(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ ගෙවී ගිය කාලයේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.6%කින් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව බ්‍රිතාන්‍යයේ ස්ටලිං පවුම්, ජපානයේ යෙන් සහ ඉන්දීය රුපියල යන මුදල් ඒකකවලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.
ගෝලීය මූල්‍ය තත්ත්වය ලිහිල්වීම සහ විශේෂයෙන්ම ඇමෙරිකාව ඇතුළු දියුණු ආර්ථික සිය මුදල් ප්‍රතිපත්ති මුහුණුවර වෙනස් කිරීම හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ලැබෙන විදෙස් ආයෝජන ගලාඒම් ද ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.
එම වර්ධන තත්ත්ව සහ අපනයනකරුවන් ඔවුන්ගේ ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම සහ උත්සව සමයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගලාඒම් ඉහළ යෑම යන කරුණු හේතුවෙන් ඇමෙරිකානු ඩොලරයට සහ අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (16) නිකුත් කළ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.45ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 172.61ක් ලෙසත් දැක්විණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රුපියල ඉහළ යයි
athura Tuesday, 16 April 2019 08:13 AM
මම දැක්ක මහින්ද මහත්තයාගේ ගෙදරදී හිටපු මහබැංකු අධිපති කෙනෙක් කියනවා රුපියල කඩා වැටිලා කියල.
kap Tuesday, 16 April 2019 08:22 AM
රුපියල ඉහළ යයි . බන්දුල පහළ යයි
deva Tuesday, 16 April 2019 09:35 AM
දැන් අර හොර නඩේ මොනවා කියයිද දන්නෑ..........
Jerami Tuesday, 16 April 2019 10:11 AM
රටක ආර්ථික කළමනාකරණය හරියට කරනකොට ඕක තමයි වෙන්න ඕන. අමරුවෙන් හරි මේ රජය ගෙන යන වැඩ පිළිවෙල හරි කියලයි මට හිතෙන්නේ. අනාගතයට තව හොඳ වෙයි.
nandana Tuesday, 16 April 2019 10:26 AM
මට හිතෙන්නේ මීට ප්‍රධාන හේතුව නම් අපේ විදේශගත ශ්‍රමකයින් අවරුදු සමයේදී ලංකාවේ වෙසෙන තම පවුල් වල උදවියට විශාල වශයෙන් මුදල් එවීමයි.
taniya Tuesday, 16 April 2019 12:38 PM
රුපියල ඉහල ගිල්ල නෙමෙයි ඩොලරය පහත වැටිලා
kumara Tuesday, 16 April 2019 01:06 PM
මොකද ඔහොම වෙන්නේ මේ දවස් වල විදේශ මුදල් හුවමාරුව අඩුය. දැන් බඩු ගෙන්වීම් නැහැ නිවාඩු කාලේ නිසා.. තව සතියකින් විතර බලන්න වෙන දේ...
sameera Tuesday, 16 April 2019 04:03 PM
මේකේ අදහස් දාන අයගේ හිතේ තියෙන්නේ "අනේ රුපියල පහල වැටෙන්න " කියල ආණ්ඩුවට බනින්න. බන්දුලගේ ප්‍රාර්ථනාව ඒකම තමයි. රුපියල පහල යනකොට කිඹුල් කඳුළු හෙලන එක්කෙනෙක්වත් රටට ආදරයට කෑ ගහනවා නෙවෙයි, අවස්ථාවාදී දේශපාලනයට බොර දියේ මාළු බානවා.