IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ස්විස් තානාපති නිලධාරිනිය ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව යයි

(නිමන්ති රණසිංහ)

පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 3 වැනිදා කළ නියෝගය ප්‍රකාරව ගානියා බැනිස්ටර් මහත්මිය ඇගේ නීතිඥවරුන් දෙදෙනකු සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමග අද (8) පස්වරු 2 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එම නිලධාරියා කීය.

සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඇය පැමිණෙන බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන ඒකකයට පසුගිය සිකුරාදා (06) දැනුම් දී තිබූ බව ද වාර්තා විය.  

ශ්‍රී ලංකාවේ  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන මෙම නිලධාරිනිය නොවැම්බර් මස 25 වැනිදා කුරුඳුවත්ත පොලිස් වසමේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පස් දෙනෙකු විසින් පැහැරගෙන ගිය බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියා විසින් ඉකුත් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම නිලධාරිනිය පැහැරගෙන ගොස් ලිංගික අතවර කර නිශාන්ත සිල්වා නමැත්තාට වීසා ලබාදීම පිළිබඳව ප්‍රශ්න කර ඇගේ දුරකථනය පරීක්ෂා කිරීමෙන් පසු පැය කිහිපයක් රඳවා තබාගෙන සිට පසුව මුදා හරින ලදැයි එම පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 3 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරුවන් පැහැරගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන තුරු ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව අයට අද (09) වනතුරු විදෙස් ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් පැනවීය.

මේ සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (9) යළි කැඳවීමට නියමිතය.
රහස් පොලිසියේදි මේ තැනැත්තියගෙන් පැය පහක පමණ ප්‍රකාශයක් සටහන් කරගත් බවද පැවසේ.

ප්‍රකාශය දීමට පෙර ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ඇත.
ප්‍රකාශය ලබාදීමෙන් පසුව ඇය අද රාත්‍රි 7 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබේ.

 



අදහස් (38)

ස්විස් තානාපති නිලධාරිනිය ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව යයි

සෙල්වර්රාජ් Sunday, 08 December 2019 02:26 PM

දැන් අැම්බියුලන්ස් ප්ලේන් එකට එන්න ඉඩදෙන්න.

:       1092       107

sudath Sunday, 08 December 2019 02:41 PM

රට රටවල් නියෝජනය කරන තානාපති පැලැන්තියේ අයත් සාවද්‍ය ප්‍රකාශ කරන බවට හොඳාකාරව ඔප්පුවුණා.

:       4424       3289

Tharindu PereraSunday, 08 December 2019 03:31 PM

වහල්ලුන්ට ඒවා සාවද්‍ය ප්‍රකාශ වගේ තමා ඉතින්... හිතන්න පුළුවන්කමක් නැහැනේ...

:       1338       2108

PrasadSunday, 08 December 2019 05:44 PM

රාජිත හොඳට හිතලා කියන්න ඇති...

:       46       801

subha pereraSunday, 08 December 2019 05:19 PM

කොහොමද ඔප්පුවුනේ..? මේවා අපේ කට්ටියගේ ගෝත්‍රික මන්ද මානසික වැඩ. මිට කලින් තමයි නිව්ස් හබ් ආයතනයට පැනලා ගෝඨාභය ජනාධිපතිට විරුද්ධව වාර්තා පලකළා කියලා මිරිහාන පොලිසිය තර්ජනය කළේ. අපිට වඩා මේ රට ගැන පිටරටවල් දන්නවා. මහින්ද රාජපක්ෂත් 80 ගණන්වල ස්විස් ගිහිල්ලා තමයි ආරක්ෂා වුනේ...

:       827       1595

SamanSunday, 08 December 2019 07:34 PM

මහින්ද රාජපක්ෂ 80 ගණවල ස්විට්සර්ලන්තයට ගියේ එයාට ආරක්ෂාව ඉල්ලන්න නෙවෙයි. එකළ ඝාතනයට ලක්වුණ ජේවීපී සහ ජේවීපී නොවුණු අහිංසකයන් වෙනුවෙන්. අනික ඔබම කියනවාම් මහින්දට ආරක්ෂාවක් අවශ්‍ය වුනා කියලා, ඔබත් එහෙනම් පිළිගන්නවනේ යුඑන්පී සහ ප්‍රා සංවිධානය කරපු දේවල් ගැන.

