IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘ගමේ මිනිස්සු ඉන්නේ සජිත් එක්ක‘”

(පාලිත ආරියවංශ)

ආර්යාව භාර්යාව කතාවක් අල්ලාගෙන සජිත් ප්‍රේමදාස මහතාට සමාජ ජාලවලින් විනාශයක් කිරීමට උත්සාහ කළද ගමේ මිනිස්සුන්ට එය ප්‍රශ්නයක් නොවන බවත් ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස සමඟ බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (15) බදුල්ලේදී පැවසීය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ  ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී ඇමතිවරයා මෙසේද පැවැසීය,

"මේක එක්සත් ජාතික පක්ෂයට හා අපේ රටට දේශපාලන වශයෙන් එපා වුණ කාලයක්.  ඒකට සජිත් ප්‍රේමදාස මහතාගෙන් යම් කිසි බලාපොරොත්තුවක් ඇතිකරගන්න හැකියාව තිබෙනවා.

මොකද පැරණි ගතානුගතික ක්‍රමවේදයන්ට වඩා ලංකාව අවරුදු 52 ක නායකයෙකුට යනවා කීම තුළ මිනිසුන්ට රට ගැන විශ්වාසයක්  බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුලුවන්.

කතාවක් අල්ලාගෙන නොයෙකුත් සමාජ ජාලාවලින් මහා විනාශයක් කරන්න උත්සාහ කළත් ගමේ මිනිස්සු ආදරේ සජිත්ට. ඒක ආර්යාවද භාර්යාවද කියලා ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ඒක්ක.

ඒ වගේම රටේ බහුතරයක් ඉන්නේ සජිත්ට. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ආණ්ඩුව අපි හවුල් ආණ්ඩු කරගෙන ගිහිල්ලා වැටිච්චි වලෙන් ගොඩ යන්න නම් රට ගැන බලාපොරොත්තුවක් තියන්න නම් එකම පවුලකට බලය දෙනවාට වඩා අයියගෙන් මල්ලිට, මල්ලිගෙන් බාප්පාට අම්මගෙන් පුතාට යනවාට වඩා ප්‍රේමදාස කියන අරුත්බර නමක් තිබෙන 1995 ඉදලා පූර්ණ කාලීනව කටයුතු කර ඇති ගම්මු ආදරේ පුද්ගලයෙක් තමයි සජිත් ප්‍රේමදාස.

ඒනිසා මේ ජනාධිපතිවරණයේදී මිනිස්සු කැමති නායකයෙකුට අපි ඉඩ දෙන්න ඕන.ඒකයි හරි ක්‍රමවේදය‘‘ බව ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.



අදහස් (73)

‘‘ගමේ මිනිස්සු ඉන්නේ සජිත් එක්ක‘”

Thilina Monday, 15 July 2019 02:22 PM

මහත්තයෝ මේක මතක තියාගන්න. ඔය කියන කෙනාත් ඉන්න ආණ්ඩුවෙන් තමයි මේ රටට මෙච්චර විනාශයක් කලේ. පවුල්වාදය කතා කරන ඔයාලට අමතක වුනාද ප්‍රේමදාස කියන්නේ රටේ හිටපු ජනාධිපති කෙනෙක් බව..

:       2567       1708

chandimaMonday, 15 July 2019 09:01 PM

මේ කතා කරන්නේ මහා මැතිවරණය ගැන නෙමෙයි, ජනාධිපතිවරණෙ ගන්නේ. එකේදී ගමෙන්ද? ටවුමෙන්ද? කියල නැහැ මුළු ඡන්ද ගණනින් වැඩිපුර ගන්න කෙනා ජනාධිපති වෙනවා. රටේ ජනගහනෙන් වැඩි දෙනෙක් ඉන්නේ ටවුමේ. ඉතින් ගම කොයි තරම් කැමති උනත් ටවුමේ මිනිස්සු කැමති දේ ගැනත් සිතන්න වෙනවා. ගමේ ඡන්ද වලින් පළාත් ක්‍රමයට නැතිනම් ආසන ක්‍රමයට පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුනට, ගමේ ඡන්ද වලින් ජනාධිපති වරනේ තීරණය වෙන්නේ නැහැ. ඒකට බලපාන්නේ රටේම වැඩි ඡන්ද ගන්න එකයි.

