IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘වරාය ගැන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ මහින්ද සමරසිංහ‘

(හර්ෂණ තුෂාර සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට කොළඹ වරාය සම්බන්ධයෙන් කිසිදු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එම රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජපානය සහ ඉන්දියාව ඒකාබද්ධව රාජ්‍ය හවුල්කාරීත්ව පදනමක් මත සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ එකඟතා ගිවිසුම අවලංගු කර වරාය අධිකාරිය යටතේ පමණක් එම සංවර්ධනය සිදුකිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අනුමත කර දෙන ලෙස මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් ඉල්ලා තිබිණි. 

එහෙත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද්දේ කැබිනට් අනුමැතිය ඇතිව බව රජයේ ආරංචි මාර්ග කියයි. එම ගිවිසුමට ඉන්දීය පාර්ශවය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මියද, ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද නවදිල්ලි නුවරදී අත්සන් තැබුවේ පසුගිය වසරේ අප්‍රේල් 25 වැනිදාය.

ඉන්දියාව සමඟ අත්සන් කර තිබෙන එම අවබෝධතා ගිවිසුමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියර සඳහා අවශ්‍ය බහාලු දොඹකර, ගැන්ටි දොඹකර සහ අනෙකුත් සියලු පහසුකම් ලබාදීමටත් එහි දෙවැනි අදියර සඳහා අවශ්‍ය සියලුම උපකරණ ලබාදීමටත් ජපානය එකඟ වී ඇත.

එලෙස උපකරණ ලබාදීමෙන් පසු හවුල්කාරීත්ව සමාගම ස්ථාපිත කරන බවත් එතෙක් නැගෙනහිර පර්යෙන්තයේ සියලු මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකරය මගින් සිදුකෙරේ.

අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියට කිසිදු මුදල් වැයවීමක් නොමැතිව සියලු පහසුකම් ඉන්දියාවෙන් ලැබෙන අතර හවුල්කාරීත්ව සමාගම පිහිටුවන අවස්ථාව වන විට ඉතා පහසුවෙන් බටහිර වරාය පර්යන්තය පිහිටුවීමේ ශක්තිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් පරිදි දෙරට අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම අහෝසි කළහොත් මේ අවස්ථාව මෙරටට අහිමි වනු ඇත.

 නැගෙනහිර පර්යන්තයේ කටයුතුවලින් අනතුරුව ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීම සඳහා ජපානය එකඟතාව පලකර තිබෙන අතර ඉන්දියාව සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම අහෝසි කළහොත් ඒ අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමි වනු ඇත.

 ලංකාවෙන් ප්‍රති නැව්ගත කරන බහාලුම් සංඛ්‍යාවෙන් සියයට 80ක්ම ඉන්දියාවේ බහාලුම් වන අතර ගිවිසුම ඒකපාර්ශ්විකව අවලංගු කළහොත් ඉන්දියාව මෙම බහාලුම් වෙනත් ආසියානු වරායක් හරහා ප්‍රති නැව්ගත කිරීමේ අවදානමක්ද මතුවේ. එසේ වුවහොත් කොළඹ වරායේ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටෙනු ඇත.

මේ අනුව ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙන පසුබිම තුළ ඒකපාර්ශවිකව ඒ ගිවිසුම කඩකිරීම සුදුසු නැති නිසා ඒ පිළිබඳව තම ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කර එකඟතාවක් ඇති කරගන්නා තුරු මහින්ද සමරසිංහ මහතාගේ කැබිනට් පත්‍රිකාව ගැන තීරණයක් ගැනීම පසුවට කල් තබන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා ඇත. එම ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව  රජයේ ආරංචි මාර්ග කියයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා හෙට (18) පිටත්ව යන අතර සෙනසුරාදා (20) දක්වා එහි රැඳී සිටිනු ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මියද හමුවීමට නියමිතය. 

 



අදහස් (5)

‘වරාය ගැන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ මහින්ද සමරසිංහ‘

sam Wednesday, 17 October 2018 02:20 PM

ඉන්දියාවයි, ජපානෙයි එකතුවෙලා අපිට මේක සංවර්ධනය කරලා දෙන්න යන්නේ නොමිලේද? සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාවට මොනවද මේකෙන් ලැබෙන්නේ? ඉන්දියාව මේක නොමිලේ කරලදෙන සංවර්ධනයක් නම් අපි අවශ්‍ය නැහැ කිව්වම එයාල මොකද තරහවෙන්නේ? මේක විශාල කුමන්ත්‍රණයක්... කොළඹ වරාය ඉන්දියාවේ භාණ්ඩ ප්‍රතිනව්ගතකිරීම මගින් විශාල ලාබයක් උපයනවා. එ්කත් ඉන්දියාවටම දීලා ඒ ආදායමත් නැති කරන්නද යන්නේ? මේ වැඩේට කොච්චර කොමිස් එකක් හම්බවුනාද? මෙයාලා ලංකාවේ අාදායම් මාර්ග නැත්තටම නැතිකරලා දාන්නද යන්නේ?

:       7       50

lalith Wednesday, 17 October 2018 03:54 PM

චොප්පේ අයියා කවද්ද පිස්තෝල අරන් මිනී මරන්න ගිහින් කුණු නාමේ අහගත්තේ? ගෝලයෙක් යැව්වා මිසක්...

:       0       15

sisira Wednesday, 17 October 2018 07:25 PM

"වෙනත් ආසියානු වරායක් හරහා ප්‍රති නැව්ගත කිරීමේ අවදානමක්" කියල අපිව ගොනාට අන්දන්න හදන්න එපා. කොහෙද වෙනත් ආසියානු වරායක් තියෙන්නේ ලෝකයේ ප්‍රධානම නැව් මාර්ගය අභියස? ඔය වැඩෙන් වෙන්නේ දැනට ඉන්දියානු බහලුම් ප්‍රති නැව්ගත කරලා අපට ලැබෙන මුදල ඉන්දියාවේ අතටම යන එකයි. අම්මප දුරදක්නා නුවණ?

:       23       51

Mahee Wednesday, 17 October 2018 09:36 PM

අම්මපා, මාව නම් කරකවලා අතෑරියා වගේ. දැන් කවුද වරාය භාරව ඉන්නේ? ඉන්දියා ගිවිසුම හොඳයිද එහෙනම්? නැත්නම් ඒක නරකද? අගමැති වරාය ඉන්දියාවට දෙන්න හදනවද? මලික්ට කවුද කිව්වේ ඉන්දියාවේදී ගිවිසුමක් අස්සන් කරන්න? මහින්ද සමරසිංහ විරුද්ධද?ජනාධිපති තුමා නම් විරුද්ධයි. අනේ, කවුරු හරි මට වතුර ටිකක් දෙනවද?

:       10       31

Chandima Thursday, 18 October 2018 05:59 AM

අනේ මේ ඔය මහා ලොකු ලොකු වැඩ කරන්න ගිහින් අන්තිමට කොළඹ වාරයත් අර හම්බන්තොට වගේ කොහේ හරි රටකට සින්න වෙනවට වඩා හොඳයි ඔය තියෙන විදියට කරගෙන යන එක.

:       0       25

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 808 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 154 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1000 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1036 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1347 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1201 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site