:       438       465

සමන්ත Sunday, 08 December 2019 07:02 PM

ඇත්තටම මේ වගේ වහල්ලු ජාතියකට සාපයක්. ඕනෑම පවතින රජයක් යම්කිසි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එරෙහිව මර්දනය දියත් කරන්නේ නම් එය මිනිස්සු විදියට පළමුව හෙළාදැකිය යුතුයි. ඕනෑම ප්‍රශ්නයක් කෙලින් කතාකර, සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳාගන්න පුළුවන් විය යුතුයි. පැහැරගෙන ගිය කතාව බොරුවක් කියන්නේ කවදාවත් එවැනි තර්ජනයකට ලක් නොවී එක එකාට වැඩ කර කර ඉන්න අන්ධ, ගොළු, බිහිරි මිනිස්සු විතරයි. අපි රාජ්‍ය මර්දනයට මුහුණ දීලා ඒ ගැන දන්නා මිනිස්සු විදියට මේ වගේ කැත වැඩවලට එරෙහිව නැගී සිටිය යුතුයි කියලා කියනවා.

:       384       1246

සමන්ත Sunday, 08 December 2019 07:37 PM

ඕනෑම පවතින රජයක් යම් කිසි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එරෙහිව මර්දනය දියත් කරන්නේ නම් එය මිනිස්සු විදියට පළමුව හෙලා දැකිය යුතුයි. ඕනෑම ප්‍රශ්නයක් කෙලින් කතා කර , සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසදාගන්න පුළුවන් විය යුතුයි.

:       4       183

රවින් Sunday, 08 December 2019 02:56 PM

මෙතෙක් පැවති පරීක්ෂණ හා ප්‍රකාශ සටහන් ගරු අධිකරණයට වාර්තාකර ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පලකරන්න. ලොවටම කියන්න. ඒ උදවියට කියන්න හැංගි හැංගි වෙස් මුහුණු බැන්දාට නටන්න ඕනේ එළිපිට කියලා. නැතිනම් හැමදාම සුඛවිහරණය සලස සලසා අපිට ඉන්න වෙයි.

:       170       511

Thiw Sunday, 08 December 2019 03:12 PM

ඔබ සිංහලයෙක් නම් සංවර්ධිත රටකට සංක්‍රමණය වීමට දහසක් ලියකියවිලි හා අනේකවිධ සුදුසුකම් සපුරාලිය යුතුයි. ඔබ එවන් අයෙකු නොවේ නම් අවශ්‍ය බොරු පැමිණිල්ලක් පමණි.

:       542       1195

PereraThursday, 12 December 2019 02:34 AM

සිංහල මිනිස්සුන්ව ඒ තරමට මුළු ලෝකෙටම අවිශ්වාසයි...!!!

:       0       0

saliya Sunday, 08 December 2019 03:24 PM

සිදුවූයේ කුමක්දැයි අපි නොදනී. ඔය කියන විදිහට "ටුවර් " එකත් ගිහින් පණ බේරා ගෙන ආවා නම්, දෙයියන්ට පින් දීලා, පාඩුවේ ඉන්න එක තමයි ඇඟට ගුණ...

:       192       317

Nuwan Sunday, 08 December 2019 03:37 PM

කොන්ද පණ තියෙන ජනපති කෙනෙක් විදේශ ඇමැති සහ රාජ්‍ය නිලධාරීන් නිසා ගුවනින් යන්න සිටි අසාධ්‍ය රෝගියාට ප්‍රකාශ දෙන්න එන්න පුළුවන් වන තරමට හොඳ වුණා.

:       3520       2825

jayath Sunday, 08 December 2019 03:45 PM

ඔය ගිලන් රථවලට එන්න කියන අය මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න 1) ඔය කියන දවසේ, ඔය කියන වෙලාවේ මෙයා ප්‍රසිද්ධ පුද්ගලික ටැක්සියක ගියා කියනවා. නමුත් අදාළ සමාගමේ දත්ත බැලුවම ඒ කියන වෙලාවේ ඒ දවසේ ඒ හරියක ටැක්සියක් තිබිලා නැහැ.. 2) අදාළ දුරකථන දත්ත පිරික්සීමේදීත් ඔය කියන විදියේ පණිවිඩයක් හුවමාරු වෙලා නැහැ. 3) ඔය පහර ගැනීම වුණා කියන ප්‍රදේශයේ අවට සී.සී.ටී.වී මොකක්වත් ඔයකියන විදියේ සිදුවීමක් පටිගත වෙලා නැහැ. විශේෂයෙන් අසල තියන ජපාන තානාපති කාර්යාලයේ 4) ඔය කියන තැනැත්තියට ඔච්චරම අමාරු නම් ඔය අදාළ රටම මුල් කරගෙන තියන රතුකුරුසේ වගේ සංවිධානයකට මේ "ලෙඩා" ගැන ඉදිරිකටයුතු බාර දෙන්න බැරි ඇයි?

