IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


'ජනතාවගේ ගැටළු ගැන මට වැටහීමක් තියෙනවා'

(චමිල් රූපසිංහ)

ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබදව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොද අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවරදී ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ශ්‍රී දනත්ධාතූන් වහන්සේ වැද පුදා ලත් අතර  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඔවුන් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව එම පිරිස මල්වතු මහා විහාරයට පැමිණ එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර  මහනුවර කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් හින්දු කෝවිලේ ආගමික වතාවත් සඳහා අද (14) සහභාගී වීමෙන් පසුව රැස්ව සිටි පිරිස අමතා ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා පාක්ෂිකයන් තුන්දහසකට අධික පිරිසක් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත රැස්ව සිටියහ.

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, එම පාර්ශවයේ කාරක සංඝ හිමිපාණන් වහන්සේ වන ආචාර්ය ගොඩගම මංගල හිමි, ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය එහිදී පිරිත් සජ්ඣයානා කර පිරිසට ආශිර්වාද කෙරිණි.

පසුව ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිස කටුකැලේ ශ්‍රී සෙල්ව විනයාගර් කෝවිලට පැමිණ එහිදී හින්දු ආගමික වතාවත්වල නිරත වූහ.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (54)

'ජනතාවගේ ගැටළු ගැන මට වැටහීමක් තියෙනවා'

ජයන්ත මිලානෝ Wednesday, 14 August 2019 10:15 AM

ඉන්පසු තිරුපති වැද පුදාගන්න. රටට හෙන ගැහුවත්... අපිට මොකද? අපි ආශීර්වාද කරනවා.

:       199       305

විජිත් Wednesday, 14 August 2019 10:17 AM

"එ්ත් මට තේරෙන්නේ නැහැ... හිඟන්නන්ගේ ගැටළු... ඔවුන්ට සල්ලි තියෙනවා. ඉන්න තැනක් නැහැ.. ඔවුන් ඉන්න ආසත් කොළඹමයි. එ් නිසා තමයි මම ඒ අයව දිව්‍යලෝකෙටම ඇරියේ... හාමුදුරුවනේ.."

:       487       396

Raveendra Wednesday, 14 August 2019 10:19 AM

11. අන්තරේ ඉන්න අයට මුළු සරසවි පද්ධතියම ඔවුන්ට ඕනෑ හැටියට නටවන්න දී නපුංසකයකු සේ බලා ඉන්නේද? 12.අහිංසක සරසවි සිසුන්ව අමානුෂික නවකවාදයෙන් බේරාගැනීමට කුමක් කරන්නේද? 13. කිනම් හෝ මහජන නියෝජිතයෙක් යයි කියන බූරුවෙක් විදේශගත වුණොත් මහජන මුදලින් ඒ ගිය වියදම්, කුමක් සඳහා ගියේද, ලබාගත් දැනුම කුමක්ද, ගොට්ටන්, ඥාතින්, මහජන මුදලින් ගෙනගියේ නම් ඒ පිළිබඳ සියලු විස්තර ජනතාවට දැනගැනුමට සලස්වන්නේද? 14. මහාඋන්දෑ විදේශගත වෙන විට මහජන මුදලින් ගොට්ටන්, ඥාතින් හැත්ත බුරුත්ත ගෙනියන්නද? අප බලා සිටිනවා ඔහේ කෙලින් උත්තර ලබා දේ යන්න. 15. (තවත් වැදගත් පැනයක්) ඡන්ද ගොඩ අඩුවුණොත් අශුචි ඔටුන්න ගැනීමට සුළු පක්ෂ යයි කියන හිවලුන්ගෙන් උදව් ගන්නේද? එසේ ගන්නේ නම් එම හිවලුන් සමග කිනම් හෝ ගිවිසුම්ගත වන්නේ නම් (ඊට පෙර සියලුම තොරතුරු ගිවිසුමට අදාළ) මහජනතාවට දැනගැනුමට සලස්වන්නේද?

