්.ජයවර්ධන   ගෙන ආ පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයට 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තවත් බලතල වැඩිකරගනු ලැබුවා. එදා ඒ සංශෝධනය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පියසේනත්   සහාය දුන්නා.

මේ රටේ ඒකාධිපති පාලනයක් ඇති කරල ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දමමින් මහින්ද රාජපක්ෂ කටයුතු කළා.රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් දකුණේ ප්‍රගතශීලී දේශපාලන බලවේග ඊට එරෙහිව නැගී සිටියා.ඒ ගමනට දෙමළ ජාතික සන්ධානය විදිහට අපත් එක්වුනා

ඒ කාලයේම ජනාධිපතිවරණයක් කැඳවූවා.ඒ මැතිවරණයට පොදු අපේක්ෂකයෙක් ගේන්න අපට උවමනා වුනා. ඒ පොදු අපේක්ෂකකමට  ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අයෙකු යොදවල ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඡන්ද කඩල මහින්ද රාජපක්ෂව පරාජය කිරීමේ අරමුණින් කටයුතු කරන්නට සිදුවුනා.

එලෙස පොදු අපේක්ෂකයා වශයෙන් අප තෝරගත් ශ්‍රීලනිප මහ ලේකම්ව සිටි මෛත්‍රිපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ආව පළමු රැස්දීමේදීම පොරොන්දු තුනක් ලබා දුන්නා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කර කොට්ඨාසයට වගකියන්න පුළුවන් නියෝජිතයින් පත්කරන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක් හදුන්වාදීම සහ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම එම පොරොන්දු තුනයි.

දෙමළ ජනතාව යුද හමුදාපතිවරයාව සිටි සරත් පොන්සේකාට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දුන්නා. ඒ වගේම 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය ලබා දුන්නා. ඒ ඔවුන් දෙදෙනා කෙරෙහි ආදරය හා විශ්වාසය නිසයි. මහින්ද රාජපක්ෂ පරාජයට පත්කිරීම සඳහා ජනතාව එලෙස ඡන්දය ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය  ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා සමගද සදහන් කලා. දෙමළ ජනතාව ඔබට ඡන්දය දුන්නේ ඔහුව එලවන්න මිසක් ඔහුව නැවතත් බලයට ගෙන එන්න නෙවෙයි කියල ජනාධිපතිවරයාට කියා සිටියා.ඔහුව නැවතත් බලයට ගෙන ඒම දෙමළ ජනතාව කිසි විටක පිළිගන්නෙ නැති බව පෙන්වල දුන්නා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව මැතිවරණ ක්‍රමයක් ගෙන ඒම, දෙමළ ජනතාවට  දේශපාලන විසඳුමක් ගෙන ඒම යන අරමුණු ඇතිව  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන්න හැදුවා.

2016 වසරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද ජනාධිපතිවරයා විවිධ අදහස් පලකර සිටියා.ඒ වසරේදීම නව ව්‍යවස්ථාවක්  ගෙන ඒමේ කටයුතු ඉදිරියට කරගෙන යාම වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත්කරල අතුරු වාර්තාවක් සකස් කර ඉදිරිපත් වූ අවස්තාවේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය බාධක් රැසක් එල්ල කලා.මෙම උත්සහායට ශ්‍රීලංකා නිදහස් පක්ෂය විරුද්ධ වෙන්න හේතුව 2017 වසරේ සැප්තැම්බර් 23වනදා  හෙලිවුනා.දීර්ඝ කාලයකට පසුවයි ඒ බව ප්‍රකාශ වුනේ.

 

ඒ අවස්ථාවේදී අපි ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට එරෙහිව ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් එල්ල වන බාධාවන් ගැන ජනාධිපතිවරයාට එහිදී පෙන්වල දුන්නා.එහෙම වෙන්නෙ නැහැ මම කොහොමහරි නව ව්‍යවස්ථාවක් ගෙන එනව කියල එහිදී ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබා දුන්නා.එවන් බාධක තත්වයක් මැද මේ වසරේ නොවැම්බර් හත් වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් සකස් කළ නව ව්‍යවස්ථාව  ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.ඊට දින කිහිපයකට කලින් තමයි මේ රටේ ආණ්ඩු වෙනසක් සිදුවුනේ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමේ උත්සහාය වැළක්වීමේ අරමුණින් රටේ ආණ්ඩු වෙනසක් සිදුකළ බව පවසනවා.එම ව්‍යවස්ථාව නිසා රට දෙකඩ වෙනව කියල කියනවා.‍රටේ දේශපාලන වශයෙන් සිදුවුන වෙනසට මෙයද එක් හේතුවක් වූ බව අප අමතක කරන්න නරකයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සදහා ජනධිපතිවරයාට තිබෙන බලය බල රහිත කර තිබෙනවා.ඒ සදහා බලයක් දන් ජනාධිපතිවරයාට නැහැ.මහ මැතිවරණයකින් පසුව අගමැතිවරයකු පත්කර ගැනීමේ බලය ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා.බහුතරය ඇති පාර්ශ්වයක අයෙකු එම ධූරය සදහා පත් කරන්න පුළුවන්.

