(ඩී.කේ.රත්න)
චීනයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු කරන්නේද යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි බව බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (28) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු දියතලාවට රැගෙන ඒමෙන් පසු රෝගී තත්වයකට පත්වුව හොත් එම රෝග පරීක්ෂා කිරීම සඳහා පහසුකම් මෙම ප‍්‍රදේශයේ ඇති විශාලතම රෝහල වන බදුල්ල පළාත් මහ රෝහලටවත් නොමති බවත් එවැනි තත්වයක් මත නැවතත් එම රෝගියා පරීක්ෂණ කටයුතු වෙනුවෙන් නැවතත් කොළඹට රැගෙන යාමේදී ගැටළු රාශියකට මුහුණදීමට සිදුවන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
දියතලාව යුද හමුදා කඳවුරේ හමුදා නිලධාරීන් සිටින ස්ථානයක් වුවද එම ස්ථානයේ සිටින වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය මෙවනි වසංගතයක් පැතිරීයාම නතර කිරීමට ප්‍රමාණවත් නොමැති බවත් එමෙන්ම මෙම යුද හමුදා කඳවුර අවට නිරෝගී ජනතාවක් වෙසෙන අතර මෙවනි වෛරසයක් ආසාධිත පිරිසක් රට කෙළවරේ සිට රට මැදට රැගෙනවිත් තවත් ගැටළුවක් ඇති කිරීම වැළැක්වීමට බලධාරීන් නිසි තීන්දු තීරණ ගත යුතු බවත් බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බදුල්ලේ වෛද්‍යවරු නළල රැළි නංවති
silva Tuesday, 28 January 2020 03:30 PM
මුකුත් කියන්න එපා වැඩකරන අපේ විරුවා කරන වැඩ වලට
ලක්සිරි Tuesday, 28 January 2020 03:30 PM
ඇයි නළල රැලි කරගෙන මේ ඉන්නේ, වර්ජනය කරන්න භයද?
samansp Tuesday, 28 January 2020 03:57 PM
කතාව සහතික ඇත්ත. දුරදිග නොබලා ගත්ත තීරණයක්.
indra Tuesday, 28 January 2020 04:07 PM
සහතික ඇත්ත ,මෙතනට ගෙන ඒමෙන් අදහස් කරන්නේ කුමක්ද ? කොළඹ ඈයෝ මේ රෝගයට බය වෙලාද?
De Tuesday, 28 January 2020 04:10 PM
පොඩ්ඩක් ඉන්න. 2/3 ගැන මිස වෙන දෙයක් මේ වෙලාවේ හරියට ඔලුවට එන නෑ. ඔයාල පුළුවන් විදියට කරන්න. අපි වෙන මොනා කරන්නද.
abaranWednesday, 29 January 2020 08:36 AM
ඔයගොල්ලොන්ට මොකුත්ම තේරෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම දියතලාවට අරන් ගොහින් හමුදාව දමලා කොරෝනා මර්දනය කරනවා. ඉන්පසු වෛද්‍ය පරීක්ෂණයකින් පසුව නිදහස් කරනවා.
ගැමුණු Tuesday, 28 January 2020 04:51 PM
ලෙඩවලට බය වෙදැදුරෙක් දැක්කමයි.
Shan Tuesday, 28 January 2020 04:57 PM
නූගත් අය ඒ තැනට දාපුවම ඔහොම තමයි. දුක් වෙන්න එපා.
සනත් ඉතාලිය Tuesday, 28 January 2020 05:14 PM
චීනයේ සිටින දරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට තීරණය කළ මොහොතේ පටන් පළවන පුවත් වලට කට්ටිය දමන අදහස් දැක්කම අපේ මිනිස්සු මොනතරම් සාරධර්ම වලින් ඈත් වෙලාද හිතෙනවා. ඒ දරුවන්ව ගෙන්න ගන්නේ නැතිව මුහුදට දාන්නද ? කුහක ආර්ත්මාර්ථකාමි මිනිස්සු.
DharmasiriWednesday, 29 January 2020 09:40 AM
සනත් ඔබ නම් ඉන්නේ ඉතාලියේ , මෙතන මගේ දරුවෙක් සිටියත් මේ වෙලාවේ වෙන්න ඕන වැඩිම සෞඛ්‍ය පහසුකම් සහිත තැනක ඔවුන්ව තබන... ඒ කියන්නේ ලෝකයේම අවධානය ඇති එම නගරයේම ඔවුන් හිටියා නම් බෙහෙත් සොයාගත් වහාම මුලින්ම ලැබෙන්න තිබ්බේ ඔවුන්ට. ලංකාවේ අපට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.. බොරුවට හැඟීම් බරවුනාට වැඩක් නැහැ... ප්‍රායෝගික නැහැ. 50ක් නිසා කෝටි 2ක අවදානමක් ගන්න බැහැ. එ්කයි ඇත්ත...
chandima Tuesday, 28 January 2020 05:28 PM
ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරලා ගානක් හොයාගන්න පුළුවන් ලෙඩක් උනානම් ඔහොම නළල රැළි ගැහෙන්නේ නැහැ. බලන්න තිබුනා හිනාවෙන හැටි එක කනක ඉඳන් අනිත් කනටම යනකල් කට ඇරලා.