:       3       325

MaheshWednesday, 14 August 2019 11:00 AM

මෙයා නම් දිනන්නේ නෑ රවීන්ද්‍ර. හරියට කෙලින් හිටගන්නවත් බැරි ගොත ගහගහා කතා කරන මේ මනුස්සයාට වඩා සිරිසේන හොඳයි වගේ...

:       1122       461

RaveendraWednesday, 14 August 2019 01:19 PM

මහේෂ් මයා වෙත, අප කිසි අවස්තාව සදහන් කර තිබේද අරයා දිනනවා, මෙයා දිනනවා කියා? අපට නම් අරයා දිනුවත් එකයි, මෙයා දිනුවත් එකයි. මක්නිසාදයත් මේ හැම කෙනාටම කන්න දෙන්නේ අප බැවිනි. අපට අවශ්‍ය වන්නේ අප රටේ ආරක්ෂාව, රටේ දියුණුව මිනිසුන්ගේ දියුණුව හැර වෙන කිසිවක් අපට නම් අවශ්‍ය නැත. අප මේ අය එක්කෙනෙකුගේන්වත් කාලා ඇදලා නැත, එසේ එක වේලක්වත් කෑමට බලාපොරොත්තුවකුත් නැත. අප ලංකා මාතාවට පින්සිද්දවෙන්නට දුක්මහන්සි වී හොදින් උසස් අධ්‍යාපනය ලබා ලක්මවටම අපගේ කෘතගුණ හොදින් සලකා මෙම මොහොතේත් එසේ ඇය වෙනුවෙන් දහදිය හෙලමින් වෙනත් රටවල සේවය කරන්නෝය. කරුණාකර අප මධ්‍යස්තව සිතීමට උත්සහ කරමු.

:       0       143

Hafeel Wednesday, 14 August 2019 03:33 PM

ඒ පමණක් නොවේ. නීතිමය ගැටළු තියනවා. තාම ඔහුගේ රටේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරලත් නැහැ. අනිවාර්යයෙන්ම විරෝධතාවය මතු වෙනවාමයි. මහින්දත් දන්නවා මේ කතන්දරය... හරියට දැන් නාම යෝජනා පිළිගත්තා වගේ...

:       219       71

Chanak los angelesWednesday, 14 August 2019 09:19 PM

හෆීල් .. ඒකතමයි අපි කියන්නේ මොහුගේ නාමයෝජනා භාර ගැනීමේදීම ප්‍රතිෂේප වෙනවා . එහෙම වෙන්න ඕනේ.

:       131       3

HafeelThursday, 15 August 2019 08:44 AM

Raveendra, නීතිය හරියට ක්‍රියාත්මක කළොත්, මොහුගේ නාමයෝජනා බාරගැනීමේදීම ප්‍රතික්ෂේප වෙන්න ඕනෑ. නමුත් මේ රටේ නීතියක් නැහැනේ.

:       0       3

Bamunuarachchi Wednesday, 14 August 2019 10:24 AM

වැටහීමක් තිබෙන නිසා ඝෝඨාභය අපේක්ෂක ලෙස පත්කළ බව සරත් ෆොන්සේකාත් ඊයේ, පෙරදා කීවා. ඒ බව දැන් බලයේ සිටින ගොබ්බයින් තේරුම් ගතයුතු බවත් කිව්වා.

:       381       492

Chanak los angelesWednesday, 14 August 2019 03:59 PM

කවුරු මොනවා කීවත් ඔය පුද්ගලයාට ජනපතිවරණයට තරග කරන්න ලැබෙන්නේ නැහැ.

:       247       87

BamunuarachchiThursday, 15 August 2019 02:06 AM

මෙතන නොගැළපෙන කතා කියන්න එපා. දැනුම වැඩිකර ගන්න යුටියුබ් එකේ "ෆීල්ඩ් මාර්ෂල් සජිත්ව පට්ට ගහයි " කියන කතාව අහල, මම ඇසුවා කියලා මෙතන ලියන්න. ඊට පසු මම ලියන්නම් ඉතුරු හරිය. තමන්ට ගෝචර නොවුවත් ඇත්ත ඇති සැටියෙන් දැකීමත් නුවණක්කාරකමක්.

