(හිරාන් ප්‍රියංකර ජයසිංහ, ඔගස්ටින් ප්‍රනාන්දු, රෝවන් පෙරේරා සහ එච්. චන්දන)
 
පුත්තලම  කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ දී අද (18) අලුයම වූ රිය අනතුරකින් සිව් දෙනෙකු මරණයට පත්ව 07 දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
 
යාපනය සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක පුත්තලම සිමෙන්ති සමාගමක ටිපර් රථයක් ගැටී එය බඩු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයකද ගැටී අනතුර සිදුව තිබේ.

ලොරි රථයේ රියදුරු, වවුනියාව තේක්ක වත්තේ විසු මො‍හාන් රාජ් පක්ෂාන් (30) අනතුරින් මිය ගොස් ඇත.

අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ද මියගොස් ඇති අතර එයින් එක් කාන්තාවක් ගැබිනියක් බවද පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවෙක්ද සිටී. 

 පුත්තලම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබු  දෙදෙනකු මේ වන විට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසය කියයි.

 

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)

(ඡායාරූප - රෝවන් පෙරේරා)

(ඡායාරූප - එච්. චන්දන)