විකුම් රංගන Tuesday, 28 January 2020 07:38 PM
දොස්තර මාෆියා නඩය ප්‍රතිලාභ බලාපොරොත්තු උනාට මේ දොස්තර මහත්වරු කියන දේට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් සවන් දිය යුතු වෙනවා.
sampath Tuesday, 28 January 2020 09:48 PM
අනේ අහෝ මිනිසුනේ තිරිසන් නොවන්න
Perera Tuesday, 28 January 2020 11:23 PM
ඔය තීරණය ගත්තු කොමිටියේ ඔයාලගේ පාදෙනියත් ඉන්නවා. එයාගෙන් අහලා ස්ට්‍රියික් කෙරුවොත් නරකද?
herathhami Tuesday, 28 January 2020 11:33 PM
අමු තකතීරු තීරණයකි. මාධ්‍ය වාර්තා අනුව මෙය ජනාදිපති තුමාගේ තීරණයක් වන අතර එය විශේෂ කමිටුව අනුමත කර ඇත. දුකට කරුණනම් මහා උගතුන් වැඩකරුවන් ලෙස පෙනී සිටි කමිටු සාමාජිකයන් මෙවැනි තීරණ අනුමත කිරීමය. රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ සැක සහිත අවදානම වැඩි පුත්ගලයන් ආරක්ෂිතව වෙන්වෙන්ව තබා නිරීක්ෂණය කිරීමට ආරක්‍ෂිත නවාතැනක් සැකසීමය. මුල් වටයට කාමර 100 -200 පමණ ගොඩනැගිල්ලක් හෝ කීපයක් කොළඹ ආසන්නයේ වහාම සුදානම් කල යුතුය. ටික දිනකින්ම බොහෝ රෝගීන් ගානක් කොළඹට මාරුකර එවීමට ඉඩ ඇති අතර එය කළමනාකරණයට සුදානම් විය යුතුය.
Buddika Tuesday, 28 January 2020 11:36 PM
කොළොඹ ඉඳලා දියතලාවට යන්න අඩුම පැය 5ක් ආසන්නව ගතවෙනවා. අනික හමුදා කඳවුරක ඉද්දි සෙබළුන්ගේ ජිවිත වලට ඇති අවධානම? මේවා මේ දේශපාලකයෝ ගන්න තීරණ.
suddaWednesday, 29 January 2020 03:53 AM
හෙලිකොප්ටර් තියෙන්නේ ඊට කලින් යන්න.
vijitha Wednesday, 29 January 2020 12:39 AM
කතාව ඇත්ත.
sam Wednesday, 29 January 2020 01:01 AM
එනපොට හොඳ නැහැ කියලා ලෙඩ්ඩු ගෙනෙන්න කලින්ම මාරුව දාන්නද හදන්නේ. අනිත් රෝහල්වල සිය ගණනක් කට්ටියව එකවර මොනිටර් කරන්න පහසුකම් නැතිබව පෙනෙන්නේ නැද්ද. චැනල් කරලා බෙහෙත් ගන්න එවනවා කිව්වා නම් ඔය නලල්වල හැදුනු රැලි ගිහින් මුහුණේ හිනා රැලි මතු වේවිද කියලත් හිතෙනවා.
Nimal Wednesday, 29 January 2020 01:48 AM
මේ ඇමතිනීට කිසිම දැනුම හෝ සිතීමකට හැකියාවක් නැත.
රවින් Wednesday, 29 January 2020 01:54 AM
ටික කාලෙකින් සද්දේ දාන්න බැරිඋනා නේද? ළමයි ටික දෙමවුපියන් සමාජයට මුදාහළහොත් මොකද වෙන්නේ? නැතිනම් කොහේහරි එකතැනක තියන්න වෙනවා නිරීක්ෂණ අවසන් වනතුරු විත්තිය දන්නෙම නැද්ද?
ranaWednesday, 29 January 2020 04:28 AM
සද්දේ නොවේ ? ප්‍රයෝගිකව සිතන්න , ඔය සියලු දