IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රජයේ විධායක නිලධාරීන්ට ජනවාරි 1 වැනිදා සිට විශේෂ දීමනාවක්

(නාලක සංජීව දහනායක)

රජයේ විධායක නිලධාරීන්ට ලබන ජනවාරි පළමුවැනිදා සිට රුපියල් 15,000ක විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට ඊයේ (8) පැවැසීය.

මීට අදාළ චක්‍රලේඛය ලබන සතියේදී නිකුත් කරන බව ද ලේකම්වරයා කීය.

රුපියල් 15,000 දීමනාව ලබාදෙන ලෙස ඉල්ලමින් විධායක නිලධාරීන් පසුගිය රජය සමයේදී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වූ අතර ඒ සම්බන්ධයෙන් සලකා බැලූ එම රජය විධායක නිලධාරීන්ට මෙම දීමනාව ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ද ලබාගෙන තිබිණ.

ඒ අනුව රජයේ විධායක නිලධාරීන් සඳහා රුපියල් පහළොස් දහසක දීමනාව ලබාදීමට තීරණය කළ බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේය.



අදහස් (27)

රජයේ විධායක නිලධාරීන්ට ජනවාරි 1 වැනිදා සිට විශේෂ දීමනාවක්

lalithm Monday, 09 December 2019 05:57 AM

ඔක්කොම දේවල් රජයේ අයට විතරයි. එතකොට රටේ ජීවත් විය යුත්තේ රජයේ සේවකයෝ විතරයි?

:       15       812

Krishan senarath Monday, 09 December 2019 05:58 AM

එතකොට කන්නේ බොන්නේ විධායක නිලධාරීන් විතරද එහෙම නැත්නම් අනිත්‍ රජයේ නිලධාරීන් සේවය කරන්නේ නැද්ද විධායක නිලධාරීන් විතරද සේවය කරන්නේ ගොනුවක සියල්ල හදලා කරලා අවසන් කරලා දාන්නේ කළමනාකරණ සේවා නිලධාරීන් ඔවුන් විශාල වැඩ කොටසක් කරලා තමයි අවසානයේ විධායක නිලධාරීන් ලගට එන්නේ අත්සන් කරන්න ඔවුන් අත්සන් ගහන්න 15000ක් දිමනාවක් දිම සාධාරණ නැහැ. කොකා ගහනවාට වැඩිය වැඩකොටසක් කරන කළමනාකරණ සේවා නිලධාරීන්ට කිසිම දිමනාවක් නැහැ අඩුම මෝටර් සයිකල් එකක්වත් නැහැ. එහෙම එකේ අත්සනට ඔහොම දිමනාදිම අසාධාරණයි වැඩියෙන් වැඩකරන අයටයි දිමනා දෙන්න ඕනේ ඔය නිසා සැප්තැම්බර් 23 ලංකාවේ ස්ට්‍රයික් කලේ එක මේ රජයටත් මතක් කරලා දෙන්නවෙයි වගේ.

:       144       705

කුමාර පැල්මඩුල්ල Monday, 09 December 2019 06:44 AM

කොකා ගහනවා කියලා ඔබ හිතුවට ඒකෙ වගකීම ඔබ නොදන්නවා නොවේ. විධායක නිලධාරියෙකුගේ උගත්කම, සේවය, අනිකුත් සමාන්තර සේවාවල වැටුප ආදිය සලකලා තමයි මේ දීමනාවවත් අනුමත කරලා තියෙන්නේ.

:       504       210

MIHIRAMonday, 09 December 2019 08:38 AM

විධායක නිලධාරීන් හොරට තමයි කොහොමත් ඉන්නේ...

:       379       232

චමින්දMonday, 09 December 2019 11:34 AM

පැල්මඩුල්ලේ කුමාර නොදන්නා දේ නොකියා ඉන්න. කළමනාකරණ සේවා නිලධාරීන් චක්‍රලේඛ හා පූර්වාදර්ශ ආශ්‍රයෙන් තර්කානුකූලව සකස්කර ආවරණ අනුමැතියට යටත්ව සකස්කරන ලිපිවලට විධායක නිලධාරීන් කරන්නේ කොකා ගැහිල්ල පමණයි කියලා කියන අදහස ඉතාම නිවැරදියි. ඒ නිසා ඔය කියන විශේෂ දීමනාව දීම ඉතාම අසාධාරණයි.

:       190       367

gihanFriday, 13 December 2019 09:52 AM

අනේද කියන්නේ?

:       0       0

තුශාර Monday, 09 December 2019 06:27 AM

සුදු අලින්ම නඩත්තු කරල හරියන්නෙ නෑ. බර අදින සේවකයින් ගැනත් සිතිය යුතුයි.

:       52       211

mihira Monday, 09 December 2019 06:55 AM

අනික් අය කන්න ඕනේ හඳෙන් ගෙනැල්ලද?

:       9       159

ලුම්බිණි Monday, 09 December 2019 06:57 AM

මේවගේ හිතෙන හිතෙන වෙලාවට දීමනා නොදී පිළිවෙලට රජයේ සේවකයින්ගේ වැටුප් ප්‍රශ්න ගැන බලලා පඩි වැඩිවීමක් කළා නම් නේද හොඳ? මේ කට්ටියට වැඩිකළාම අනික් මිනිසුන් ඉල්ලන්නේ නැද්ද? මම හිතුවා දැන්වත් පිළිවෙලට වැඩක් කරයි කියලා...

:       21       160

sas Monday, 09 December 2019 07:20 AM

බොහොමයක් රජයේ විධායක නිලධාරීන් සුදු අලියන්ය. විශේෂයෙන් පරිපාලන සේවයේ නිලධාරීන් බොහෝදෙනා කිසිඳු ඵලදායී කාර්යයක් නොකරති. භාණ්ඩාගාරයේ ඉහළ තනතුරුවල ඉන්නේද ඔය පරිපාලන සේවයේ නිලධාරීන් මිනිස්සු නිසා ඔවුන් තමන්ට කැමති ලෙස වැටුප් වැඩිකර ගනිති.

:       2       422

හෝමාගම බන්දුල Monday, 09 December 2019 08:30 AM

එහෙනම් මහ මැතිවරණෙත් විධායක නිලධාරීන්ගේ ඡන්දෙන්ම දිනාගනිමු.

:       3       100

chamil Monday, 09 December 2019 09:48 AM

රජයේ විතරද? අර්ධ රාජ්‍යය අයට නැද්ද?

:       0       24

හංසිකා කුමාරි ජයවර්ධන Monday, 09 December 2019 10:03 AM

විධායක නිලධාරීන්ට විතරක් රුපියල් 15000ක් ගෙවන එක වැරදියි. ඊට වඩා හොඳයි සෑම රජයේ සේවකයෙකුටම සහ සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක් ලබාදෙන එක...

:       0       14

jaya Monday, 09 December 2019 10:11 AM

එහෙම නම් විශ්‍රාම ගිය හිටපු විධායක නිලධාරීන්ටත් එය දිය යුතුමයි.

:       1       117

siri Monday, 09 December 2019 10:19 AM

රටටම දැන් විශේෂ දීමනා දෙන්න පුළුවන්... මොකද දැන් රුපියල ගජරාමෙට බැබලෙනවා. ඇමෙරිකානු ඩොලර් එකක් අද රුපියල් 182යි. කාලා වරෙන්කෝ...