:       64       137

රත්නායක Monday, 15 July 2019 02:26 PM

ඔව් ඔව් මෙයාගෙ ගමේ මිනිස්සු නම් තරහ නැතිව ඇති.මෙයාගෙ ගම කොහෙද හැබෑට.

:       453       565

SugathWednesday, 17 July 2019 04:20 AM

ඔබ හරියටම හරි. හැම ගමකම මිනිසුන්ගේ හිත දිනාගෙන වැඩ කරන නායකයෙක් සජිත් . බොරු පුරසාරම් කියන කට්ටියයි , මීඩියා කියන කතා වලට රැවටෙන්න එපා.

:       39       18

Bandula. Monday, 15 July 2019 02:26 PM

ප්‍රේමදාස මැතිතුමා නරකමත් නැහැ ඒත් ඔය පක්ෂයේ අයම නේද එයාගේ කකුලෙන් අදින්නේ, ජනතාව බලාගෙන ඉන්නේ සුදුස්සාට තැන දෙන්න. එනිසා දැම්ම පුරසාරම් දොඩවන එකනම් කාට කාටත් නවත්වන්නේ වේවි.

:       296       1039

BamunuarachchiTuesday, 16 July 2019 03:52 AM

මමත් ඇතුළුව රටේ මිනිස්සු ඝෝඨාභයත් එක්ක.

:       1079       1079

Chanak los angelesTuesday, 16 July 2019 08:50 PM

වැඩක් වෙන්නේ නැහැ අපි ගෝඨාව කිසිම තනතුරකට ඉදිරිපත් වෙන්න නොහැකි විධියට නීතිමය අතින් හිරකරලයි තිබෙන්නේ .ඉතිරි ටික ලංකාවෙන් සිද්ධ කෙරිලා .

:       106       9

Dilan Monday, 15 July 2019 02:33 PM

අපිත් ගමේ. අපට නම් ඔය ඔක්කොම එපා වෙලා ඉන්නේ. මෙයා කියන්නෙ කොහේ තියන ගමක් ගැනද දන්නෑ.

:       552       816

chandima Monday, 15 July 2019 02:50 PM

සජිත්ට වඩා නවීන් නරකද? එයාට බුද්ධිමත්කමත් උගත්කමත් තියෙනවා, මහවැලි ප්‍රදේශ වල ජනතාව තවමත් ගාමිණී දිසානායක මැතිතුමාට ගරුකරනවා, උඩරට ඡන්දත් වැටෙනවා, පක්ෂයේ විශ්වාසයත් තිබෙනවා, කුණු නාමෙකුත් නැහැ, එයාගේ පියාත් රට වෙනුවෙන් පක්ෂේ වෙනුවෙන් දිවි පිදු පක්ෂයේ ජ්‍යෙෂ්‍ටයෙක් විශ්වාසය තැබියහැකි පක්ෂයේ තරුණ නායකයෙක්, නේද?

:       8137       18297

PrabaTuesday, 16 July 2019 05:17 AM

බුද්ධිමත් නම් රටට ග්ලයිෆොසේට් ගෙන්වන එක නවත්වන්න

:       374       350

pjTuesday, 16 July 2019 06:03 AM

සජිත් ට වඩා ග්ලයිෆොසේට් හොඳයි.

:       9       133

පා.මTuesday, 16 July 2019 06:50 AM

නවීන් මහත්තයාට වගේම පී.ජේ. මහත්තයාටත් වකුගඩු රෝගීන් ගැන කිසිම හැඟීමක් නැති හැඩයි

:       14       29

surainTuesday, 16 July 2019 06:10 AM

මිනිස්සු මෝඩයට අන්දන්න උත්සහ කලත් බොරුව බොරුවමයි හොඳේ

:       0       26

Sanath apura Monday, 15 July 2019 03:04 PM

සජිත්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඔහු ප්‍රේ මදාස මහත්තය තරම් දක්ෂයෙක්ද ? ඔහුට රටක් කරගෙන යන්න පුලුවන්ද

:       624       280

මුණසිංහ Monday, 15 July 2019 03:38 PM

බොරු කියන්න එපා! ගමේ අපි ඉන්නේ ගෝටාභය එක්ක. ඔයාල මොනව කිවුවත් රට බේර ගත්තේ රාජපක්ෂවරුන්! ගමේ මතය ඒකයි.

:       6211       6131

චමින්දTuesday, 16 July 2019 09:19 AM

ෆොන්සේකා නොහිටින්න රාජපක්ෂලා කොරයි. ඒක තමා ඇත්තම ගමේ මතය.

:       163       192

BamunuarachchiWednesday, 17 July 2019 09:43 AM

ඉතින් හලෝ ෆොන්සේකාට රනිල් එක්ක යුද්දේ කොරන්න තිබුනානේ මොකෝ නොකෙරුවේ? දෙන්න පුලුවනිනම් උත්තර. ඝෝටා මෙයාව හමුදාපති නොකරන්න මෙයා නිකන්ම නිකන් ෆොන්සේකා තමයි. ශිවෙන්ද්‍ර මහතාට ලැබුන ගෞරවයවත් නැතිව පැන්ෂෝන් යන්නේ නේද? ඝෝටා කරපු වැඩ කොරන්න දැන් ඉන්න එකෙකුටවත් බැහැ. බලන්නකෝ රටේ ආරක්ෂාව ගෙනගිය විදිහ. එක දෙමළකු එක මුසල්මානුවකු හ්ම් කීවාද?

:       43       287

athuraTuesday, 16 July 2019 02:55 PM

රටේ ජීවත් වෙන්නේ ගමේ මිනිස්සු විතරද එතකොට නගරේ මිනිස්සු.

:       28       29

saliya Monday, 15 July 2019 03:41 PM

සජිත් ඉන්නේ මෛත්‍රිත් එක්ක. මෛත්‍රී ඉන්නේ පොහොට්ටුවත් එක්ක. අන්තිමට ඔය සෙට් එකත් පොහොට්ටුවට. ඔහෙලට හුලං .

:       747       874

Hafeel Monday, 15 July 2019 03:42 PM

එතකොට රවිත් එක්ක ඉන්නේ කවුද?

:       3       254

de silva Monday, 15 July 2019 03:50 PM

සජිත් ප්‍රේමදාස කියන පුද්ගලයට ගමේ පමණක් නොව කොළබත් චන්ද තිබෙනවා , එජාපෙ ඉන්න ජනප්‍රියම පුද්ගලයා සජිත් , නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ ප්‍රහාර වලින් පසු එජාප , ශ්‍රී ලනිප , පොහොට්ටුව කියන පක්ෂ 3 ම නායකයෝ මුස්ලිම් ඡන්ද වලට පෙරේතකමින් හැසිරුණ ආකාරය ගැන ජනතාව ඉන්නේ විශාල කලකිරීමකින් , මෙම මහා පක්ෂ 3 ටම නැති කෙනෙකුට ජනපතිවරණය ජයගන්න 40% විතර අවස්ථාවක් ඇතිවෙලා තිබෙනවා , එජාපෙ දැන් ඉදන්ම සජිත්ව නම් කරලා එකට එකතුවෙලා වැඩ කලොත් සහ මෛත්‍රිපාල ජනාධිපති තුමා ශ්‍රී ල නි පෙන් ඉල්ලුවොත් සජිත්ට ජනාධිපතිවරණෙ දිනලා එම ගැම්මට එජාපෙට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න අවස්ථාව තිබෙනවා , එජාපෙට වෙන විකල්පයක් නැත .

:       536       3275

BamunuarachchiMonday, 15 July 2019 11:07 PM

සජිත්ට රටේ ජනාධිපති වෙන්න රටේ රාජ්‍ය නායකයා වෙන්න තිබෙන සුදුසු කම මොකක්ද? අධ්‍යාපන සුදුසුකම මොකක්ද? කරුණාකර එය පහදා දෙන්න. එවිට අපිත් කතිරයක් ගහන්න හිතන්නම්.

:       123       39

athuraWednesday, 17 July 2019 08:30 AM

ඔය ටිකම ගෝඨාභයටත් අදාලයි බමුණෝ.

:       0       11

BamunuarachchiWednesday, 17 July 2019 02:36 PM

අනේ ඉපදුනේ ඊයේ පෙරේදාද? මේ උත්තරය හොඳටම ප්‍රමාණවත් ඝෝඨාභය තෝරලා දෙන්න.