:       1247       1040

Nandalal DE SILVA - FranceSunday, 08 December 2019 06:48 PM

මේක රාජ්‍ය තාන්ත්‍රික සිදුවීමක් නිසා, විදේශ කටයුතු භාර ඇමතිවරයා ඇතුළු සියලු දෙනාම CID එක සමග ගැඹුරින් මේ සිදුවීම ගැන සොයාබලා අධිකරණය දක්වා මේ ප්‍රශ්නය ගෙනගියා. එහිදී තමා මේ නිලධාරිනියට 9 වැනිදා වනතුරු රටින් පිටවීමේ තහනම් නියෝගයක් පැනවුයේ. ඒ නිසා ඔබගේ තර්ක විතර්ක සත පහක් නොවටිනා බව මේ තීරයට කොමෙන්ට්ස් දාන හැමෝම දන්නවා ...

:       215       55

milindaMonday, 09 December 2019 03:25 AM

මෙහෙම හරි තොරතුරු වාර්තා කලාම ඩිස්ලයික් කරන වහල්ලු වැඩියි වගේ. ගොඩක් අයට ඕනේ බොරු පතුර පතුර ඉන්න.

:       177       226

උපාලි Sunday, 08 December 2019 03:53 PM

අර ඒ දවස්වල ප්‍රේමදාස ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය තානාපතිට කළා වගේ ස්විස් තානාපතිවරයාත් අපට පිළිගත නොහැකි රාජ්‍ය තාන්ත්‍රිකයකු වන බැවින් ඔහුව වහාම ආපසු කැඳවා ගන්නා ලෙසට එරටට දැන්විය යුතුයි.

:       1339       865

රට වැසිය Sunday, 08 December 2019 04:32 PM

දැන් රටින් පිටවෙන්න පුලුවන් ඇති අවශ්‍ය නම්...

:       42       6

Soma dubayi Sunday, 08 December 2019 04:33 PM

ඔන්න සුදුවෑන් ආයේ ඇවිල්ලා...

:       753       1577

Some aiiyaSunday, 08 December 2019 11:07 PM

සෝමේ, ඔයා ඩුබායිම ඉන්න නොදන්නා මගුල් කතා කරන්නේ නැතුව ...!!! තාම රටේ වෙන්නේ මොනාද කියලා ඇත්ත දන්නේ නැතුව ඉන්නේ ගොඩක් අය. මෙතන ලයික් දාන්නේ සහ ගොඩක්ම රටට විරුද්ධව ලියන්නේ අර මඩ බලකායේ අය.

:       2368       1318

සිරි Sunday, 08 December 2019 06:03 PM

"තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියා විසින් ඉකුත් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට" මෙහි සඳහන් වුවත් "මේ ගැන කිසිදු පැමිණිල්ලක් කර නැති බව" නේද අගමැතිවරයා ප්‍රකාශ කලේ...?

:       7       520

athula Sunday, 08 December 2019 07:44 PM

දැන් බලනකොට කලින් තාජුදීන් ඔහුවිසින්ම සියදිවිහනි කරගෙන එකනැලිගොඩත් එහෙමයි ලසන්ත වික්‍රමතුංගත් එහෙමයි ඒවගේම පොද්දල ජයන්ත අත පය 4 ම කඩාගෙන ඔහු විසින්ම, කීත්නොයාර් ඔහුම ඔහුගේ මුහුණ පොඩිකරගෙන.

:       15       159

Praba Monday, 09 December 2019 12:20 AM

මොන බොරුද? විමල් වීරවංශ , ප්‍රසන්න රණතුංග වගේ වගකිවයුතු දේශපාලකයන් කීප දෙනෙක් කිව්ව පැහැරගැනීමක් වුනේ නෑ කියලා.

