(අජන්ත කුමාර අගලකඩ)

මත්ද්‍රව්‍ය  වැරදි සම්බන්ධ   පුද්ගලයින්  සිව්දෙනකු සඳහා මරණ දඬුවම් ලබා දීමට තමා මේ වන විට අත්සන් තබා ඇතැයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය බෙදා හැරිම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණ දඬුවම් ලබා දී ඇති පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අත්සන් කර ඇතැයි බවත් එය නුදුරේදීම ක්‍රියාත්මක කෙරෙන බවද  ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
අද පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.