:       50       40

BamunuarachchiThursday, 15 August 2019 04:21 AM

ඔබ ඔය කීවේ ඔබ ඝෝඨාභය ගැන දන්නා දේ පමණයි. ඔබ අර කතාවට සවන් දුන්නොත් ඔබට බොහෝදෙ ඉගෙන ගන්න පුළුවනි.

:       1       37

බමුණුසිංහThursday, 15 August 2019 01:04 AM

කියන්නා කෙසේකීවත් අසන්නා සිහිබුද්ධියෙන් අසනු කියා පැරණි කියමනක් තිබුනා. බමුණුගේ අදහස් දැක්කම හිතෙනවා. ඔහු අසාසිට ඇත්තේ සිහියෙන්නොව දැඩිම පාක්ෂිකත්වයෙන් කියල. ෆොන්සේකා කිව්වේ පොහොට්ටුවේ අය අපේකෂකයා තෝරා ගැනීමේදී අවධානය යොමුකලේ ආරක්ෂාව ගැන පමණක්ම නිසා ගෝඨාභය තෝරාගත් බවත් රටේ ආර්ථිකය ගැන අවධානය යොමුකලා නම් ඔවුන් තෝරන්නේ බැසිල් බවත්ය. ලැදිව රජෙක් බොරුබස්කී විගසකයා. .. යන කවිය සිහිකර තේරුම් ගන්න කියා තම වාසියටම බොරුකියන බමුණුතුමාට කියන්න කැමතියි .

:       0       35

isurandi Wednesday, 14 August 2019 10:37 AM

මෙයාලට මොකද දින්නත් ගොඩ පැරදුණත් ගොඩ... දින්නොත් මෙහෙ... පැරදුණොත් එහේ...

:       186       168

සෑම් Wednesday, 14 August 2019 10:42 AM

විධායකය මම හාමුදුරුවනේ, ව්‍යවස්ථාදායකය අයියා, අධිකරණය ගෙදර පිළිකන්නේ. පොලිසිය ඇඳයට... ඉතින් මට ජනතාවගේ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්නේ හාමුදුරුවනේ. සාධු සාධු සාධු !!!

:       509       2520

RangaWednesday, 14 August 2019 11:23 AM

අගුපිලේ තියෙන එක පිළිකන්නෙට ගේන එකත් මොන පිනක්ද හාමුදුරුවනේ?

:       47       6

sirimal Wednesday, 14 August 2019 10:53 AM

දළදා මාලිගාවට බෝම්බ ගහපු අර රැස්වීමේ ඉස්සරහම පුටුවක වාඩිවෙලා නෙලුම් පොහොට්ටුවක් වන වනා හිටිය එක්කෙනත් අඬගහගෙන ආවද අපේ මහත්තයෝ? ඔබතුමාලා සෙනඟ ගෙන්වන වැඩේට ඉතාම දක්ෂයි කියලා අපි මීටකලින් දැකලා තියෙනවා. ඉතින් ඒක කියන්න තරම් පුදුම දෙයක් නොවේ. තව ඇස්බැන්දුම් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි...

:       605       666

Mahesh Wednesday, 14 August 2019 10:55 AM

නිකන් පරඬැලක් වගේනේ. මහින්දගේ පෞරුෂය ගෑවිලාවත් නෑ. නිකන් ජීඑල් සහ රනිල් වගේ. සීයයට 30ක් වත් ඡන්ද මෙයාට නම් වැටෙන්නේ නෑ. පතෝලයෙක් ගෙනත් බැට කෑ මිනිස්සු ආයෙත් පතෝල වගේ පරඬැලක් වගේ මිනිස්සුන්ට නම් ඡන්දේ දෙන්නේ නෑ.

:       752       434

Sugath PremalalThursday, 15 August 2019 04:36 AM

මහේෂ් ඔයා මොනවද කියන්නේ.දැන් මුළු රටම දන්නා දෙයක් ගෝඨාභය කියන්නේ කවුද කියල.හොද පෞර්ෂයක් තියන නායකයෙක්.