:       2       0

භක්තිමත් අන්ධ බමුණාWednesday, 17 July 2019 05:13 PM

දුෂණ චෝදනා තිබීම, යුදසමයේ බියට ඇමෙරිකාවට පලා යාම,ඇමෙරිකාවේ පුරවැසියෙක් වීම, රාජකීය පව්ලකට උරුමකම් තිබීම,වන්දනාවේ යෙදෙන කේවට්ට බමුණන් ඔහුට සිටීම.

:       131       27

BamunuarachchiWednesday, 17 July 2019 05:30 PM

ඔන්න තව ගොබ්බයෙක් එළිබැහැලා. ඝෝඨාභයගේ පුරවැසි භාවය ගැන කතාකරනවා. ඒවා ඒ ගොල්ලෝ බේරා ගනී. කොහෙවත් යන හාල්පාරුවන් මොකට වදවෙනවාද එයාගේ පුරවැසිකම ගැන...

:       62       184

chandana Monday, 15 July 2019 04:05 PM

ගමත් එක්ක නිතර .ගැවසෙන අපිටත් දැනෙන්නේ හරින්ගේ කතාව හරි බවයි.

:       364       2481

BamunuarachchiTuesday, 16 July 2019 03:59 AM

කොයි ගමේද ඔබ හැසිරෙන්නේ? චරිත සහතික උවමනා නැත ඔබ කව්ද කියා අපි හඳුනා ගත්තා.

:       63       50

AsankaTuesday, 16 July 2019 04:42 AM

ගම කිව්වේ මොන ගමද මළගමද?

:       10       135

liayange Monday, 15 July 2019 04:30 PM

මේ ආණ්ඩුව අපි හවුල් ආණ්ඩු කරගෙන ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය වලේ වැටි නැත. වලේ වැටි ඇත්තේ කව්ද කියා රටම හොදින් අවබෝධ්දවී තිබේ. ඔබට සත්‍ය වශයෙන්ම දේශපාලන අවබෝධයක් සහ උගත් කමක් තිබේද ? එසේ තිබේනම් රටක අනාගතය බාර දියයුත්හේ කාටද කියා හොදින් සිතා බලන්න .

:       1       104

Bamunuarachchi Monday, 15 July 2019 04:42 PM

නිකම්ම සජිත් නොවෙයි හලෝ අනාගත ජලනි ආර්යාවගේ සැමියා වන ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස.

:       1220       455

BamunuarachchiTuesday, 16 July 2019 12:49 PM

හම්බවෙයි ලොකුවට

:       3       14

Amila Monday, 15 July 2019 04:43 PM

පොඩි පොඩි වැරදි අල්ලගෙන නටන අයගේ ලොක්කගේ භාරයව නම් අඩුගානේ වචන දහයක් කතා කරනවා අපි නන් දැකලා නෑ. එයා ඉස්සර උත්සව වලට ආවාත් කතා කරන්නේ නැතුවම තමා යන්නේ. එහෙම බලද්දී මෙහෙම හරි සජිත්ගේ නෝනා මිනිස්සු වෙනුවෙන් මහන්සි වෙන එක හොද දෙයක්.

:       449       2019

AmalTuesday, 16 July 2019 06:17 AM

බම්බුව .. ඔය කොයි ආර්යාවත් කතාකරන්නේ සුළු ජාතීන්ට ඉඩම් ඔප්පු දෙන්න , මෙච්චර දේශීයව සහ විදේශීයව කුමන්ත්‍රණකාරීන්ව විනාශකරන්න හදන මේ රටේ අයිතිහාසික උරුමකරු වන සිංහල ජාතිය ගැන කතා කරන්න බල්ලෙක් වත් නැහැ. බහුතර සිංහල මිනිසුන්ගේ මෝඩකම නිසා තමයි ඔය නුගතුන් ආර්යවෝ ශ්‍රීමතාණන් වෙන්නේ

:       102       380

Abdul Monday, 15 July 2019 04:43 PM

කවුද තාත්තාද කිවුවේ

:       510       348

Bamunuarachchi Monday, 15 July 2019 04:43 PM

සමාජ ජාලා බොරුද කියන්නේ?

