(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු )
කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව කතානාය කරු ජයසූරිය මහතා පවසයි.
මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන්නැයි සියළු ජනතාවගෙන් කතානායකවරයා ඉල්ලාසිටින බව ද කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළහ. දෙමළ සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු ආදායම් අධී
ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
උත්තර ලංකා සභාගය කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව එහි මන්ත්‍රී ගෙවිඳු කුමානතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ ප්රජාතන්ත්රවාදය රකින්න දිවි හිමි කැපවෙනවා‘
කෝලිත Friday, 16 November 2018 12:40 PM
දිව්වේ ඇයි...? මැරෙනකම් සටන් කරන්නනේ තිබුනේ අද.. ඊයේ සටන දැකල මුත්‍රා ගියාලු නේද..?
senarath Friday, 16 November 2018 12:46 PM
රටම දන්නවා මෙයාගේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන විදිය... තමන්ගේ ලොක්කා අතින් දෙන සිග්නල් වලට තීන්දු දෙන තුට්ටු දෙකේ කතානායක... මෙහෙම කතානායක කෙනෙක් ගැන අහලවත් නැහැ. කලින් හිටපු හැම කතානායක කෙනෙක්ම ඉතා හොඳින් තනතුරේ ගෞරවය රකිමින් කටයුතු කළා. පක්ෂ භේදයෙන් තොරව...
smith Friday, 16 November 2018 01:03 PM
බලාගෙන මහත්තයෝ, ගිය සැරේ මුත්‍රා ගියා විතරයි, ඊළඟ සැරේ මොකක් වෙයිද දන්නෑ...
Bamunuarachchi Friday, 16 November 2018 01:27 PM
එහෙනම් ඡන්දයකට යන්න. මහජනයාට රජයක් තෝරන්න ඉඩ දෙන්න එකයි නියම ප්රජාතන්ත්රවාදය නැතුව ඔබලාට පක්ෂ මන්ත්රීලාගෙන් අගමැතිව තියාගන්න බලය ඉල්ලන්න එපා අපිට ඔය මන්ත්‍රීගොල්ලෝ එපාවෙලා ඉන්නේ.
Lakmal Friday, 16 November 2018 01:37 PM
ඔබ තුමාට ජය
rocky Saturday, 17 November 2018 03:53 AM
අපගේ ප්‍රණාමය!
udaya Sunday, 18 November 2018 10:53 PM
දී.මු ජයරත්න අගමැතිතුමා පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තියෙද්දී අගමැති කමෙන් එලවන කොට ඔය මහත්තයාගේ ප්රජතාන්ත්රවාදය තිබ්බේ කොහෙද?
ranjith Wednesday, 28 November 2018 09:01 AM
ප්රජාතන්ත්රවාදය රකින්න ඉස්සෙල්ලා රට රැකලා ඉන්න...
වැඩිහිටියා Sunday, 02 December 2018 08:59 AM
ඔබට ස්තුතියි. මේක පක්ෂ අතර ගැටුමක් නෙමෙයි.. යහපාලනය පිළිබඳ ප්‍රශ්නයක්...
Wedihitiya Sunday, 02 December 2018 09:02 AM
ප්රජාතන්ත්රවාදය නැත්නම් රටම අනතුරේ බව තේරුම් ගමු.
සනත් විජෙතුංග Tuesday, 04 December 2018 01:49 AM
ගරු කථානායකතුමණී ඔබට තුති
Prof Edward Perera Sunday, 09 December 2018 12:50 AM
ප්රජාතන්ත්ර වාදය රැකෙන්න නම් පක්ෂ දේශපාලනයේ විනයක් හා පක්ෂයට නොව රටට ආදරයක් තිබිය යුතුයි. රටට අවශ්‍ය වන්නේ අභීතව තීරණ ගන්න පුළුවන් නායකයෙක් මිස එහෙට මෙහෙට වෙන නායකයින් විශාල පිරිසක් නොවේ. නායකයෝ එක්කෙනකුට වඩා වැඩි වුන තැන ඇතිවන්නේ කෝළාහලයි. ඒ ඔවුන් පක්ෂ දේශපාලනය හරහා බලයට ආදරය කිරීම නිසයි. විකල්පය ඇත්තේ ජනතාව අතරයි. ශීලාචාර උගත් ක්‍රමෝපා දන්නා අයව මැති සබයට යවා මේ ප්රශ්නය එක දවසකින් විසඳිය හැකියි.
BamunuarachchiSunday, 16 December 2018 10:06 AM
ඉතින් මහත්මයෝ ඔයකියන සීලාචාර, උගත්, ක්‍රමෝපාය දන්නා අය මෙරටට කොහෙන් ගේන්නද? ලංකාවේ සිටියත් එවන් අය මේ සිරිලක දේශපාලනයට ගෑවෙන්නේ නැත. විදේශීය ඇමතිට ලොතරැයි මණ්ඩලය දෙන අගමැති කෙනෙක් ඉන්න රටක් මේක. තවමොනවාද කථා? ඒ මුදල් ඇමති දුවගේ උපන්දිනයට වරායේ පුද්ගලික ගුදමක් තෑගිදීලා තිබෙනවා.
Prof. Edward PereraTuesday, 18 December 2018 12:02 PM
හිතවත් මිත්‍රය! ඔබ ආවේගීකව කීවත් කතාව සම්පුර්ණයෙන් ඇත්ත. රට ගොඩ ගත හැකි සංඛ්‍යාව ගතහොත් විශාල ප්‍රමාණයක් රට තුලත් විදේශ ගතවීත් සිටිනවා. රට තුල හිරවී සිටින පිරිස ආත්ම ආරක්ෂාව වෙනුවෙන් එලියට බසින්න අකමැතිව සිටියත් රටින් පිටත ඉන්න පිරිසට ඒ බාධාව නැහැ. නමුත් ඒ පිරිස ලංකාවට අවුත් වැඩ කරනවාට ලංකාවේ පාලක පිරිස කැමති නොවන්නේ යටි මඩි ගැහිල්ලට ඒ අයගෙන් සහයෝගයක් නොලැබෙන බව මේ "බලවතුන්" දන්නා නිසාය. කෙසේ නමුත් එකට එක්විය යුත්තේ "හොරුන් වෙනුවෙන් හොරුන්" නොව දුෂණය භීෂණය පිළිකුල් කරන රට තුල හා රටින් පිට සිටින අපේම පිරිස්ය.