:       1       81

Api Wednesday, 14 August 2019 11:45 AM

සිරිකොතේ ගෝලයෝ හුස්ම නොගෙන වැඩ වගේ... කොමෙන්ට් දිහා බලපුවහම පෙනෙන්නේ !

:       517       427

SalindaWednesday, 14 August 2019 01:41 PM

හොදට ගෙවලා ගෙවන්නම් කියලා තියනවා කට්ටියට

:       2       70

saali Wednesday, 14 August 2019 12:31 PM

ජනතාවට කිසිම තීරණයක් නැහැ. කාලයෙන් කාලෙට පෙළපාලි කාරයෝ, ගුටිකන සීන් බලන්න නැතිව. දින්නට පස්සේ දිනපතා සජීවීව පෙන්නන්න පුළුවන් ජනතාවට බලබලා ප්‍රීති වෙන්න.

:       0       7

Buddika Wednesday, 14 August 2019 12:51 PM

වට වන්දනාවේ යන එක විතරද? කොහේගියත් අවසානයේදී ඡන්දෙ දෙන්නේ මිනිස්සු. ඒ දෙනකොට පෙර වැරැදි චෝදනා නැති පිරිසිදු මිනිස්සුන්ට විතරයි ඡන්දය දිය යුත්තේ. වැඩියෙන් වැරැදි කළ මිනිස්සු ඒවා වහගන්න පන්සලක් ගානේ යන්නේ..

:       0       67

wimal Wednesday, 14 August 2019 01:51 PM

ගෝටා කියන්නේ හොද දැකීමක් තියන කෙනෙක්

:       423       220

NamalWednesday, 14 August 2019 02:11 PM

ඔව් එ්ත් පණ මදි වගේනේ.

:       9       26

Chanak los angelesWednesday, 14 August 2019 03:54 PM

දැකීම තිබුණු නිසානේ කෞතුකාගර හදන්න ඕනෑ මුදල් ටික තිබෙනවා දුටුවේ නාගරික සංවර්ධන මණ්ඩලයේ...

:       134       68

Amila Wednesday, 14 August 2019 04:57 PM

ඔව් ඔව් කණ්ණාඩි දාලා නිසා ටිකක් හොඳට පේනවා ඇති වාඩිවුණාම... හැබැයි ඉතින් හිටගනිද්දී අඩුවෙන් පේනවා ඇත්තේ..!

:       0       14

Wimal Tennakoone Wednesday, 14 August 2019 02:31 PM

ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබඳව යහපත් අවබෝධයක් ඇති නිසා තමයි ගිය පාර සුදු වෑන් එව්වේ... මේ පාර මොන වෑන්ද එවන්නේ?

:       519       550

Chanak los angeles Wednesday, 14 August 2019 03:48 PM

පොහොට්ටුවෙන් කියා දැන් එකපාරටම පොදුජන පෙරමුණු අපේක්ෂක වුණාද? එතකොට නිදහස් පක්ෂය මොහුව පිලිඅරගෙනද? එහෙනම් කෝ ඔතන දයාසිරි, කෝ අමරවීර, කෝ රෝහනධීර? ජනතාව නොමග යවන හැටි.. දූෂණ, වංචා නඩු කප්පරක් තිබෙන පුද්ගලයෙක් ජනපති අපේක්ෂකයා වශයෙන් පත්කිරීම තුළ අපිට ඕනෑ විදියටයි රට පාලනය කරන්නේ කියන පණිවිඩය සාටකයින්ගෙන් ප්‍රදර්ශනය වෙලා තිබෙනවා.