:       617       284

athuraWednesday, 17 July 2019 08:34 AM

සමාජ ජාල මහින්ද අන්තිමට ඉල්ලනකොටත් කිව්වේ දිනුම් කියල නේද. ඒ විතරක් ද රැස්වීම් වල සෙනග හිටියේ ග්‍රවුන්ඩ් එක ඇතුලට එන්නවත් විදිහක් නැතුව හා තව මාධ්‍යවලට ඇවිල්ල ජෝතවේදීන් කිව්වේ මහින්ද මහත්මය පැරදුනොත් ඔලුවට වෙඩි තියාගන්නවා කියල.

:       0       2

banda Monday, 15 July 2019 05:22 PM

දැනට පාර්ලිමේන්තුවේ ඉන්න හා හිටපු එක්කෙනෙකුටවත් ඡන්දෙ දෙන්න එපා

:       632       1130

romesh Monday, 15 July 2019 11:51 PM

සජිත් ප්‍රේමදාස මැතිතුමා හොද වෙන්න පුළුවන්. නමුත් මහත්තයෝ ජනපති ප්‍රේමදාස තරම් නම් හැකියාවක් නැති බවයි පෙනෙන්නේ. කදිම නිදසුන නම් රට කරවන්න කලින් තමන්ගේ පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබාගන්න හැකියාව තියෙන්නේ ඕනේ. නමුත් මේවෙනතුරුත් ඒකවත් ගන්න බැරි සජිත් කොහොමද රටක් එකතු කරන්නේ..!

:       0       39

Shamila De MelTuesday, 16 July 2019 11:06 PM

රොමේෂ් ඔයා ඉතිහාසය ඉගෙනගන්න. ප්‍රේමදාස මහත්තය ජනාධිපති වෙනකොටත් පක්ෂයේ සම්පුර්ණ බලය තිබ්බේ නෑ. ලලිත් ගාමිණී විරුද්ධ වුන. මුලදී ඔක්කොම නමම ගන්න ලේසි නෑ. දිනනට පස්සේ ඒවා හරියයි !

:       0       2

Bamunuarachchi Monday, 15 July 2019 11:53 PM

හරින් රටේ වැඩිදෙනා බුද්ධිමත් මිනිස්සුද මෝඩ මිනිස්සුද?

:       0       5

හරිස් Wednesday, 17 July 2019 01:26 AM

බත් පැකට් එකටත් කසිප්පු ටිකටත් ඡන්දය දෙන මන්ද බුද්ධික මෝඩ මිනිසුන් වැඩියෙන් සිටී

:       0       29

BamunuarachchiWednesday, 17 July 2019 09:50 AM

ඒවගේ මිනිස්සු ලක්ෂ 62 ක් 2015 හිටියා

:       1       0

benadik perera Tuesday, 16 July 2019 12:20 AM

ඔය මේ "ගමේ මිනිස්සු" කියන්නේ එයා ගෙවල් හදල දෙන අය ගැනනේ. "දිය කිරි වලට බළලුත් සාක්කි දෙනවා" කියන්නේ මේ වගේ කතා වලට වෙන්න ඇති කියලා හිතනවා. නායකයෝ ඔහොම බිහි වෙනවා නම් ලෝකයේ තියන එකම දුපත ඕක වෙන්න ඇති.

:       0       11

mp Tuesday, 16 July 2019 12:32 AM

අපට නම් මේ එක්කෙනෙක්වත් ඕනේ නැහැ.

:       0       10

ajith Tuesday, 16 July 2019 01:26 AM

මේ වහල්ලුන්ට තේරෙන්නේ නැහැනේ, රට බේරා ගන්න යුද්ධ කලේ, ජීවිත පුජා කලේ, අත පය අහිමි කර ගත්තේ අපේ දරුවෝ, අපේ සහෝදරයෝ මිසක් රාජපක්ෂලා නොවන බව.

:       34       1

Niha Perera Tuesday, 16 July 2019 02:31 AM

නායකයාව පක්ෂය තේරුවාම ජය තේරීම මහජනයා අත තියෙන්නේ.