:       1       305

‍සෙනෙවිරත්න Monday, 09 December 2019 10:35 AM

පරිපාලන සේවය කියන්නේ මෙරට ඉතාම අසාර්ථක වූ සේවයක්... කිසිම පර්යේෂණාත්මක දැනුමක් නැති කිසිම වැඩකට නැති සේවයක්... ඔවුන් දක්ෂකම දේශපාලුවන්ගේ සියළු දේට යස් කියකියා කඩේයමින් සියළු වරප්ප්‍රසාද භුක්ති විඳීම පමණි. ඔවුන්ගේ එකම දක්ෂකම මෙරට එක් පුද්ගලයෙක් රු. ලක්ෂ 06ක පමණ විදේශයට ණය කාරයෙක් කිරීම පමණි. කාර්යාලයේදී ඔවුන් කරන එකම කාර්යය කොකා ගැසිම පමණි. වරදකදී කිසිම වගකීමක් ඔවුන්ට නොමැත. රැස්විම් කිය කියා බඩකට පිරෙන්න කකා ඔහේ සිටින කොටසකි. අවාසනාවට සාමාන්‍ය ජනතාව මේවා නොදනිති...

:       1       1047

darshi Monday, 09 December 2019 10:42 AM

බහුතරයක් ඔබ නොදන්නා දේ තමා විධායක නිලධාරියෙකුගේ ආරම්භක වැටුප ඉතාම අඩු බව සහ ලංකාවේ රජයේ විධායක රෑකියාවක් ලබා ගන්න ඉතා ඉහළ අධ‍යාපන සුදුසුකම් වලට අමතරව ඊට අදාළ විභාග සමත් විය යුතු බව. සුදු අලිත් සිටින නමුත් සියල්ල සුදු අලින් නොවේ.

:       7       4

jayaMonday, 09 December 2019 01:03 PM

ඉහළ අධ්‍යාපනය කියන්නේ ඩිග්‍රි එකක් තියෙන එකද? ලංකාවේ විශ්ව විද්‍යාල වලින් 25,000ක් විතර ඔය කියන ඉහළ අධ්‍යාපනය අරන් එනවා අවුරුද්දකට... පුද්ගලික විශ්ව විද්‍යාල වලිනුත් ඒ වගේම ගානක් පාස් වෙනවා ඇති. ඔහොම ලොකු ටෝක් දෙන්න එපා.

:       207       3

darshiThursday, 12 December 2019 06:28 AM

එ්ක තමා යාළුවා මාත් කියන්නේ... 25000ක් ඩිග්‍රි ගත්ත පලියට විධායක රස්සාවක් ගන්න බෑ. අනික මේක පඩි වැඩිවීමක් නෙමේ. තිබ්බ විධායක දීමනාව වෙනස් කිරීමක්. කොහොමත් පළමු පන්තිය - 15,000, දෙවන පන්තිය - 10,000, තුන්වන පන්තිය- 3000ක් ලෙස තිබූ විධායක දීමනාව පන්ති භේද නොසලකා සියල්ලන්ටම 15000 ගානේ ලබාදීමක්... ඒ අනුව යම්කිසි සැලකිය යුතු වැඩිවීමක් වෙන්නේ තුන්වන පන්තියේ නිලධාරීන්ගේ විතරයි. ඔබලාටත් යම් අසාධාරණයක් වෙනවා යැයි හැඟෙනවා නම් ඒ සඳහා අරගලකර දිනා ගන්න. අනුන් ලබාගන්නා දේ පිළිබඳව විවේචනය නොකර...

:       31       0

විපරමා Monday, 09 December 2019 11:00 AM

රජයේ විධායක නිලදරුවන් කියන අය ගෙන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සමහරු කාලේ කන වැඩකට නැති අයයි. සමහරු ජරා පප්පලා.

:       0       23

චින්තක Monday, 09 December 2019 12:13 PM

හරි එහෙනම් එයාලටම දෙන්න. අපිත් එහෙනම් වැඩ පෙන්නන්න නම් එදාට ඔය හැමෝම රිදෙයි.