:       153       13

කරුණාපාල Wednesday, 14 August 2019 04:20 PM

මෙතන අදහස් පලකොට ඇති, මහේෂ්, රවීන්ද්‍ර, නිමල්ලා එකට එකතු වෙලා ගොන් පාට් එකක් ඇක්ට් කරලා අපිව තම්බන්න හදනවා වගෙයි පේන්නේ... බොරු සෝභන ඕනෑ නැහැ. ගෝඨාට ප්‍රශ්නයක් විසඳන්න එක බුලට් එකයි වැයවෙන්නේ.. කියලා මේ රටේ වහලුන් නොවන බුද්ධිමත් ජනතාව දන්නවා. කොහොමත් මහපාරේ රිලානැටුම් නටන රිලා රැළ වෙනුවෙන් බුලට් කීපයක් වැය කරත්, ඒක මේ රටට කරන යහපතක්. පවතින රජය එසේ නොකළ හේතුව තමයි ඔවුන්ගේ අහේතුව වුනේ... ඒ අතින් ගෝඨාභය මහත්තයා ශ්‍රේෂ්ඨයි...

:       110       32

saaliWednesday, 14 August 2019 04:55 PM

බුලට් විතරක් නෙමෙයි. මල්ටි බැරල් වුණත් කමක් නැහැ. උතුරු කොරියාවේ කෙනා මල්ටි බැරල් පාවිච්චි කළා. ඒකාධිපතියන් වන් ෂොට් ප්‍රශ්න විසඳනවා. හැබැයි ළඟම ඉන්න අයටත් කන්න වේවි..!!!

:       0       13

AmilaWednesday, 14 August 2019 05:02 PM

හැබැයි දැන් ඉන්නේ ජෝකර්ලා දෙන්නෙක්. ඒකයි අවුල...

:       13       40

RaveendraWednesday, 14 August 2019 05:15 PM

කරුණාපාල මයා වෙත, ඔබේ නමින්ම අනුන්ට කරුණාවක් නැතිබවක් නම් අපට පෙනේ. තව කෙනෙකුගේ අදහස් ඉවසීමටවත් තේරුම් ගැනීම කෙසේවෙතත් ඒවා ගොන් පාට් ලෙස ගෙන හා අනිකාව තැම්බීමට හෝ හත්මාළුවක් සෑදීමට එම අදහස් භාවිතා කරනවා නම් හෝ වෙනත් කෙනෙකුගේ අදහස් වලින් තවත් කෙනෙකු තැම්බීමට පුළුවන් නම් තවත් කෙනෙකු ලෙස හැදින්වෙන තැනැත්තා කිසිවක් වටහා ගැනීමට නොහැකි කෙනෙකු හෝ අනුන්ට ගැති කාගේ හෝ ගොට්ටෙක් විය හැකිය. සරලව සඳහන් කරනවා නම් කෙනෙකුගේ අදහස්වලින් තව කෙනෙකු තැබීමට හැකි නම් එසේ තැම්බෙන තැනැත්තා මෝඩයෙකි.

:       13       69

කරුණාපාලWednesday, 14 August 2019 06:09 PM

රවීන්ද්‍ර මහත්තයෝ, හිත රිදුන නම් සමාවෙන්න. කෙලින් වැඩ වලට මිස, හැංගි හොරා වැඩ වලට මම කැමති නැහැ. මහේෂ් පලකල ලාමක අදහස් වලට ඔබ තුමා හරවත් අදහසකින් පිළිතුරු දීම, හරයක් නොමැති බව මට වැටහුනා නිසා එය, එක්තරා ගේමක ස්වභාවයක් ලෙසයි මා අවබෝධකර ගත්තේ. බරපතල චෝදනා ඇති ඝෝඨාභය මහත්තයට සුදුහුණු ගෑමත් ඔබ වන්නෙකුට තරම් නොවන බව තමයි මට නම් හිතෙන්නේ. වර්තමානයේ රජයක් පැවතියත්, දුෂිත රාජ්‍ය නිලධාරීන් හරහා මේ රට ආණ්ඩුකලේ කවුද කියන ඒකත් මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා.

:       0       4

BamunuarachchiThursday, 15 August 2019 04:18 AM

රවීන්ද්‍ර මහතා පාසල යන කාලයේ ඔබේ ගුරුවරයා සමහර ළමයින්ට "ගොන් කතා කියන්නේ නැතුව වාඩිවෙන්න" කියලා නැද්ද? එහෙම අය මෙතන ඉන්නවා. මුළු රාමායනයම අහගෙන ඉඳලා රාමා සීතා කව්ද කියා අසන මිනිස්සු ඉන්නවා. රවීන්ද්‍ර මහතා ෆොන්සේකා මහතාගේ කතාව අහන්න.

