IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය නිලධාරීන් 70 ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට යයි

ලිංගික අපයෝජන, නීතිවිරෝධී ලෙස බලපත්‍රදීම ආදී චෝදනා ලැබූ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 70 දෙනකු ඉදිරි දිනකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 

අදාළ නිලධාරීන්ට එරෙහිව දැනටමත් විමර්ශන පවත්වා ඇති බවත් ඔවුන් දැනට දරන ධුරවලින් ඉවත්කර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අදාළ නිලධාරීන්ට එරෙහිව විමර්ශනවලට අනුමැතිය දී ඇති බව ද වාර්තා වේ. 

ඇතැම් නිලධාරීන්ට එරෙහිව මීට පෙර චෝදනා එල්ලවී තිබී ඇති බවත් ඇතැම් නිලධාරීන් ඇතැම් චෝදනාවලට වරදකරුවන් වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර එසේ වුවත් ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම නිසා ඔවුන් දිගටම සිය ධුරවල කටයුතු කර ඇති බවත් එහිදී අනාවරණය වී තිබේ.

ඉහත කී නිලධාරීන් 70 දෙනා අතර ප්‍රාදේශීය ලේකම්වරුන් 30 දෙනකුට ආසන්න පිරිසක් සිටින බවත් එයින් ඇතැම් නිලධාරීන්ට ළමා අපයෝජන චෝදනා සහ නිල රාජකාරී ඉටුකිරීම සඳහා කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවටත් අනාවරණය වී ඇත. ඇතැම් දිස්ත්‍රික් ලේකම්වරුන් නීතිවිරෝධී ලෙස වැලි කැණීම් බලපත්‍ර ලබා දී ඇති බවටත් ඇතැම් නිලධාරීන් ඒවා විකුණා ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඊට අමතරව ඉහත කී නිලධාරීන්ගෙන් ඇතැම් නිලධාරීන් නීතිවිරෝධී අයුරින් බලපත්‍ර නිකුත්කර ඇති බව ද පැවසේ. ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෞද්ගලික කරුණු සහ තරහ පිරිමහ ගැනීම සඳහා ඔවුන් යටතේ සිටින නිලධාරීන් ක්‍රියාපටිපාටිවලට පටහැණිව යමින් මාරුකර ඇති බව ද අනාවරණය වී තිබේ. 

කොළඹ, අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසීය. 

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අදාළ පැමිණිලි ලැබීමෙන් පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙනමම විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් චෝදනා එල්ල වී තිබෙන නිලධාරීන් ඒවාට වරදකරුවන් වුවහොත් ඔවුන් දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා අදාළ තනතුරුවලින් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවැසීය. 

ඒ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන වාර්තාව ද සැලකිල්ලට ගන්නා බව ඔහු කීවේය. විනය ක්‍රියාමාර්ග ගතහොත් එසේ කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් මත යැයි ද හෙතෙම කීවේය.

(සන්ඬේ ටයිම්ස් ඇසුරිනි)

055

 



අදහස් (19)

රාජ්‍ය නිලධාරීන් 70 ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට යයි

wasantha silwa - balangoda Sunday, 01 September 2019 06:46 PM

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පමණක් නොවෙයි අධ්‍යාපන අමාත්‍යංශයේ හා කලාප අධ්‍යාපන කාර්යාලවල , චෝදනා වලට ලක් වූ නිලධාරින් සම්බන්ධව ද සොයා බලා මෙවැනි පිළිවෙතක් අනුගමනය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා !

:       2       58

Fernandu Sunday, 01 September 2019 08:34 PM

කරනවානම් මෙන්න වැඩ. මීක කරොත් අඩුගානේ චන්ද දස ලක්ස්ජයක්වත් වැඩි වෙඉ ආණ්ඩුවට. හබි චන්ද ගුන්ඩුවක් නම්, ඇපත් නැතිවෙඉ ඊලග චන්දෙන්.

:       7       35

කරුණාවති Sunday, 01 September 2019 11:07 PM

ඔවුන් ගෙදර යවා ඒ වෙනුවට උගත් තරුණ තරුණියන් පිරිසක් බඳවා ගන්න.

:       28       113

Gamarala Monday, 02 September 2019 01:40 AM

කාටද ආඩම්බර? මේ අයගේ නම්,සේවය කල ස්ථාන, චායාරුප මහජනතාවට දන ගැනීමට ප්‍රසිද්ධ කරන්න. ඒවගේම ඊ ළඟ අදියර පහල මට්ටමට යන්න. ස්තුතියි.

:       0       53

Bamunuarachchi Monday, 02 September 2019 01:59 AM

එතකොට ඔය චෝදනා තිබෙන දේශපාලුවන්ට මොකද කොරන්නේ?

:       11       30

ලුම්බිණි Monday, 02 September 2019 02:32 AM

මේ අයට විරුද්ධව කටයුතු කරන්න මොකද මෙච්චර කල් ගන්නේ?

:       0       21

දිමුත් Monday, 02 September 2019 03:42 AM

කොහොමද ලංකාවේ රාජ්‍ය සේවයේ තත්වය?

