ශ්‍රී ලංකාවේ කඳුකරයෙන් නෙළාගත් තේ දළුවලින් හදන තේ කෝප්පයක් ඩොලර් 200ක මිලකට (ආසන්න වශයෙන් රුපියල් 36,000කට) අලෙවි කරන ලන්ඩන් අවන්හලකට බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී ඇත.
ලොව හොඳම තේවලට ප්‍රකට ශ්‍රී ලංකාවේ තේ දළු නෙළන්නියන්ගේ දෑතින් නෙළාගත් මේ දුලබ තේ වර්ගය අලෙවි වන්නේ ලන්ඩනයේ බකිංහැම් මාලිගාව ඉදිරියේ පිහිටි ‘ද රූබන්ස් ඇට් ද පැලස්’ නමැති අවන්හලේය.
බ්‍රිතාන්‍යයේ මිල අධිකම තේ කෝප්පයක රස බැලිය හැක්කේ මෙම අවන්හලේදී යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය කියයි.
තේ පෝච්චියක් අළෙවි වන්නේ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 500 කට (ඇමෙරිකාන් ඩොලර් 620 එනම් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 109,000 ක) මුදලකටය.
ගෙවන අති විශාල මුදලට සමාන රාජකීය පිරිනැමීමක් තේ පිළිගැන්වීමේදී පාරිභෝගිකයන්ට හිමිවේ.
මෙම අතිවිශේෂ තේ සකසන්නේ ද විශේෂිත ක්‍රමවේදයකට අනුවය. මේ දුලබ තේවල මිහිරි රසය විඳින්නට නම් කිසිදු ආහාරයක් ගැනීමට පෙර තේ පානය කළ යුතු යැයි හෝටල් කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.
‘ගෝල්ඩන් ටිප්ස් ටී’ යනුවෙන් හැඳින්වෙන මෙම විශේෂිත තේ වර්ගය සුදු පැහැයක් ගන්නා අතර ඒවා ලැබෙන්නේ විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ තේ වතුවලිනි.
මෙම විශේෂිත තේවල වත්මන් මිල ඉතා අධික යැයි පෙනුණද අතීතයේදී මේ තේ අළෙවි වූයේ මීට වඩාත් වැඩි මිලකටය. වසර 1891 ක කාලයේදී මේ තේ අළෙවි වූයේ ඇමෙරිකානු ඩොලර් 1,500කට ආසන්න මුදලකටය.
‘ද රූබන්ස් ඇට් ද පැලස්’ හෝටලයේ හැදෙන මේ විශේෂිත දුලබ හා මිල අධික තේ සපයනු ලබන්නේ විශේෂිත තේ අළෙවිකරුවකු වන පී.එම්. ඬේවිඞ් සිල්වා සහ පුත්‍රයෝ සමාගමෙනි. පී.එම්. ඬේවිඞ් සිල්වා සහ පුත්‍රයෝ සමාගමේ මූලස්ථානය බර්ක්ෂයර්හි පිහිටා ඇති අතර ඔවුහු විශේෂඥ තේ අළෙවිකරුවෝ වෙති.
“රූබන්ස් ගෝල්ඩන් ටිප්ස් තේ දළුවලින් එහි සාරය තුන් වරක් පමණ උරා ගන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකදීම විශේෂිත සහ අලුත් රසයක් එනවා. ඒ වගේම ඒ සුවඳත් වෙනස්. මුල් අවස්ථාවේදී එන්නේ ඉතා සිනිඳු විල්ලුදවලින් එන සුවඳට සමාන සුවඳක්. දෙවැනි වරට එන්නේ කොමඩු සහ පෙයාර්ස්වල එන සුවඳක්. තෙවැන්නේ ඔබට එන්නේ මී පැණිවලින් එන සුවඳක්” යැයි පී.එම්. ඬේවිඞ් සිල්වා සහ පුත්‍රයෝ සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ‘ටී මාස්ටර්’ (විශේෂඥ තේ අළෙවිකරු) වන ධනංජය සිල්වා පැවැසීය.
ඬේලි එෆ්.ටී. හා ඬේලිමේල් ඇසුරිනි
055
2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් තීරණ තුනක් ගෙන තිබේ.
රජයේ පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් වේ නම් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පති
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් බැංගලෝර් බලා අද (19) අළුයම ගුවන්ගත කළ ගුවන්යානයක් විනාඩි 40 ක පමණ කාලයකින් පසුව නැවත ගොඩබැස්සූ බව එම ගුවන්
මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක පුටුවට පැමිණි පසු දේශපාලන සබඳතාවලින් මිදුනේ නැතිව කටයුතු කිරීම ඔහු කරගත් විශාලතම වරද බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් වැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්
මේ මාසය අවසන්වීමට පෙර පාතාලය නිහඬ නොවුණොත් ඊළඟ මාසය අවසන් වෙද්දී මත්ද්‍රව්‍ය හා පාතාලය මුළුමනින්ම තුරන්කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංකාවේ තේ දළුවලින් හදන තේ කෝප්පයක් ලන්ඩනයේ ඩොලර් 200ක්
Chathuri Thursday, 18 July 2019 10:31 PM
පුදුමයි මම ඇමරිකාවේ නිව්යෝක් වලින් ගත්තා 34 ස්ට්‍රීට් එකෙන් මේඩ් ඉන් ශ්‍රීලංකා තේකොල පැකට් 100 තියෙනවා ඇමරිකන් ඩොලර් එකයි, එක කෝප්පයක් හදන්න පැකට් 2 දමන්න ඕන, කවුරු හරි කුණු ගොඩක් එවල ලා, මම ලංකාවටත් එව්වා පවුලේ අයට ,
themisSaturday, 20 July 2019 02:41 PM
ලංකාවෙන් වෙන්න බෑ. මෙහෙත් පැකට් 25 පැක් එකක් ඩොලර් 1 පනිනවා. (ලංකාවේ) පරණ වූ ඒවාද දන්නේ නෑ.
SisiraSaturday, 20 July 2019 07:41 PM
ලංකාවේ තේ එකක් කීයද? පැකට් 100 කට කීයද?
කුමර Friday, 19 July 2019 01:06 AM
හදපිරි සුභ පැතුම් ....හරිම ආඩම්බරයකි
lalithm Friday, 19 July 2019 03:10 AM
අපේ මිනිසුන්ට ලංකාවේ හොඳ දේවල් හරියට ඉදිරිපත් කරන්න දැනුම දෙන්න ඕනේ රජයෙන්. ඒත් එහෙම වෙන්නේ නෑ. මේ ශ්‍රී ලංකාවේ
අනුර Friday, 19 July 2019 03:34 AM
ලංකාව ගැන මෙවැනි ප්‍රවෘත්තියක් අසන්නට ලැබීමත් හිතට ලොකු සතුටක් දැනේ.
මිණිරුවන් Friday, 19 July 2019 03:54 AM
මේ වගේ තේ එකක් බොන්න ලංකාවේ අපට පිනක් නෑ වගේ නේද?
leel gunawardena Saturday, 20 July 2019 10:04 PM
මේ තේ , අර රසයි මෙරසයි කියල විශාල මුදලක් ගසා කනවා නමුත් හේ දළු නෙලන අයට ලැබෙනවද ? අමතර දීමනාවක් මොනවද / මේ කතා .පොහොසත් කම කියන්නේ දුප්පත් කම තිබෙන නිසයි.
Sagandhi Tuesday, 23 July 2019 01:53 PM
හොඳම තේ කෙන්නියා තේ