:       1       0

MaheeWednesday, 14 August 2019 08:21 PM

ඔව් ඔව් එක්කෙනෙක් කිව්වනේ හිට්ලර් වෙන්න කියලත්. ඒ අනුව කරුනාපාලගේ අදහස් ගැලපෙනවා.

:       0       2

BamunuarachchiThursday, 15 August 2019 04:11 AM

අර අමිල කියන හාදයා අමු මැට්ටෙක් නේද කරුණාපාල...

:       3       0

Chanak los angelesThursday, 15 August 2019 05:31 AM

ඔන්න ඕකතමයි සාටක තියරිය කියන්නේ... සාටකයින්ට කඩේ යනවා නම් පමණක් ඔහු බුද්ධිමත්.. විරුද්ධ නම් මැට්ටෙක්...

:       0       3

AmilaThursday, 15 August 2019 06:08 AM

ඔබතුමා තරම් උගතෙක්, බුද්ධිමතෙක් නෙමේනේ අපි... ඔබතුමා තමා ජනාධිපතිවරණයට ඉල්ලන්න තිබුනේ මේ පතෝල ජෝකරයා වෙනුවට..!

:       0       2

saamThursday, 15 August 2019 09:17 AM

ඔබගේ කතාවේ ඇත්තක් තියෙනවා. 88 89 කාලයේ නුවර කොල්ලෝ කෙල්ලෝ සිය ගානක් ටයර් සෑයවල්වලට බිලිවුණා. ඒවගේම තමයි වැරදියට අණ දිලා හමුදාවේ නිලධාරීන් රාශියක් වලපල්ලටත් යැව්වා නේද? මොනවා වුනත් ඇපවත් ඉතිරිවේදැයි සැකයි.

:       0       0

Chathuri Wednesday, 14 August 2019 07:33 PM

ජනතාවගේ ගැටළු වැටහෙනවා වැඩිකමට වෙන්න ඇති වතුර ඉල්ලපු ජනතාවට තුවක්කුව පත්තු කෙරුවේ.. සිර මැදිරියේ හිටපු සිර කාරයින්ට වෙඩි තිබ්බේ... රටේ ප්‍රශ්න මාධ්‍යයට දෙනකොට...මේ ප්‍රශ්නවලට කලින් තමුන්ගේ නඩු ප්‍රශ්නවලට මුහුණ දෙන්න. මෝඩයින් ටිකක් උඩ පැන්නට නුවණක්කාරයන් බලන් ඉන්නේ... රණවිරුවන් ජීවිත පුජාකරලා රට බේරාගත්තා. ඒ පහනෙන් එළිය බලනවා..

:       0       1

Chanak los angeles Wednesday, 14 August 2019 08:20 PM

බයිපාස් සැත්කමක් කල රෝගියෙක්ට මහන්සි වෙන්න හොඳද අපේ හාමුදුරුවනේ ?

:       0       2

Chanak los angeles Wednesday, 14 August 2019 09:32 PM

විශේෂයෙන් බික්ෂු සංඝයා සත්වයන්ගේ නොපැවැත්ම වෙනුවට පැවැත්මට ලෝභය ඇතිකිරීමට මගපාදන එක මමනම් දකින්නේ අකුසලයක් ලෙසයි .

:       0       1

athula Thursday, 15 August 2019 02:57 AM

ඔව් ඔව්, ඒක තමයි අපටත් තියෙන බය අපට මතකයිනේ... වතුර ඉල්ලපු ජනතාවට දුන්නේ වෙඩි උණ්ඩේ, ධීවරයට වෙඩි උණ්ඩේ සමහරුන්ට සුදු වෑන් එක... අම්මෝ අපි නොදන්නාවේ... නැතුව නැතුව.. ආ කාර් රේස් බලන්නත් පුළුවන් හාමුදුරුවන්ට...

