(තිළිණි ද සිල්වා)
 
පවතින වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීන රජය එරට ජනතාවට දැනුම් දී තිබේ.
 
ශ්‍රී ලංකාව තුළ පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනයක නිරත වන අතර පවතින වාතාවරණය සමථයකට පත්වන තෙක් මෙරට සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම්දී ඇති බව සඳහන්ය.
 
චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ගෙන්ග් ෂුඅන්ග් මහතා මේ බව සඳහන් කර ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
 
 
 
ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදු වූ ප්‍රහාරවලින් චීන ජාතිකයෙකු මියගොස් ඇති අතර තවත් 05 දෙනෙකු අතුරුදන්ව සිටින බව ඔහු පවසා ඇත.
 
 
තවත් චීන ජාතිකයින් 05 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත. 
 
ශ්‍රී ලංකාව තුළ සාමය හා ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට වෙනුවෙන් අඛණ්ඩව සහය ලබාදෙන බව ද ඔහු පවසයි.