IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘නැවත කිසිම දිනෙක එජාපයට යන්නේ නෑ’

(ජයන්ත සමරකෝන්)

'කෙනෙහිළිකම් කැපිලි කෙටිලි ඉවසන්නට බැහැ.ඉවසීමේ සීමාවක් තිබෙනවා. නැවත කිසිම දිනක එජාපයට යාමේ සුදානමක් නැහැ. අද දිනය තුළ රට බලාපොරොත්තු වන ඒ දේශපාලන තීන්දුව ගන්නවා' යැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (7) පැවසීය.

පක්ෂය හැරගිය ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවද ඒ මහතා කීය. ජනපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණයෙන් ඇත්වෙමින් සිටින බවද, ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඉදිරියේම සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

තමා පක්ෂය හැරගිය හැමවාරයකදීම රිෂාඩ්, හකීම්, සුමන්තිරන් මෙන්ම රාජිත, රවී,ජෝන් ඇතුළු කණ්ඩායම තම නිවසට වරින්වර එවා ලබාදුන් පොරොන්දු, කළ කී දෑ සිදුකළ සාකච්ඡා පිළිබඳ ආන්දෝලනාත්මක හඬ පට හා සීසිටිවී දර්ශන රැසක් තමන් සතුව ඇතැයි ද ඔහු කීවේය.

කොළඹ 8 කාසල්වීදියේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහු මෙම කරුණු අනාවරණය කළේය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (35)

‘නැවත කිසිම දිනෙක එජාපයට යන්නේ නෑ’

Daminda Thursday, 07 November 2019 08:39 AM

අපෝ එන්නත් එපා. ලොකු දෙයක්.

:       2971       56015

මුණසිංහThursday, 07 November 2019 09:45 AM

නරියා මිදි වලට කිව්වේත් ඔය ටිකම තමයි.

:       1700       715

විනිවිද Thursday, 07 November 2019 10:50 AM

කෙනෙහිළිකම් කැපිලි කෙටිලි ඉවසන්නට බැහැ. ඉවසීමේ සීමාවක් තිබෙනවා. එජාපයේ වෙන කිසිවකුට නොමැති ඔබට පමණක් තිබෙන කෙනෙහිළිකම් කැපිලි කෙටිලි දන්නේ ඔබම පමණි. ඔබට කිසිම ඉවසීමක් නොමැත. ඉවසීම ඔබ වචනයට පමණක් සිමා කොට ඇත.

:       0       145

C.K.Lankaputhra Thursday, 07 November 2019 08:40 AM

සේනානායක කියන වටිනා නමේ පහරපු වව්ලෙක්. ඉගිලිලා ගිය එකමයි හොඳ. දැන් ඉතින් එහා පැත්තෙ වහයි.

:       1266       2530

iru Thursday, 07 November 2019 08:46 AM

ඔබ එපා.

:       228       1523

lalithm Thursday, 07 November 2019 08:47 AM

අතීතයේ පරම්පරාවට උරුමවුන නම කැත කර තමනුත් විනාශ වුන කෙනෙක්.

:       268       1507

saman Thursday, 07 November 2019 08:48 AM

මේ මනුස්සයා නැති එකම තමා හොඳ. ස්ථීර ප්‍රතිපත්තියක් නැති පුද්ගලෙයෙක් කිසිම පක්ෂයකට තියා රටටත් වැදගම්මක් නැහැ.

:       257       1611

wimal Thursday, 07 November 2019 08:57 AM

ඔබතුමා එන්න පොහොට්ටුවට.

:       118       2452

KamalThursday, 07 November 2019 09:51 AM

ලොකු දෙයක්.

:       9       150

Hafeel Thursday, 07 November 2019 10:43 AM

ඒ වුනාට සජිත් දිනන විට ආපහු යු එන් පි එකට පනිනවා.

:       118       137

ලුම්බිණි Thursday, 07 November 2019 09:18 AM

ඉතාම වැදගත් තීරණයක්. ඒත් කොච්චර කලකටද?

:       24       288

Upul Thursday, 07 November 2019 09:24 AM

මොකද්ද මෙයා රට වෙනුවෙන් කරලා තියන දේ.

:       91       1385

සංජීව Thursday, 07 November 2019 10:34 AM

ඇයි දෙයියනේ රටේ මිනිස්සුන්ට විහිලු සැපයීම. කොච්චර අමාරුද ඒක

:       0       65

athulaThursday, 07 November 2019 01:07 PM

ටික දවසකට එහෙට මෙහෙට පැන්න පැනිල්ලම මදිද ...රටකට මේවගේ අය කොච්චර වටිනවද ?