:       0       15

Bamunuarachchi Thursday, 15 August 2019 04:08 AM

ඝෝටාභය මහතාණෙනි, සංචාරක ව්‍යාපාරය අපේ ආර්ථිකයේ විශේෂ අදායම් මාර්ගයකි. ඒ ආදායමෙන් තරු 5 හෝටල් මෙන්ම වෙරලේ පබළු මාල වෙළෙන්දා දක්වා ජනතාවක් ජීවිකාව කර ගනී. එහි ආදායම රැඳී තිබෙන්නේ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය අනුවයි. රටට සංචාරකයින් එන්නේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වී ඇත්නම් පමණි. සංචාරකයාව ත්‍රස්තවාදීන්ගෙන් පමණක් නොව ගයිඩ්ගේ සිට ත්‍රීවීලර් කරුවාගෙන්ද ආරක්ෂාකර ගත යුතුව ඇත. ඒ ආරක්ෂාව දීමට මේ රජය අපොහොසත් බව සංචාරකයින්ට ලංකාවට නොයාමට උපදෙස් දීමෙන් ලෝකය පිළිඅරගෙන හමාරයි. එ්බව මාධ්‍ය සාකච්ඡාවක් කළ ෆොන්සේකා මහතා හොඳට පැහැදිලි කළේය. එම කතාවේදී දැනට සිටින ආරක්ෂක ඇමතියන් මුග්ධයින් ලෙස හඳුන්වා දුන් අතර තමන් විසින් තමන්ව ජනාධිපති කරගත් කෙනාව පට්ට ගසන ලදී. ඇමරිකාව ඔබ විසින් රටට ලබාදුන් ආරක්ෂාව පැසසුම් කර ඇත. එමනිසා ඔබ මේ රට ජනාධිපති වී මෙරටට නියම ආරක්ෂාව ලබා දුන්විට සංචාරකයින් පැමිණ මේ රට නැවත සංචාරක ව්‍යාපාරය දියුණුවනු ඇත. එය අපේ ආර්ථිකයේ එක පැත්තක් පමණි. රට සංචාරකයින්ගේ සිත් ගන්නා ලස්සන රටක් කිරීමත් ඔබට කළ හැකි බව ඔබ ඔප්පු කර හමාරයි. අපේ ජනාධිපති වෙන්න...

:       99       0

ravi Thursday, 15 August 2019 09:20 AM

හරිම සුන්දරයි සිහිනයක්.

:       0       78

rihan Thursday, 15 August 2019 04:31 AM

සැමුවෙල්ගේ විකට මතක් වෙනවා.

:       0       1

Chanak los angeles Thursday, 15 August 2019 05:24 AM

දිග ඇදිලා නුල් බඳිනවා. බඳින්න බඳින්න.. මතක තියාගන්න මේ දිග ඇදිලා පිරිත් නූල් ගැට ගසන්නේ අසාධාරණයට විරුද්ධව යුක්තිය වෙනුවෙන් පෙනීසිටින්න ගිහින් අහිමිවූ යුගයකටයි. ප්‍රාතිමෝක්ෂ ශීලයේ හරියට ඇලුණු භික්ෂුවකට නම් මෙවැනි විලම්භීත වැඩවලට සිත දුවන්නේ නැහැ. ඒ සඳහා කාලයකුත් නැහැ.

:       0       1

Ajith NissankaFriday, 16 August 2019 05:45 PM

මේ මොනවා කියනවාද අප්පා? ප්‍රාතිමෝක්ෂ ශීලයේ පිහිටෙව්වොත් අපිට බෙන්ස් කාර් පූජා කරන්නේ.. එතකොට පිට රට පිණ්ඩපාතේ වඩින්න අවස්ථාවල් දෙන්නේ ඔයාගේ බාප්පද?

:       0       0

vipula Thursday, 15 August 2019 06:19 AM

මෙතන කොළ කණ්ණාඩි වලට ගෝඨා, බියක් තියෙන බව පැහැදිලියි. මෙච්චර රටට අගතිය වෙලත් ආරක්ෂාව ගැන මෙලෝ දැනීමක් නැති අයටම ඡන්දෙ දෙන්න අපේ මිනිස්සු කොතරම් අනුවණද? අනිවාර්යයෙන්ම ගෝඨා දිනනවා. ඒක පැහැදිලියි.