:       12       73

Nandalal DE SILVA - France Monday, 09 December 2019 12:24 AM

ඔහේ කටට එන ඕනෑම දෙයක් දොට්ට දමා ශේප් වෙලා යාම අපේ දේශපාලුවන්ගේ සිරිතක් බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ කාරණාවක් නොවේද ? මෙවර අපේ රටේ පාලන තන්ත්‍රය අනාගන්න හදන්නේ ලෝකයේ තිබෙන එකම ස්වාධීන රාජ්‍යය සමග බව අමතක නොකළ යුතු වෙනවා. එවැනි ප්‍රතිපල අපේ රටට විශාල වශයෙන් හානිකර වෙන්නත් පුළුවන්.

:       190       268

janaka Monday, 09 December 2019 03:31 AM

තරිඳු පෙරේරා, සුභා පෙරේරා, සෝමා ඩුබායි, නන්දලාල් ඩි සිල්වා අයගේ අදහස් පිළිබඳව පුදුම හිතෙනවා. මෙයාලා අපරට විනාශ කරන්නට බලාහිඳින දේශද්‍රෝහීන් ගණයට වැටෙන අයයි. මෙම සිද්ධිය පිළිබඳ තානාපති කාර්යාලයේ තානාපති කාර්යාල සේවිකාවකට තර්ජන සිදුව ඇත්තේ 25 වැනිදා වන බවත් එය අනාවරණය වූයේ 27 වැනිදා බවත් මේ කියන අන්දමේ තර්ජනයක් වී නම් එය තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීම හා අදාළ කාන්තාව පොලිසියට දැනුම් දීම වහා කළයුතු නමුත් එසේ සිදුකර නැත. මේ රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය දුන් කාලසීමාව අවසන් වීමට පැය කිහිපයක් තිබියදී සති දෙකකට පසුව ප්‍රකාශයක් ලබාදීමට පැමිණියේ දෙසැම්බර් 09 වන දිනය පසුවුවහොත් අයව අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණු නිසයි. නමුත් මෙම පරීක්ෂණයට රජය සම්පූර්ණ ශක්තිය යොදවා නිමනොකළොත් අප රටට සහ නව රජයට බරපතල දෝෂයක් ඇතිවිය හැකිය...

:       271       151

roshan prananduMonday, 09 December 2019 04:19 AM

අනේ ඔය වගේ කඩේ යන අය‍ට ඕවා තේරෙන්නේ නැහැ.

:       23       47

සමන්ත Monday, 09 December 2019 04:33 AM

ඒ මිනිස්සු ඇත්ත කතා කරන කෙලින් අය. අපිට ජාති ආගම් බෙදා වැඩක් නැහැ. තමුන් වගේ අය සදාම් හුසේන්ට එහෙමත් හිටියා. ඉදි අමින්ටත් හිටියා.

:       23       116

suranjithMonday, 09 December 2019 06:05 AM

ඔයාගේ කතාව හොඳයි යමලෝකේ ඉන්න නරයන් හට මනුසත් බවට වත් ගරු කරන්නේ නැති ඔබ වැනි අයට වෙනම නිරයක් නිර්මාණය වෙයි වැඩි කල නොගොස්.

:       3       125

Sugath Monday, 09 December 2019 04:28 AM

අසත්‍ය ප්‍රචාර කියකියා බොරු බේගල් කියන්නේ නැතුව හරි විදියකට මේක විසඳන්න. නැතිනම් අපිව ජාත්‍යන්තරයෙන් පිළිකුල් කරාවි. අපි ස්වයංපෝෂිත රටක් නොවේ. අපි අන් රාජ්‍යයන් සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර ගත යුතුයි. විමල් වීරවංශ වගේ කට්ටිය ජාත්‍යන්තරයට බනින එක විතරයි කරන්නේ. මේවා වැරැදි වැඩ. දැන් අනිත් ගිවිසුම් හොඳයි කියන ගම්මන්පිලලා වගේ කට්ටිය මහජනයා මුලා කරනවා. මේ ගොල්ලන්ගෙන් නව රජය පරිස්සම් විය යුතුයි. අපි ජාත්‍යන්තරය සමග සමගියෙන් වැඩ කළොත් අපේ රටත් දියුණු රටක් වේවි...