:       0       0

Ranaya Tuesday, 16 July 2019 03:10 AM

අපිත් ඉන්නේ ගමට එනකම් ආදරය කරලා පෙන්නන්න

:       0       18

sumeda Tuesday, 16 July 2019 03:55 AM

අපොයි ඔව් අපේ ගම් වල එහෙම පිරිලා ඡන්දෙකට ඇවිල්ලා බලන්නකෝ මහත්තයෝ

:       0       19

ramendra Tuesday, 16 July 2019 05:04 AM

වසර හත්තෑවක් අපේ ඡන්දය අරගෙන හාම්පුතලට කඩේ ගිය අයට සහ මේ රට මෙම තත්වයට පත්කරන්න තමුන්නාන්සේලා සියලුදෙනාම වගකිවයුතුය. එම නිසා මේ රටට ගැලපෙන නායකයෙක් ප්‍රධාන පක්ෂ වල නොවන කෙනෙකුට අපේ ඡන්දය, නැතිනම් අපි බහුතරයක් ඡන්දය නොදී ඉන්නවා, ඔය හැමෝම මේ රටේ වැඩකරන පන්තිය රවටපු උදවිය

:       0       48

බදුල්ලේ අපි Tuesday, 16 July 2019 05:44 AM

මූ බයිලා ගහනවා ,අවුරුදු 4 ක් තිස්සේ කි.මි 16 දිග බණ්ඩාරවෙල -ඇටම්පිටිය පාර හදන්ඩ බැරි උන්, මූටත් හොම්බෙන් තමයි යන්ඩ වෙන්නේ ඡන්දේ කදී.

:       45       176

උපුල Tuesday, 16 July 2019 06:01 AM

ඔව්. කොළඹ මිනිස්සු ඉන්නේ නෝනත් එක්ක

:       1       72

kapila Tuesday, 16 July 2019 06:17 AM

ඔය ගම්වල ඡන්දේ දෙන එවුන් තමා මේ රටේ දේශපාලනය නරක කරේ. ගම්වල ඉන්න සල්ලි කාරයෝ ටිකයි , බෝක්කු උඩ හිටපු රස්තියාදු කාරයෝ ටික රට පාලනයට එව්වේ ගම්වල ඉන්න මීහරක් තමා.

:       143       97

Rata Perata Tuesday, 16 July 2019 06:21 AM

හිතුවේ මෙයා මිනිහෙක් කියල. එත් දැන් පේනවා මෙයත් එක වහලෙක් විතරයි කියලා. ජලනි ගේ කතාවෙන්ම පේනවා නේද මනුස්සයෝ මොකක්ද වෙන්න යන්නේ කියලා. දුප්පත් මිනිහට හොම්බෙන් යන්න වෙන්නේ. සජිත් නිදන් හාරන්න ගියෙත් ඔය තණ්හාව නිසාම තමයි.

:       0       130

BamunuarachchiWednesday, 17 July 2019 09:47 AM

ඔන්න දැන්නම් රට ඉස්සරහට වගේ පෙනෙනවා. එත් ලොක්කාගේ නැට්ටේ එල්ලුනොත් අර දිව්‍ය ලෝකේ ගිය ගොයියට වෙච්චදේ තමයි වෙන්නේ.

:       1       0

maheshika Tuesday, 16 July 2019 06:42 AM

සජිත් නින්දෙන් ඇහිරිලා වගේ හුන්ඩු ගෙවල් හද හද බෙදනවා නිකම් නොවෙයි ගෙවීමේ ක්‍රමයට. නිකම් නොදෙන එක හොඳි මොකද ඇත පය හයිය තියන අයට නිකම් දුන්නම මිනිස්සු නිකමෝ වෙනවා. සජිත් ගෙවල් හදවන ක්‍රමයේ වැරද්දක් තියනවා, ඔය හැම සංවර්ධන වැඩක්ම පාර්ලිමේන්තුවේ සහ විද්වතුන්ගේ කතිකාවතකින් පසුව තව අවුරුදු 50ක් වත් ඉදිරියට හිතල කල යුතු වැඩ, ලෝක ජනගහනය සීඝ්‍රෙයන් වැඩිවෙනවා, භූමිය අපිට රිසි ලෙස භාවිත කරන්න බැහැ. කැලයට අවම හානියක් වෙන ලෙස , කුඩා ඉඩකින් සියලුම මූලික අවශ්‍යතා ඉටුකරගත හැකි ආකාරයේ නිවාස. ග්‍රාමීය පරිසරයේ සියලුම ගෙවල් එක ස්ථානයකට කේන්ද්‍ර කර, භූමිය ඉතිරිවන ආකාරයට ගෙවල් සැදීම කල යුතුයි. සජිත් අහුවෙන හැම තැනකම කලේ එලිකරලා ගෙවල් හදනවා. ඔහුගේ ඇමති බලය මෙහෙයවල රජයේ පරිසර වාර්තා සහ අනුමැතිය ලබාගැන කරන මේ ජාතික විනාශය විපත්තු සංහාරයට වැඩ බරපතල බව බොහෝ දෙනෙකුට නොපෙනේ.

