(මුදිතා දයානන්ද)
මැති ඇමැතිවරු සාමාන්‍ය මගී පර්යන්තය වෙනුවට ගුවන්තොටුපළේ විඅයිපී පර්යන්තය භාවිතා කරන්නේ නම් ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක‍්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද එය වෙනත් බොහෝ රටවලද පවතින නීතියක් බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (9) පැවසීය.
ඔහු මෙසේ පැවසුයේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදි ඔහු මෙසේද පැවසීය.
ජනාධිතිතුමාකමේ රටේ දේශපාලන සංස්කෘතික වෙනසක් ඇති කළා. ජනාධිපති කාර්ය මණ්ඩලය 250 ක් දක්වා අඩු කළා. ජනාධිපති සමඟ ගමන් කරන ආරක්ෂක රථවාහන ගණන පහකට සීමා කළා.
ජනාධිපතිවරයා විදේශ ගත වන විට වීඅයිපි පර්යන්තය භාවිතා නොකර සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නා පර්යන්තය භාවිතා කරමින් ආදර්ශයක් දුන්නා. ඒ වගේම මේ වන විට මැති ඇමතිවරුන්ටත් ගුවන්තොටුපළට ඇතුළුවීමට හා පිටවිමට සාමාන්‍ය මගී පර්යන්තයම භාවිතා කළ යුතු බවට යම් හෙයකින් වීඅයිපී පර්යන්තය භාවිතා කරන්නේ නම් ඒ සඳහා ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක‍්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඇත්තටම ඒක හොඳ දෙයක්. මේක තවත් ගොඩක් රටවල නීතියක්ව පවතිනවා. විදේශීය රාජ්‍ය තාන්ත‍්‍රිකයින් පැමිණෙන විට එය භාවිතා කළ හැකියි. එහෙත් දේශීය විඅයිපිලාට එය භාවිතා කළ හැක්කේ මුදල් ගෙවා පමණයි.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් එන්න ඩොලර් 1000 ක්
gunda Monday, 09 December 2019 11:11 AM
VIP එකෙන් යනකොට ගෙවන ඩොලර් 1000 ගෙවන්නෙත් අපිනේ . සාක්කුවෙන් දෙන්නේ නැහැනේ.
HemanthaMonday, 09 December 2019 11:20 AM
කතාව ඇත්ත.එත් ඉතින් මොනවා හෝ නැතිවෙනවට වඩා කුමක් හෝ තිබීම හොදයි කියලා තියෙනවනේ. හොද අගය කළ යුතු තීරණයක් අලුත් ජනාධිපතිතුමාගේ.
රවින් Monday, 09 December 2019 11:13 AM
හැබැයි ඕක ගෙවලා ඊට පස්සේ බිල ඉදිරිපත් කරලා මුදල් අපෙන්ම අයකරගනියි. එහෙම නොකළොත් ඒ අය අපේ රටේ දේශපාලුවෙක් වෙන්න බැහැ.
eresh S kumara Monday, 09 December 2019 11:15 AM
ඒක හොද දෙයක්. ඉක්මනින් ක්‍රියාවට නැංවිය යුතුයි.
rama Monday, 09 December 2019 11:15 AM
අපට නම් කමක් නෑ අපිට කරදර නොකර කොහෙන් හරි යන්න මුදල් තියෙනවනම් ඒක හොද දෙයක් රටට.
NuwanMonday, 09 December 2019 11:34 AM
ෂොපින් බෑග් එකේ ඇඳුම් දාගෙන දේශපාලනයට ආපු අය අද අක්කර 3000ක විතර ඉඩම් හිමි කෝටිපති මිනිස්සු... ඇමැති පඩියෙන් ඕවා ගත්තා කියලා හිතන මෝඩ ගොන්නු ඉන්න රටක් වෙලා මේක. ඉතින් ඔබතුමා හිතනවා නම් ඇමති කට්ටිය ඒ ගොල්ලන්ගේ සල්ලි දීලා ඕකෙන් යාවි කියලා මම පුදුම වෙන්නේ නැහැ..
NuwanTuesday, 10 December 2019 06:42 AM
මම කිව්ව දේට dislikes දාන්නේ අර කිව්ව ජාතියේ අය.
siri Monday, 09 December 2019 11:25 AM
අප්පච්චියේ. කොස් ඇටද? කජු ඇටද? මන්ත්‍රී උතුමන්ලාට ඒකත් දැන් වෙන ක්‍රමවේදයකින් හොයාගන්න තමයි වෙන්නේ...
Amara Monday, 09 December 2019 11:46 AM
මේ නිවේදන නිකුත් කරන්න ඕනේ පක්ෂ කාර්යාලවල ඉඳලා නෙමේ... රජයේ දෙපාර්තමේන්තුවක ඉඳලා..
Chandana F Monday, 09 December 2019 11:46 AM
කරුණාකරලා මේක තමන්ගේම මුදල් පසුම්බියෙන් ගෙවන්න.
sampath Monday, 09 December 2019 12:06 PM
පාර්ලිමේන්තුවේ කෑම එකක් රුපියල් 100ක් නේද? එ්ක වැඩි කරන්න එපා. අපිටත් එ්කෙන් කන්න දෙන්න..
