(රන්න චන්ද්‍රසේන ගමගේ සහ තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)
 
තංගල්ල පොලිස් කොට්ඨාශයේ පට්ටියපොල සදාහරිත වතු යායේ පිහිටි ජලය සිදී ගිය වැවක තිබූ ටී 56 ගිනි අවියක් අද(16)  දහවල් සොයා ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

තංගල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයා ගෙන තිබේ. ගිනි අවිය සමග ඊට යොදන පතුරොම් ගැබක්ද සොයා ගත් බව පොලීසිය පවසයි.