:       0       46

GamaralaMonday, 02 September 2019 06:51 AM

මමත් රාජ්ජය සේවයේ හිටිය වගේම එහි ගවුරවය රැක්කා. එත් අද ගමයි රටයි කනවා.ගිහින් බලන්නකෝ උන් ඉහලින් යන හැටි. උන්ට සර් මැඩම් නොකිවුවොත් වැඩේ බකල් තමා ඉතින්. ඕකුන් තමයි ඔය සරසවි වල නවක වාදය දුන්න කාලකන්නි. ඇත්තෙන්ම බැංකු සේවය නම් විසිස්ටයි.

:       46       60

Hafeel Monday, 02 September 2019 12:21 PM

දිමුත්, ලංකාවේ රාජ්‍ය සේවයේ මෙහෙම වෙන්නේ දේශපාලකයන් නිසා තමයි. මේ ස්වදේශ කටයුතු ඇමැතිටත් අැවන්ගාඩ් පරීක්ෂණය යටපත් කරන්න උත්සාහ කළා කියලා චෝදනා තියනවා. ලෝකේ ඉන්න හැම වර්ගයේ අපරාධකරුවන් ඉන්නවා මේ රටේ දේශපාලනයේ...

:       0       20

සමන් Monday, 02 September 2019 03:46 AM

බලමු ඔය කියන දේවල් වෙන හැටි. ඔය පරිපාලන සේවයේ අයයි දේශපානකයිනුයි දෙගොල්ලොම එකයි. බලය ලැබිලා වැඩියි.

:       96       175

දිමුත්Tuesday, 03 September 2019 03:53 AM

ඔබ හරි.

:       0       1

latha Monday, 02 September 2019 04:19 AM

වෙන රටක නම් වැඩ තහනම් කරලා ගෙදර යවල නැත්නම් නඩු දාල හිරේ. මේක ඉතින් අමුතුම රටක්නේ.

:       0       37

Kulasekara Monday, 02 September 2019 04:24 AM

සමහර ප්‍රා. ලේලා හිතන් ඉන්නේ ඒ ප්‍රදේශයේ රජතුමා කියල. එහෙම වැඩ කරන්න ගිහින් සමහරු දේශපාලුවන්ගේ කනේපහර කාපු අයත් හිටිය. තවම හැදිච්ච පාටක් නෑ වගේ.

:       0       77

lalithm Monday, 02 September 2019 05:11 AM

හදන්න බැරිනම් අයින් කරලා හරි රාජ්‍ය සේවයේ ගරුත්වය රකින්න ඕනේ. වැරදි ඔප්පු වුනොත් මාරු කරලා හරියන්නේ නැහැ .

:       0       12

casmir Monday, 02 September 2019 07:42 AM

අමාරුවෙන් රාජ්‍ය අංශයේ ජොබ් එක අරගෙන පුළුවන් තරම් ගෙදරට වෙලා ඉදලා අන්තිමට රටම කාලා දානවා .

:       0       23

victor Monday, 02 September 2019 08:31 AM

රාජ්‍ය පරිපාලන විභාගේ පාස් උණු ගමන් මේ අය හිතන්නේ ඔක්කොම හරි කියලා . ටිකින් ටික තනතුරු ඉහළ යනකොට නායකයෝ පිරිහෙනවා .බලයේ ඉන්නකම් 98% ක්ම කරන්නේ නිල බලයෙන් හොර වැඩ .ජනතාවගේ මුදලින් ඉගෙනගෙන ජනතා මුදලින් පඩිගත් මේ හොරු ගෙදර යැවිය යුතුයි .

:       0       48

some ayiya Monday, 02 September 2019 11:24 AM

ඔවුන්ව ප්‍රජාසේවයේ යොදවන්න ඕනෑ...

:       0       15

චමින්ද Monday, 02 September 2019 01:02 PM

පරිපාලන සේවයේ මුල්කාලයේ තිබූ ගරුත්වය නැතිවුනේ පළාත්සභා ඇතිකිරීමෙන් පසුව පළාත්පාලන පරිපාලන සේවය සමග ඒකාබද්ධ කිරීමෙන් පසුවයි. එතෙක් දිසාපති, උපදිසාපති වැනි තනතුරුවල සිටි මහත්වරුන් සේවය කලේ බස්වල ගොස් ජනතාව හමුවීමෙනි. තමාගේ නිලමුද්‍රාව සාක්කුවේ දමාගත් ඔවුන්ගේ දුක්ගැනවිලි වලට පිළිතුරු දුන්නා මම දැකලා තියෙනවා. එක් උපදිසාපතිතුමෙකු අසරණ වැසියෙකුගේ ප්‍රශ්නයකට විසඳුුුම එහිසිටි කෙනෙකුගේ පිටේ තබා ලිපියක් ලියා අනුමත කර දෙනවා. නමුත් දැන් සිටින්නන්ට පත්වීම අතට ලැබූ ගමන්ම වාහන බලපත්‍රයත් නිළ වාහනයකුත් ඕනෑවෙනවා. ප්‍රශ්නයක් ඉදිරිපත් කළාම ග්‍රාම නිලධාරි වාර්ථාව ලැබෙනතුරු ඉන්න කියනවා.

:       0       23

Gamarala Monday, 02 September 2019 02:07 PM

ග්‍රාමසේවක වැඩ කරනවා මීට වැඩිය.

:       10       55

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 1 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 25 0 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 67 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 476 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 411 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 139 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site