IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සුදුවෑන් මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනාට රාජිතගෙන් මරණ තර්ජන

(ඉන්දිකා රාමනායක)
 

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධ සැබෑ තතු හෙළි නොකරන ලෙසට  දන්වමින් හිටපු අමාත්‍ය  රාජිත සේනාරත්න මහතාගෙන්  මරණ තර්ජනය එල්ල වී ඇති  බව පවසමින් එම සුදුවෑන්   මාධ්‍ය හමුවට එක් වු කොටහේන පදිංචි ඩබ්ලිව්. ජී. අතුල සංජීව මදනායක  අම්පාර පදිංචි එස්. ඩබ්ලිව්. ඒ. සරත් කුමාර යන දෙදෙනා  අද (27)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
 

මෙම සිද්ධියේ සැබෑ තොරතුරු හෙළිදරුවූ නොකරන ලෙස පවසමින් පාතාල සාමාජිකයකු  ලවා දුරකතන ඔස්සේ  මෙම තර්ජනය එල්ල කළ  බවට පවසමින් ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල  ඉදිරිපත් කිරීමෙන් පසු එහි සිටි මාධ්‍යවේදීන් අමතමින් සුදු වෑන්  මාධ්‍ය හමුවේදී  සුදු වෑන් රියදුරෙකු ලෙස පෙනී සිටි අතුල සංජීව මදනායක මෙසේ පැවසීය.
 
“මෙම සිදු වෑන්  මාධ්‍ය සාකච්ඡාව නිවැරදි නොකරන ලෙස පාර්ලිමෙන්තු රාජිත සේනාරත්න මහාත දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කරනවා. ඇප ලැබී අධිකරණ භූමියෙන් පිටතට පැමිණ  අපි කිව්වා  අපේ සැබෑ මුහුණින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා  සිද්ධියේ ඇත්ත තත්ත්වය හෙළි කරනවා කියලා.
 
කොටහේනේ  පදිංචි  වැලිකඩ බන්ධනාගරයේ සිටින පාතාල කල්ලි සාමජිකයෙක්  දුරකථනය ඔස්සේ ඇමතුමක් ලබා දී කිව්වා මෙම මාධ්‍ය සාකච්ඡාව නිවැරදි කරන්න එපා. මාධ්‍ය සාකච්ඡාව නිවැරදි කළොත්  උසාවි දිනයට අධිකරණයට එන්නට එපා කියා. එහෙම ආවොත් ගෙරද සුදු කොඩි එල්ලනවා කියලා
 
අපට තර්ජනය කළ සියලූ දේ  පිළිබඳ සාක්කි   අපේ දුරකතනයේ තිබෙනවා.  අපි  මේ දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී රාජිත සේනාරත්න මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා” යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (24)

සුදුවෑන් මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනාට රාජිතගෙන් මරණ තර්ජන

රාජිත Monday, 27 January 2020 01:05 PM

මෙන්න මම හදපු කිඹුලා මටම කනෝ...

:       0       235

palitha Monday, 27 January 2020 01:06 PM

කාල වරෙන්කෝ, අනේ අම්මේ දතාට වෙච්ච දෙයක්... කොහොම හිටිය කෙනෙක්ද මේ?

:       0       191

max Monday, 27 January 2020 01:11 PM

පහුගිය ආණ්ඩුව රටේ සෞඛ්‍යයට බාරදීලා තිබුණේ මොනතරම් දරුණු පුද්ගලයෙකුට කියලා මේකෙන් පේනවා. පාතාලයන් ඇසුරු කරන, අය ලවා මරණීය තර්ජන එල්ල කරන තත්වයේ මිනිස්සුන්ට ලොකු තනතුරු දීපු එකේ ආදීනව තමයි රනිල් මහත්තයා අද භුක්ති විඳින්නේ...

:       78       566

Pradeep Monday, 27 January 2020 01:26 PM

කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ.. කියලා කිව්වලු..

:       13       282

රවින් Monday, 27 January 2020 01:45 PM

මෙය බොහොම ස්වාධීනව බැලිය යුතු කරුණක්. මේ කියන දෙදෙනාගේ චරිත සහතික දෙස බැලීමෙන් පමණක් ඕනෑම කෙනෙකුට වටහා ගැනීම අපහසු නොවෙයි සිතමි...

:       107       224

RaveendraMonday, 27 January 2020 02:50 PM

ඔබගේ නිරීක්ෂණ ඉතාම නිවැරදිය. මෙසේ පවසන්නේත් තොත්ත බබාලා දෙන්නෙක් නොවන බව නම් ස්ථිරයි. එලෙසම "අරාජිතත් එවැන්නෙක්" බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු. බලයේ ඉන්නකොට මොන දේශපාලුවත් හැසිරෙන්නේ මෙලෙස බව රටට නම් අමුතුවක් නැත. දේශපාලුවෝ සැමවිටම හිතන්නේ බලය සදාකල් රැකගැනුමටනේ... මෙම අරාජිතයන් එම ගොඩටම වැටිලා ඉන්න තවත් එක් අයෙකි.

:       0       170

සේන Monday, 27 January 2020 01:46 PM

කුම්බලා මාලු කෑවානම් දුක් විඳපන් බළලෝ. බල්ලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා.

:       1       88

ravi Monday, 27 January 2020 02:51 PM

අපි.. නම් කියන්නේ, මේ තුන්දෙනාවම එල්ලලා දාමු කියලා..! කැමති අය අපිට කැමැත්ත දක්වන්න...