:       0       18

KAP Thursday, 07 November 2019 09:26 AM

එක්කෝ පැනලා කට වහගෙන ඉන්න ඕනේ. මේ අයව ආයෙමත් පත් කරන්න එපා. මෙය සේනානායක නමට අපහාසයක්. බොහෝ වැදගත් සීයලාට ඉන්නේ මේ වගේ කුජීත මුණුබුරෝ තමයි.

:       260       1543

DSThursday, 07 November 2019 09:46 AM

ගොන් හරකා.

:       0       128

kithsiri Thursday, 07 November 2019 09:35 AM

දැන් මොකද අලුතෙන් සහයෝගය දෙනවා කියන්නේ ?

:       0       19

වසන්ත Thursday, 07 November 2019 09:37 AM

කරුණාකරල මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වෙන්න. ඊට පස්සේ ඕනැ තැනක යන්න. ප්‍රතිපත්තියක් නැති ඔබ වගේ අය අවශ්‍ය නැත.

:       0       54

Wasantha Perera Thursday, 07 November 2019 09:50 AM

ආයේ ගන්නෙත් නැහැ.

:       0       74

Wasantha Perera Thursday, 07 November 2019 09:51 AM

පසුගිය පාර්ලිමේන්තුවේ දවස් කීයක් කතා කළාද?

:       0       37

Aris Thursday, 07 November 2019 10:19 AM

කට්ටියත් අරගෙන දැන්මම පනින්න. ගෝඨාභය මහත්මයා දිනුවට පස්සේ ඇවිල්ලා වැඩක් නැහැ.

:       133       105

සකිත් Thursday, 07 November 2019 10:24 AM

අලුතින්ම සොයා ගත් රාජකීය පරපුරක ගෙම්බෙක්.

:       0       42

Uditha - London Thursday, 07 November 2019 10:26 AM

අනේ මහත්තයෝ ඔය ගැන මොකට කතාද? ඕගොල්ලෝ වගේ මිනිස්සු තමා මේ රටට සාප.. කිසිදා කිසි අරමුණක් නැති මිනිස්සු ඕගොල්ලෝ..

:       0       49

සංජීව Thursday, 07 November 2019 10:36 AM

අනේ මෙහෙමත් කෙනෙක්. ගෝඨාභය ගාවට යන්නේ මේ වගේ අය තමයි.

:       1       77

Kumara Thursday, 07 November 2019 10:42 AM

අද තරුණ පරපුර ඔබට කතිරේ ගහන්නේ නැහැ. ඔය කොහාට පැන්නත් අනාතයි. දැන් තියෙන්නේ ගෙදරට වෙලා ඉන්න.

:       0       34

Hafeel Thursday, 07 November 2019 10:42 AM

මෙයාත් විජේදාසත් කාටත් හිසරදයක්.

:       0       66

Thilak Thursday, 07 November 2019 10:42 AM

මේ හාදයට ඡන්ද කීයක් තියෙනවද.?

:       15       64

හර්මානිස් Thursday, 07 November 2019 10:52 AM

ඔබනම් දේශපාලනයට කෙසේවත් සුදුසු නැත.

:       0       80

sirimal Thursday, 07 November 2019 10:55 AM

කියක් හම්බ උනාද දන්නේ නැහැ ? අපි දැක්ක එක්තරා නාලිකාවක කියනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරු 10 දෙනෙක් එක්ක මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා වෙන් වෙන්ව ඉතාම " සාර්ථක " සාකච්චා පැවැත්වූ බව. එම සාකච්චා වල අරමුණ වුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වරණය ජයගත් පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ප්‍රතිශතයක් සකස් කරගෙන අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්කර ගැනීම බවයි කියන්නේ.

:       0       179

marikkar Thursday, 07 November 2019 11:04 AM

දියවන්නාවේ බක බක ගානා ගෙම්බෝ ගොඩයි.

:       0       69

Rata Perata Thursday, 07 November 2019 11:51 AM

මේ වගේ අය එක පක්ෂෙකටවත් ගන්න හොඳ නෑ. ඡන්දෙ දෙන්නත් එපා.

:       0       0

සරනපාල Thursday, 07 November 2019 12:07 PM

ලොකු දෙයක්. දූෂිත පවුල් පාලනේ බලලෝභී බඩගෝස්තරවාදීන්ගේ සාටකේ එල්ලිලා ගොඩයන්න හිතාගෙන ඇති...

:       0       0

PA - RA Sunday, 10 November 2019 02:58 AM

සේනානායකලාට මොලේ පැදිලා.

:       57       0

විකුම Sunday, 10 November 2019 04:15 PM

රටේ පවට ජනිත වූවාට කරන්නට දෙයක් නැත..

:       0       0

yamange Monday, 11 November 2019 09:41 AM

මේක තමයි අන්තිම පැනිල්ල... ලබන පාර මෙයාට නෝ චාන්ස්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 99 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 17 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 39 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 578 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 199 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 261 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site