:       1       9

Niyomi Gunathilaka Monday, 09 December 2019 01:20 PM

විධායක නිලධාරීන් තමයි ඕනෑතරම් රාජ්‍ය සේවයේ ගසාකන්නේ.. එ්ක අත්සනට ලක්ෂ ගණන් සල්ලි එන්නේ සමහර නිලධාරීන් කෙලින්ම ප්‍රවාහන අංශයේ නිලධාරියා ගොනුව දැම්ම ගමන් එ්ක බලලා ඒ ආයතන වලින් සර්විස් කළාම හෝ වාහනය අළුත් වැඩියාකළාම එයාගේ කොටස එවන ලෙස ඉල්ලන නැතිනම් දුරවුණත් එයාගේ ආයතනයකට යවන එ්වා තියෙනවා.. එ්කට අයවැය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් උදාහරණයක් විදිහට පෙන්වන්න පුළුවන්.. එ්වාගෙන් අරන් ඔවුන් තාරකාවන් වගේ බැබලෙනවා.. දේවප්‍රියවගේ කරන්න පුළුවන් උපරිමයෙන් ගන්නවා සල්ලි කොහොම හරි ඔය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය සමයේ තමයි රාජ්‍ය නිලධාරීන්ට මෝටර් සයිකල් බෙදුවේ.. එ්ක කළමනාකරණ සේවා නිලධාරීන්ට දෙන්න ඕනේ නැහැ කිව්වේ ඒ අධ්‍යක්ෂ ජනරාල්වරියයි. එ්කෙන් 2015 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට එරෙහිව ඡන්දය දුන්නා. ඒ දේ යළිත් කරවන්න තමයි ඔය පරිපාලන සේවයේ අය හදන්නේ රජය මේ වේලාවේ බුද්ධිමත් විය යුතුයි. අඩුම අනුපාතයට දීමනා ලබාදෙන්න සියළුම නිලධාරීන්ට එක් කොටසකට සීමානොවි පරිපාලන සේවයේ අය කොකා ගසා ලක්ෂ ගණන් උපයයි. වාහන පර්මිට් විකුණයි. කළමනාකරණ සේවා නිලධාරීන්ට මොනවද ලැබෙන්නේ...? උසස්වීම් ගන්න එකටත් අකුල් හෙලනවා ඔය සේවයේ අය...

:       0       4

Podda Monday, 09 December 2019 01:24 PM

වර්ජනය කළානම් අනිත් අයටත් දීමනාවක් දේවි... නැත්නම් හැමදාම ඔහොම තමයි..

:       0       1

ඉන්දික Monday, 09 December 2019 01:48 PM

ගොම සංවිධානේ එහෙමත් ඔබ ගොඩේ ඉන්නවා නේද..? මදි මදි.. වැඩ වර්ජන කරපු විදියට සැලකුවා හොඳටම මදි...

:       0       0

ජය Monday, 09 December 2019 02:33 PM

විධායක නිලධාරීන් කියන්නේ වරප්‍රසාද ලත් පිරිසක්... ඒ අය තමයි මේ රට කරවීමේ රජයේ පාර්ශවය. එයාලා තමන්ගේ වගකීම හරියට කරනවද කියන එක නම් ගැටළුවක්...

:       0       0

Amal livera Tuesday, 10 December 2019 01:50 AM

මෙය වෘත්තිකයන් රාජ්‍ය සේවය තුල රදවා ගැනීමට ගෙවන දීමනාවක් මිස හුදු පඩි වැඩි වීමක් නොවේ. මෙය වෘත්තිකයන් රාජ්‍ය සේවය හැර යාම වැලක් වීමට ගත් ක්‍රියා මාර්ගයකි. ඔනෑතරම් රාජ්‍ය සේවයට බදවා ගැනීමට සිටිති. ඔවුන් තම සේවය ගැන අසතුටුනම් සුදුසුකම් හදා ගෙන විධායක නිලධාරි කෙනෙකු වීමට උත්සාහ කරන්න.

:       1       0

bangara Wednesday, 11 December 2019 06:16 AM

දැන් අමාරුව සනීප ඇති නේද? තැපැල් ඡන්දෙ දීලා කරගත්තු හරිය...... දෙන්න තිබුන 2500.00 ටත් වැඩේ හරිනේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 145 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 71 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 85 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 245 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2683 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 244 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site