Hafeel Monday, 09 December 2019 12:11 PM
මැදමුලන කෞතුකාගාර නඩුවෙන් නිදහස්... පාඩුව ජනතාවට. ඉතින් මේකත් කතාවක්ද?
Uditha - London Monday, 09 December 2019 12:15 PM
ඕක ගෙවලා බිල්එක ක්ලේම් කරගන්න පුළුවන්ද ඒ ගොල්ලන්ට..? එහෙම වෙනවා නම් ඉතින් බැඳලා ගැහුවත් එකයි, ගහලා බැන්දත් එකයි.
nimal007 Monday, 09 December 2019 12:29 PM
ඩොලර් 1000ක් ගෙවලා.. ඩොලර් කෝටියක බඩු පන්නවා ගන්න හොඳ මාර්ගයක්... මේක මේ කුඩු, මැණික්, රත්තරන්.. ගේන්න ගෙනියන්න හදාගත්ත මාර්ගයක් ..
Pappa Monday, 09 December 2019 01:22 PM
ලකුණු දාගන්න කරන බොරු ටෝක්ස්.. මේක මේ සැරේවත් ගෙදර එලවන්න...
ඉන්දික Monday, 09 December 2019 01:39 PM
ප්‍රශ්නය, මන්ත්‍රී යනු VIP කෙනෙක්ද..? එසේ නම් ඇ.ඩො1000 ගෙවීමට ඔහුගේ පඩිය ප්‍රමාණවත්ද? මෙය මන්ත්‍රී මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්.. උසාවි යන්න වෙන ප්‍රශ්නයක්...
godfrey Monday, 09 December 2019 02:14 PM
ඔය හැතිකරේගෙන් මොකුත්ම අයකර ගන්නේ නැතිව, සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නා පර්යන්තය භාවිතා කරවා, සාමාන්‍ය මිනිසුන් කන කට්ටම කැව්වා නම් ... ඔන්න රටේ නියම ජනපති කියන්නත් තිබ්බා. (මොකද ඔවුන් ඩොලර් 1000ත් කෙලින්නේ අපේ සාක්කුවේම නිසා)
විජිත් Monday, 09 December 2019 05:18 PM
හොඳ වැඩේට හොඳයි කියන්න මම අකමැති නැහැ. මම චුටි උදාහරණයක් දෙන්නම්. දැන් අවුරුදු 7 හෝ 8 කට පෙර මහින්ද මහත්මයාගේ කාලේ පැරිසියේ සිට ශ්‍රී ලංකාවට ආ ගුවන් යානය ගොඩ බැස්සුව ගමන්ම යානය තුල අමුතු කලබලයක් ඇතිවුනා. යමෙක් 15 දෙනෙකුගේ පමණ පාස්පෝර්ට් එකතුකරන්න පටන් ගත්තා. එතන හිටපු සමහර අය ගැන මම කියන්න යන්නේ නැහැ. ප්‍රංශයේ සිටින අය ඒ අය ගැන දන්නවා.. ගුවන් යානයෙන් පිටතට පැමිණි ඔවුන් එතන සිටි ගුවන් සේවා නිලධාරියෙකුට කතාකොට "..මේ ..මේ ..අපි ... ...ල ඇමතිගේ කට්ටිය. අපිව vip හරහා ගෙනියන්න. ඉක්මනට වාහන ඇවිල්ලා ඇති.." කීවා. ඒ නිලධාරියාත් වහාම අර ටිකව vip හරහා පිටතට ගෙන ගියා.එතන හිටපු අයගේ මුහුණු වල අමාරුවෙන් ආරුඪ කරගත් ප්‍රතාපවත් බවක් තිබුනා, මට තවමත් මතකයි.ඔය කියන ඇමතිවරයා අගමැති වෙනවා කියලා කිහිප සැරයක්ම රාවයන් පැතිරුනා.ඒ හැම වෙලාවකම ඔය කියන නෑයන් හදිස්සියේම ලංකාවට ගියා. ආපහු ආවා. නමුත් තවමත් ඔහු අගමැති වුනේ නම් නැහැ. නමුත් පැරිසියේ ඉන්න නෑයන්ගේ එකම සිහිනය තම නෑයා අගමැතිවිම දැකීමයි.
amareTuesday, 10 December 2019 09:31 PM
මම හිතන්නේ නිතරම දියවන්නාවේ නිදාගන්න කෙනා නේද ?
jagath vikrama........ Monday, 09 December 2019 05:21 PM
කුඩු කිලෝ 10 ක් විතර ගේනකොට ඩොලර් 1000 කජ්ජක් ද
Nihal Monday, 09 December 2019 05:26 PM
මමත් කැමැතියි ඩොලර් 1000 ක් දීලා යන්න
leel gunawardena Monday, 09 December 2019 07:42 PM
මොන පර්යන්තද සාමාන්‍ය මගියන් යන විදිහට යමු නේද.
vipula Tuesday, 10 December 2019 04:44 AM
VIP හා සාමාන්‍ය අතර වෙනස මොකද්ද ? චෙක් කරන දේවල් අඩුද ? මේගැන තොරතුරු දෙන්න ඕනේ .එහෙම චෙක් කරන්නේ නැත්නම් ඒවා නැවත පටන් ගන්න ඕනේ . කවුරුත් යන්නේ ම නැත්නම් වියදම අඩුකරන්න ඒ පැත්ත ලයිට් නිවල වහල දන්නා ඕනේ .