:       520       170

Nuwan Tuesday, 16 July 2019 06:48 AM

අනේ කව්ද දන්නේ නැහැ ඔය ගමේ මිනිස්සු?? අර බත් පැකට් එකට පෙළපාලි යන්න එන අය වෙන්න ඇති.

:       290       161

fasmy Tuesday, 16 July 2019 07:32 AM

මුන් එකෙක් වත් සමගි නෑ..... එකාට එකා නෑ....... මම නම් තනි පුද්ගලයෙක් ට ඡන්දෙ දෙන්නේ නෑ..... දක්ෂ කණ්ඩායමක් වන ජනතා විමුක්ති පෙරමුණ තමයි හරි ලංකාව හදන්න හැකියාව තියෙන්නේ

:       190       771

siri Tuesday, 16 July 2019 07:51 AM

ඔය ගැනත් මම දන්නේ ඔහේ වාචාල කතා කියවන්නෙක් කියලයි.ඔබ කොහොමද ගමේ මිනිස්සු ගැන දන්නේ. පාස්කු සිද්දියේදී තමුන් නිදගෙනද හිටියේ?දැන් කොහෙද අර බැලුම ?කට වාචාල කියවන්න කලින් කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න.මම දන්නවා තමුන් පුම්බන්න හදන මිනිහගේ සමහර කෙරුවාවන්.1984-86 අතර කාලයේ කිසිම නියගයක් නැතිව 'යාල අබය භූමිය 'වැහුවේ මොකක් හින්දද?පුළුවන් නම් කියනවා.

:       0       60

isurandi Tuesday, 16 July 2019 07:52 AM

දැන්නම් ලොසින්ජර කතා එමටයි. අනේ මිනිසුනේ දැන්වත් ඇහැ කන ඇරගෙන වටපිට බලාපියව්

:       0       25

චමල් Tuesday, 16 July 2019 07:58 AM

මොකා ආවත් මේ අය ඉන්නකම් ආය වෙන අයට නො චාන්ස්. මේ පාර නම් අපි අහූවෙන්නෙ නෑ. මේ පාර අපේ එකම බලාපොරොත්තුව නාගානන්ද විතරයි.

:       59       719

siri Tuesday, 16 July 2019 07:59 AM

සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා.හරේන්, කණගාටුවෙන් උනත් කියන්න වෙනවා තමුන් ඉන්නේ කොහෙද?ඔය බෙලෙක් (බෝක්කු කටවල්වලට) ලගදීම පිළිතුරු ලැබෙයි.

:       9       20

susantha Tuesday, 16 July 2019 08:56 AM

කොයි ගමේද?ලංකාවේ වෙන්න බැහැ..... මොකද තවත් ඒජාෙපට ඡන්දය දෙන්න ගොන්නු ඉන්නවද ලංකාවේ?මේ පාලනය කර කාලේ රටට කොපමණ විනාශයක් කලද මුන් ටික???

:       0       50

Uditha - London Tuesday, 16 July 2019 10:11 AM

ගමේ මිනිස්සුන්ට තියන ආදරයක්

:       0       35

Amara Tuesday, 16 July 2019 10:31 AM

ගෙයක් දෙන කල් විතරයි

:       0       2

sugath premalal Tuesday, 16 July 2019 10:42 AM

හරින් ඔයාලගේ නියම තත්වය ජනතාව හොදින් අවබෝධ කරගෙන ඉන්නේ. නියම පිළිතුර තව මාස 6කින් බලාගන්න පුළුවන්.

:       1       31

Thangodiya Tuesday, 16 July 2019 11:04 AM

ඇත්ත ඇත්ත සර්

:       26       1

pogalasannaya Tuesday, 16 July 2019 01:28 PM

නෑ නෑ රනිල් එක්ක

:       1       0

Sumith Tuesday, 16 July 2019 02:53 PM

කවුරු දැම්මත් පවතින රජයට ගමේ මනාපය අහිමි වෙලා ගොඩක් කල්.

