IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හිමි නමක් මාරාන්තික උපවාසයක

(නවරත්න සමරතුංග)

කල්මුණේ ශ‍්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී රන්මුතුගල සංඝරතන හිමියෝ අද (17) මාරාන්තික උපවාසයක් ඇරඹූහ.

කල්මුණේ උතුර දෙමළ කොට්ඨාසයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඩම් හා මූල්‍ය බලතල සහිතව උසස් තත්වයට පත් කරන ලෙස රජයේ අදාළ අංශ වෙත බල කරමින් මෙම උපවාසය අරඹා තිබේ.

උන්වහන්සේ කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම උපවාසය ආරම්භ කර ඇත.

උපවාසය සඳහා සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමයේ සභාපති එස්.ලෝගනාදන් නිත්‍යානන්දන් කුරුක්කල්,  තිරුබේනාදන් පියතුමා සහ නාගරික මන්ත‍්‍රී ඒ.විජේරත්නම් ඇතුළු සමාජ ක‍්‍රීයාකාරීහූ සහය දක්වති.



අදහස් (18)

හිමි නමක් මාරාන්තික උපවාසයක

C.K.Lankaputhra Monday, 17 June 2019 08:26 AM

හාමුදුරුවනේ, මාරාන්තික උපවාස ගැන බුදුහිමියන් අනුදැන වදාලේ කිනම් අවස්ථාවකදීද?

:       471       429

Kamal Perera Monday, 17 June 2019 08:39 AM

මොකක්ද මේ කරන වැඩේ, ප්‍රශ්න විසඳාගන්න නීති මගට යන්න...

:       144       287

RasikaMonday, 17 June 2019 09:17 PM

නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් මේවගේ දේවල් කරන්න ඕනේ නැහැ. ලංකාවේ නීතිය ගැන විශ්වාසයක් නැහැ. මුදල් වංචා ගැන , බොරු සාක්ෂිදීම ගැන නඩු ගණනාවක් තියෙන රවී කරුණානායක අර කමිටුවේ ඉදන් රාජ්‍ය සේවකයන්ගෙන් ප්‍රශ්න කරනවා, පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා.

:       0       26

දිමුත් Monday, 17 June 2019 08:48 AM

සාධාරණ ඉල්ලීමක් වගෙයි...

:       242       236

sirimal Monday, 17 June 2019 10:09 AM

මෙහි තියෙන බැනරයේ සිංහල මුලට නැහැ කියලා කාටවත් රුදාවක් හැදිලා නැද්ද තවම...?

:       34       153

mahesh Monday, 17 June 2019 10:21 AM

රටකට උසාවි පොලිසි ඕනෑ නැහැ.. හාමුදුරුවනේ ඔය ක්‍රමේ හොඳයි වගේ.. උපවාසයක් කරමු.. අපි කැමති නැත්නම්..!!!

:       10       22

kamal Monday, 17 June 2019 10:24 AM

බුද්ධ ධර්මයට විශාලතම හානිය සිදුවන්නේ කොතනින්ද?

:       45       26

Udaya Monday, 17 June 2019 10:29 AM

බුද්ධ පුත්‍රයන් වන සංඝයන් වහන්සේලාට මරාන්තික උපවාස කරන්න කිසිවිටක බුදුන්වහන්සේ අනුශාසනා කර නෑ. මේ ස්වාමීන්වහන්සේලා උපවාස රැල්ලක් කරගන්නයි හදන්නේ. කරුණාකර බුදුදහම පිළිබඳ වැරැදි වැටැහීමක් අන් අයට දෙන්නත් එපා, බුදුදහමට අගෞරව කරන්නත් එපා.

:       143       212

ravi Monday, 17 June 2019 10:42 AM

" මාරාන්තික උපවාස " දැන් බෝවෙන රෝගයක් බවට පත්වෙලා .

:       5       14

hasan Monday, 17 June 2019 11:19 AM

මොකද්ද මේ වෙන්නේ? හැමදෙයටම මාරාන්තික උපවාසය... එක්කෙනෙක් වත් තාමත් මාරාන්තික උපවාසය හරියට කරේ නෑ. කනවා බොනවා දවස් දෙකකින් අත හරිනවා..

:       5       12

sharm warn Monday, 17 June 2019 11:39 AM

එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ඉඩම් හා මුල්‍ය බලතල දෙනවා කියන්නේ පළාත් සභා වලටත් එහා ගිය බලය බෙදීමක් නේද ? මේක දැකලා අනිත් ප්‍රාදේශීය සභාවලිනුත් උපවාස කරන්න ගත්තම රටේ බලතල පොඩි පොඩි රාජ්‍ය පරිපාලන ආයතන වලට බෙදන්න ගියාම, රට කැලි කීයකට කැඩෙනවද කියලා නිකමට හිතලා බැලුවද ? මට නම් පෙන්නේ මේක අන්තිම භයානක ඉල්ලීමක් ...

:       0       15

KAMAL Monday, 17 June 2019 12:39 PM

අපේ නගරය අගනගරය කරන්න කියලා අපිත් උපවාස කරන්න යනවා. දැන් කොල්ලයි, බල්ලයි හැමෝම උපවාස කරන්න වෙලා..

:       0       19

chandima Monday, 17 June 2019 03:30 PM

අනේ හාමුදුරුවනේ ඕක මාරාන්තික උපවාසයක් නිසා දිගටම කරගෙන යන්න. අඩු ගානේ මේ ගොල්ලෝ ඉල්ලීම් දුන්නේ නැතිනම් තව්තිසාවටවත් ඉක්මණට යන්න පුලුවන්නේ? මේ රතන හාමුදුරුවෝත් පුරුදු කරපු දේවල් ඇත්තටම?

:       0       22

ධර්මසේනTuesday, 18 June 2019 05:18 AM

මේවා ඔක්කොම බොරු වැඩ.

:       0       0

roshan Monday, 17 June 2019 03:38 PM

කාටහරි මැරෙන්න දුන්නම ඉබේම නවතී.

:       1       44

Chanak los angeles Monday, 17 June 2019 10:20 PM

බික්ෂුන්ට ආරක්ෂා කලයුතු යයි අනුදැන වදාළ 228 ක් සහිත වූ ප්‍රාතිමෝක්ෂ ශීලය තුල මේ මාරාන්තික උපවාස ශීලයත් අනුදැන වදාලා තිබේද ?

:       0       0

Citisan Tuesday, 18 June 2019 05:02 AM

උපවාසම ඇති ආණ්ඩු කරන්න, 225 ක වියදම අපරාදේ

:       0       0

chithrananda Wednesday, 19 June 2019 11:47 PM

මොකක්ද මේ හාමුදුරුවන්ගේ ඉල්ලීම?එකෙන් කොහොමද පැවිදි භික්ෂුවකට බලපෑමක් වෙන්නේ?අනේ අපේ හාමුදුරුවනේ ඔය චීවරය මේ වගේ සිල්ලර වැඩවලට භාවිතා නොකර කරුණාකරලා ඕක පැත්තකින් තියලා සාමන්‍ය මනුස්සයෙක් විදිහට උපවාස කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ පුදුම දුක් කන්දරාවක් විඳලා දේශනා කරපු දර්ශනය විනාශ කරන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජී..ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 19 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 298 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 111 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1511 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3614 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1450 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site