:       3       150

සමන්ත Monday, 09 December 2019 04:41 AM

සමන්ත මේ කැත වැඩේ කරේ කමල් ගුණරත්නගේ අණපරිදි අලුතෙන් සී.අයි.ඩී. එකට ආව තිලකරත්න සහ ගෝලයෝ සෙට් එක කියලා බටහිර රහස් ඔත්තු සේවා දන්නවා. පස්සේ සීසීටීවී දර්ශන ඔක්කොම මකලා දාලා. ඒ නිසා මොන බයිලා ගැහුවත් දැන් වැඩක් නෑ. හෙට අනිද්දාට රිටර්න් එක ලැබෙනවා. දැන් තියෙන්නේ දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්න එක.

:       261       1101

PrasadMonday, 09 December 2019 08:08 AM

ලංකාවේ ඉන්නවා නිවටයන් රැලක්... කවුරුහරි ලංකාවට කෙළිනකම් බලන් ඉන්නේ...

:       342       225

PrasadMonday, 09 December 2019 10:20 AM

සමන්ත කියන්නේ බටහිර ඔත්තු සේවාවලට වැඩකරන කෙනෙක් වගේ.. නැත්නම් කොහොමද මෙච්චර තොරතුරු මෙයා දන්නේ? ආරක්ෂක අංශ හොයලා බලන්න මෙයා කියන රිටර්න් එක මොකක්ද කියලා...

:       56       86

සමන්තMonday, 09 December 2019 11:34 AM

වහල්ලුන්ට හැමතැනම පේන්නේ හතුරෝ. බටහිර හතුරෝ, ඉන්දියාව හතුරෝ, ඇමෙරිකාව හතුරෝ, ඉන් දියාව දුන්නා ඇම්බියුලන්ස් ඔත්තු කාරයෝ, භීතියෙන් ඉන්නේ... හැබැයි ලොකු ටෝක් දෙන්නේ. ඕයි අපි ඔහෙලට වැඩිය දේශප්‍රේමියෝ... හැබැයි වැරදි දේ වැරදි කියනවා. එක එකාගේ වැඩ නිසා හෙට අනිද්දාට කන්නවත් නැති වෙනකොට තේරෙයි. අරෙහේ තවම කේස් ලෑස්ති පිටනේ තියෙන්නේ...

:       86       10

Deepal Nirosh Monday, 09 December 2019 05:14 AM

රටට අපකීර්තියක් අත්කර දෙන්න ගොතපු නාටකයක් ගැන අපේ කට්ටිය බෙදිලා විවාද කර ගන්න හැටි නේද? මේ වගේ රටට එරෙහි කාරණයකදීවත් ඒක මතයකට එන්න බැරි ජාතියක් කවදා දියුණු වෙන්නද? බැරි වෙලාවත් අධිකරණ නියෝගය නොතිබෙන්න මේ දූතිකාව මෙලහට රටින් පිටවෙලා. එහෙනම් ඔය පරීක්ෂණවත් ඉදිරියට ගෙනියන්න ලැබෙන්නේ නැහැ. එළඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී බලන්න තිබුණා අත්වෙන ඉරණම...

:       1172       401

suranjithMonday, 09 December 2019 06:12 AM

ඔය කියන්නේ ඔයාගේ ලොක්කෝ ටික කරන ඒවා ඇස් වසාගෙන බලාගෙන ඉන්න කියල නේද නාටකය එලි දැක්වුයේ ඔබගේ ලොක්කන් මිස අහිංසක සේවිකාව නොවෙයි. ඔහොම පෙරට යන් ඉදිරියේදී දැක ගන්න පුළුවන් ජනතාවට ඔබලාගේ කෙරුවාව.

:       843       720

anton Monday, 09 December 2019 08:54 AM

කවුරුවත් කතා කරන්නේ නැත්තේ ඇයි මේ වැඩේ කරපු මැරකල්ලිය ගැන? උන්ව අල්ලයි කයල තමයි බය...

:       133       61

Athula kMonday, 09 December 2019 10:12 AM

අල්ලන්න එහෙම මැර කල්ලියක් ඉන්න ඕනෑනේ. රාජිත කට දාපු ගමන් එළි වුණා පට්ට බොරුවක් කියලා. ඔය කියන රටේම නේද කොටි සංවිධානය මිනීමැරූ එකක් නොවේ කිව්වේ ළඟදි.

:       66       30

Ranga Wednesday, 11 December 2019 03:37 AM

යූ.එන්.පී.මඩ බලකාය තාම වැඩනේ. මං හිතුවෙ ඡන්දෙන් පස්සෙ විසුරුවන්න ඇති කියලා.

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 147 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 351 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 63 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 16 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 64 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 617 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site