:       21       54

aruna Wednesday, 17 July 2019 04:22 AM

ගමේ මිනිස්සුන්ගෙන් විතරක් ආණ්ඩුවක් හදන්න බැහැ. සුළු ජාතීන්ගේ විස්වාසය දිනා ගත අයෙක් විය යුතුය. රටේ උගත් බුද්ධිමතුන්ගේ පිළිගැනීමට ලක් විය යුතුය. ආණ්ඩුවක් ගත්තත් එය සාර්ථකව පවත්වාගෙන යාමට බුද්ධිමත් පරිනත නායකයෙක් විය යුතුය. එමෙන්ම නුතනයේ ජාත්‍යන්තරය සමග හොදින් ගනුදෙනු කල හැකි නායකයෙක් විය යුතු. මගේ මතය නම් මේ කිසිදු සුදුසුකමක් ඔහු සතු නොවේ.

:       0       39

thilakasiri Wednesday, 17 July 2019 09:35 AM

ලංකාවේ මුළු ජනගහනය 22,579,592, ඉන් 74.9% ක් සිංහල,11.2% ක් දෙමළ, 4.2% ඉන්දියන් දෙමළ, 9.2%ක් මුස්ලිම්, 0.5% ක් වෙනත් අය. යමකුට දිනාගන්න පුලුවන්නම් සිංහල 74.9% ම සුළු ජාතින් කේවල් කරයි ද? අඩුම තරමේ සිංහල බෞද්ධ 70.2% දිනාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? සිංහලයෝ ලෑස්තිද එහෙම එකතුවෙන්න. එහෙම එකතුවෙන්න බැරිනම් සිංහල කම ගැන කතාකරල වැඩක් වෙයිද? එවිට මෙරටේ ඉන්න සියලු මිනිසුන් ලාංකිකයින් ලෙස හදුන්වමින්. ලාංකිකයින්ගෙන් සිංහල ඇතුළු සියලු ජාතීන්ගේ ප්‍රතිශත ඉහත දැක්වූ විදිහට දක්වනවා හැර වෙන කළහැකි දෙයක් තිබේද? සුළු ජාතීන්ගේ පක්ෂවල කේවල් කිරීමෙන් තොරව රජයන් පිහිටුවිය හැකිද? සුළුජාතික චන්ද ජේවීපි චන්ද යුඇන්පි චන්ද ඇතුළු සියලු චන්ද ලබා 2015 දී ජනපතිවරණයෙන් දිනුවේ 62% කින් බව කවුරුත් දනිති. මෙවරත් සුළු ජාතික චන්ද ගන්න කෙනා තමයි දින්නේ. සජිත් හෝ වෙන කෙනෙක් නිසා නොවන බව වටහා ගන්න. සජිත් මෛත්‍රී සම්භන්ධය වැලගිය මුලගිය තැන් අද මුළු රටම දන්නා නිසා එජාප බහුතරය සජිත් කෙරෙහි මනාප නැති බව දැනගන්න. ජේආර් ට කරන්න නොදී බල ලෝභය නිසා ආර්.ප්‍රේමදාස අරන් ජීවිතෙත් නැතිකරගත්තා වගේ සජිත් දැනටම අනාගන.

:       0       1

THILAK Wednesday, 17 July 2019 01:58 PM

කොයි ගමේ කට්ටියද

:       1       0

KANDEPOLA Thursday, 18 July 2019 03:44 AM

සජිත් එක්ක ඇති සජිත්ගේ ගමේ මිනිස්සු. අපේ ගම්වල මොලේ තියෙන, ඇස් පෙනෙන, කන් ඇහෙන මිනිස්සු නම් සජිත් එක්ක නෑ. ඔහු මේ රටේ නායකයා වුණොත් මෑත කාලයේ ලෝකයේ බිහිවෙන නරකම ඒකාධිපතියා ලංකාවෙන් බිහිවෙනවා. (මෙය කිසිඳු දේශපාලන පක්ෂයකට කඩේ නොයන ස්වාධීන ඡන්ද දායකයෙකුගේ ප්‍රකාශයකි..)

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1464 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 688 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 592 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 317 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 550 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 503 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site