:       0       410

Ruhunu Monday, 27 January 2020 03:24 PM

රවී මහත්තයා, මේ තුන්දෙනා විතරක් නොවේ.., වැරැදි කරන අයත් , රටේ නීතියක් තියෙද්දී නීතිය ක්‍රියාත්මක නොකරන අයත්, මේවාට බලපෑම් කරන දේශපාලකයෝ ටිකයි ඔක්කොම අල්ලන්න ඕනෑ.

:       0       79

Nishan Monday, 27 January 2020 03:24 PM

රාජිතව කොටු කරන්න තවත් නාට්‍යයක් රඟපාන්න වගෙයි හදන්නේ. පාතාල සාමාජිකයා කාගේ කෙනෙක්ද කියලා ඔප්පු වෙලා නැතිකොට කොහොමද රාජිත මේ තර්ජනය කළා කියන්නේ?

:       505       325

Hafeel Monday, 27 January 2020 03:40 PM

බලනකොට ඇත්තටම මෙයා හෘද රෝගියක්ද? දැන් චණ්ඩියක් වෙලා.

:       0       94

විජිත්Monday, 27 January 2020 06:02 PM

මොන හෘද රෝගියෙක්ද...? ඔය මොලේ අමාරුකාරයාට හදවතක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවාද...?දොස්තරලා පපුව කපලා බලපු නැති නිසා තවමත් හිතාගෙන ඉන්නේ මිනිහාට හදවතක් තියෙනවා කියලා...හදවතක් තියෙනවා කියන ඔය හාදයා තමයි 88-89 කාලයේ " ප්‍රා" කියන මිනීමරු හමුදාව හදලා අසරණ තරුණ තරුණියන් දහස් ගණනක් ටයර් දමලා පුච්චලා දැම්මේ පණ පිටින්ම. හරි මොළකාරයා ඔය වගේ වැඩ වලට.

:       0       112

Mahee Monday, 27 January 2020 03:51 PM

රාජිත ගැන මට තිබෙන්නේ බලවත් අප්‍රසාදයක්. නමුත් මේ දෙන්නා දැන් නම් කාගේ හෝ බළල් අත් බවට පත්වෙලා මේ සින්දුව ගායනා කරනවා කියලයි මට හිතෙන්නේ. රන්ජා පස්සෙන් එලවන නාලිකාලා ආණ්ඩුවේ ලොක්කන්ගේ සහ ලොක්කන් යයි හිතාගෙන ඉන්න කුක්කන්ගේ බළල් අත් බවට පත්වී ඉන්නා සේම මේ දෙන්නා රාජිත පස්සෙන් එලවන ලොක්කන්ගේ බළල් අත් දෙකක්.

:       9       20

Sanath ඉතාලිය Monday, 27 January 2020 04:44 PM

හඬපට ඇතුළට කිඹුල එළියට... අද තිරගත කරන ලදී

:       0       7

Nandalal DE SILVA - France Monday, 27 January 2020 06:06 PM

තවත් හඬ පටි කිහිපයක් දොරට වඩින ලකුණු මේ පුවතින් පේනවා ! මේවා කියවන්න, විශ්ලේෂණය කරන්න තවත් යන්ත්‍ර සුත්‍ර ආනයනය කරන්න වේවිද මන්දා...

:       0       5

GAMAYA Monday, 27 January 2020 06:25 PM

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති තනතුර දෙවරක් දරපු මේ සුවපති එම ආයතනයේ ශ්‍රී ලංකාවේ දරපු ඇමති තනතුරේ ද ප්‍රති රුපයට නිගරු කළ මේ සුවපති.

:       0       7

prakaash Tuesday, 28 January 2020 04:02 AM

ඕක පොඩි දෙයක්.

:       8       1

ajith Tuesday, 28 January 2020 05:44 AM

මේක රජිතව ඇතුලට යවන්න හදපු බොරුවක් වෙන්න බැරිත් නැහැ.

:       223       132

Rata Perata Tuesday, 28 January 2020 07:33 AM

වහලුන්ගේ අදහස් දැක්කම කලකිරෙනවා. පාතාලයෝ සුදු වෑන් තිබුනා කියනකොට ඒවා බොරු කියනවා. ඒ පාතලයම තර්ජනය කළා කිව්වම රාජිතට බනිනවා. මේ ඔක්කොම තව එක මිනිහෙක් ඇතුළට දාන්න ආණ්ඩුව කරන සංදර්ශන විතරයි.

:       361       78

suddaWednesday, 29 January 2020 12:30 AM

ඉතින් එහෙනම් රවී ගෙන් අහන්න රාජිතගේ කෙරුවාව. මේ රවිට කරන අපහාසයක් නෙවෙයි.

:       0       0

BamunuarachchiWednesday, 29 January 2020 02:49 PM

රට පෙරට යන්නේ ඔහෙලා වගේ අය සුදුවෑන් වල ගියොත් තමයි...

:       0       1

BamunuarachchiWednesday, 29 January 2020 02:50 PM

බූරු දිවයිනෙන් ආවද කියා සිතේ...?

:       0       0

prakaash Tuesday, 28 January 2020 08:43 AM

කුමන්ත්‍රණකාරී රාජිතගේ කෙරුවාව.

:       1       29

උපුල Wednesday, 29 January 2020 08:14 AM

ලැජ්ජා නැතිව කියන හැටි සල්ලී වලට මේක කළා කියලා. ඒක නිදහසට කාරණයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 135 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 295 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 856 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 749 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 634 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 316 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site