(අජන්ත කුමාර අගලකඩ)

රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී ඒ සඳහා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සාරිය, ඔසරිය අමතරව වෙනම ඕනෑම සංවර ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලැබෙන අතර, මුහුණ ආවරණය නොවන පරිදි එම ඇඳුම් ඇදිය යුතු වේ.