:       51       0

Rata Perata Thursday, 15 August 2019 06:47 AM

ඔව් ඔව් මොහුට හොඳ වැටහීමක් තියෙනවා. මොහුගේ බලු පැටියා ගේන්න ගුවන් යානාවක් යැව්වා යුරෝපයේ රටකට. අපේ සල්ලි වලින් හොදේ.

:       0       53

thilakasiri Thursday, 15 August 2019 08:56 AM

මේ පාර එන ජනපතිට කැමති දේවල් කරන්න බලය නෑ. ජනපති බලයෙන් 90% කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පවරලා. 2018 ඔක්තෝබර් 26 දා රනිල් එලෝලා මහින්ද අගමැති කළ වෙලාවේ දුන්නු අධිකරණ තීන්දුවෙන් තමයි මෛත්‍රී කල්ලියටයි, මහින්ද කල්ලියටයි තේරුනේ රනිල් ජනපති බලය පාර්ලිමේන්තුවට පවරලා කියලා. හැබැයි රනිල් දන්නා නිසා එලෙව්වට අගමැති මැදුරෙන් නොගිහින් සටන් කලේ එයා නියම තත්වය දන්නා නිසයි. ඒ ඉතින් එකිනෙකාගේ රාජ්‍යතන්ත්‍ර ඥානයේ තරම තමයි. බලය නැතිබව දැනදැනත් අරවා මේවා කරනවා කියලා ජනපතිකම ඉල්ලන්න කියන්න ඕන දේවල් දන්නෙත් නැතිනිසා වෙන්න ඇති. අද ජනපති අපේක්ෂකයාට කියන්න වෙන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන අණපනත් අනුව ජනපති ලෙස කරන දේවල් හා පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් වැඩකරන හැටි පමණයි. මෙවර ජනපති පත්වෙනකොට පවතින වත්මන් පාර්ලිමේන්තුවට ජනපති බලතල තවත් සීමාකර ජනපති මැතිවරණයත් අහෝසි කරන්න හැකියාව තියනවා 2/3 බලය තිබුණොත්. 2015 ජනවාරි 8දා පටන් ගත් මහා ඒකාධිපති බලයක් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යටත් කරවන බුද්ධි ඝෝචර සංක්‍රාන්ති සමයයි තාමත් පවතින්නේ.

:       0       6

රවිඳු Thursday, 15 August 2019 09:54 AM

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව පක්ෂ විපක්ෂ දේශපාලකයින් කලින් දැන සිටි බව රහසක් නොවේ. එම ත්‍රස්ත ප්‍රහාරයේ දේශපාලන වාසිය මේ වනවිට හිමිකරගෙන ඇත්තේ කවුරුන්ද යන බවත් පැහැදිලියි. තත්වය මෙසේ පවතිනවිට, එම ප්‍රහාරය වැලක්වීමට කටයුතු නොකර, ප්‍රහාරය සිදුවීමට ඉඩහැර එතුලින් දේශපාලන වාසිය අත්පත් කර ගැනීමට කිසියම් අදෘෂ්ශමාන හස්තයක් ක්‍රියාකර ඇති බවට අපට සැක කළ නොහැකිද? ආරක්ෂක අංශවල සන්නිවේදනය දුෂිත නිලධාරීන් යොදවාගෙන අවහිර කළා විය නොහැකිද? කපටි දේශපාලනයක යෙදෙන මේ හොර කල්ලිය මේ ප්‍රහාරයේ සතුට යටි සිතින් බුක්ති විදිනවා විය නොහැකිද?

:       0       1

Ajith Nissanka Thursday, 15 August 2019 03:13 PM

මගේ ගුරුතුමා හිට්ලර් ගැනත් මට වැටහීමක් තියෙනවා අපේ හාමුදුරුවනේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 78 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1387 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1205 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 690 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1750 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 88 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site