(එෆ්.අස්ලම්)

ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාව ඉලක්ක කර ගනිමින් ගෙන ගිය ප්‍රචණ්ඩත්වයම එම ජනතාවට අවි එසවීමට හේතු වූ බවත් කොටි සංවිධානය පමණක් නොව ස්වයං අයිතිය වෙනුවෙන් පෙනී සිටි සියළු දෙනා රජයේ ඉලක්ක බවට පත්වූ බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පැවසීය.

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සමගාමීව මානව හිමිකම් කවුන්සිල පරිශ්‍රයේ පැවති උප කමිටු රැස්වීම්කට එක්වෙමින් පොන්නම්බලම් මහතා මේ බව කියා සිටියේය.

එක් ජන කොට්ඨාසයකට තම ස්වයං අයිතිය විදීමට ඉල්ලීම වෙනුවෙන් කුමන හෝ නීතිමය පියවරකට යා හැකි බව වියට්නාම ප්‍රකාශනයෙන් පැහැදිලිව සඳහන් කරල තියෙනවා.

ශ්‍රීලංකා රජයේ දෙමළ ජන සංහාරයට ලක්වෙලා තවමත් දෙමළ ජනතාව ජාතියක් විදිහට තම ස්වයං අයිතිය වෙනුවෙන් අරගල කරමින් සිටිනවා.එල්.ටී.ටී.ඊ සංවිධානය පමණක් නොව දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය වෙනුවෙන් අරගල කළ ඊට සහාය වූ තනි පුද්ගලයින් පවා ශ්‍රීලංකා රජයේ ඉලක්ක බවට පත් වුනා.ඔවුන් අතින් බොහෝ සංවිධාන,පුද්ගලයින් මෙන්ම වෘත්තිය ජනමාධ්‍යවේදීන් පවා බොහෝ ලෙස හිංසාවට පීඩාවට පත්වුනා.

යුද්ධය පැවති කාලයේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 48 දෙනා අතරින් 41 දෙනෙකුම දමිළ ජනමාධ්‍යවේදීන්.දමිළ ජාතිකයින් නොවන සෙසු මාධ්‍යවේදීන් 07දෙනාම දෙමළ ජනතාවට එරෙහිව රජය ගෙනගිය අරගලයේ  රජයේ අසාධාරණකම් අයුක්තීන් හෙලිකළ මාධ්‍යවේදීන් වෙනවා.

තමිල්තන්ති පුවත්පත ස්වයං අයිතිය වෙනුවෙන් අරගල කළ කොටි සාමාජිකයෙකුගේ ජීවිකාව ගැන ලිපියක් පලකර හේතුව උඩ එම මාධ්‍ය ආයතනයට ත්‍රස්ත මර්ධන ඒකකය යොදවා තර්ජනය කරල නීතිමය පියවර අරගෙන තිබුනා.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනව කියල මේ ජිනීවා කවුන්සිලය ඉදිරියේදීම ශ්‍රීලංකා රජය පොරොන්දු වුනත් පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකය මෙලෙස කටයුතු කර තිබෙනවා.දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය ස්වයං වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටිය යුතුයි.නැතිනම් ස්වයං අයිතිය වෙනුවෙන් අරගල කරන දෙමළ ජනතාව තවදුරටත් රජයේ ඉලක්ක බවට පත් වේවි යැයිද හෙතෙම කීවේය.