ඒ අනුව බහුතරය පෙන්වීම  සඳහා අල්ලස් දීල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පක්ෂයට එක්කරගෙන තමන්ට නැති බහුතරයක් පෙන්වීමේ උත්සහායන් සිදුවුනා.අමාත්‍යධූර අල්ලස් වශයෙන් ලබා දුන්න කියන එක සැවම දන්නා රහසක්.ඒ අල්ලසට අපේ ව්‍යාලේන්ද්‍රන් ද හසුවුනා.අල්ලස් දීල මන්ත්‍රීවරුන් කඩා ගැනීමේ උත්සහායන් සිදුවුනා.ජනාධිපතිවරයාද පසු කාලයේ ඒ බව සදහන් කළා.දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සමග මේ ගණුදෙනු කතා කළා.ඒත් දෙමළ ජාතික සන්ධානය මේ ඩීල් වලට එකග කරගන්න බැරි වුනා. එක්කෙනෙක් විතරක්   එකතු වුනා.එවන් තත්වයක් මැද පාර්ලිමේන්තු බහුතරය මුදලට ගන්න ගත්ත උත්සහායද ව්‍යර්ථ වුනා. ඒ ආකාරයෙන් හෝ බහුතරය පෙන්වීමට නොහැකි වීම නිසා තමයි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ.

එයද ජනාධිපතිවරයාට නොමැති බලයක් උපයෝගී කරගනිමින් විසුරුවා හරිනු ලැබුවා.ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වසරකින් විසුරුවා හැරීමට ඇති බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහිමි වී තිබෙනවා.ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතර හමරකින් පසුවයි.

රටේ දේශපලන් අර්බුධකාරී  තත්වය මතුවූ කාලයේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළත් කිසිම විසදුමක් නොලැබුන නිසා ජනපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව අපි අධිකරණය හමුවට ගියා.රට නැවතත් ඒකාධිපතිත්වයට ගෙන යාමේ  උත්සහාය වළක්වාලීමේ ගෞරවය ආර්.සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයට හිමිවනවා.අධිකරණයෙන් සාධරණයක් ඉටු නොවනු ඇති කියල සමහරුන් අදහස් දක්වා සිටියා.විනිසුරුවරුන් අපක්ෂපාතීව කටයුතු කරයිද කියන සැකය බොහෝ දෙනා අතර පැවතියා.ස්වාධීන කොමිෂමක් ස්ථාපිත කිරීමෙන් හා අධිකරණය ස්වාධීනව කටයුතු සිදුවීමෙන් අපක්ෂපාතී තීන්දුව ලබා දුන්නා.

මෙම පෙත්සම් විභාගයට විනිසුරු මඩුල්ල වැඩිකරන්න කියල මහින්ද පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර තිබුනා.තම පාලන කාලයේ සිටි විනිසුරුවරුන් යොදවන්නේ නම් යම් වෙනසක් සිදුවෙයි කියල විශ්වාස කරල විනිසුරු මඩුල්ල හතක් දක්වා වැඩිකර ගත්තා.නමුත් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය වැරදියි නීතියට පටහැනියි  කියල අධිකරණය විසින් තීන්දු කළා.

මේ නීතිමය ක්‍රියාමාර්ගයන් පතා අප අවතීර්ණ වීමේදී බොහෝ තැන්වල දෙමළ ජාතික සන්ධානය ගැන කතා කළා.රනිල් වෙනුවෙන් ටී.එන්.ඒ උසාවි ගියා කියල චෝදනා කලා.අපි රනිල් වෙනුවෙන් එහෙම උසාවි ගියේ නැහැ.රනිල් වික්‍රමසිංහ වුනත් ව්‍යවස්ථාවට විරුද්ධව එහෙම ක්‍රියාමාර්ගයක් ගත්ත නම් අපි ඔහුට විරුද්ධවත් අපි උසාවි යනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිවන විනාශ වන බලපෑම් එල්ල වන අවස්තාවකදී එම උත්සහායන් වැළක්වීමේ වගකීමක් යුතුකමක් අප හැමෝටම තියෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී යාමෙන් ඉන් අගතියට පත්වන මුල්ම ජන කොට්ඨාසය දෙමළ ජනතාවයි.මේ රටේ අපි ජීවත් වෙන්න ඕන.අපට එක්සත් ලංකාවක් තුළ අපිට අපිවම පාලනය කරගන්න පුළුවන් දේශපාලන විසදුමක් අවශ්‍යයි.අපි කිසි විටක වෙනම රාජ්‍යක් ඉල්ලන්නෙ නැහැ.



අදහස් (0)

'ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව යනවා නම් රනිල්ට එරෙහිවත් උසාවි යනවා’

ඔබේ අදහස් එවන්න

දියත

චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 36 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 85 0

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 215 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1334 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 565 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 304 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 271 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site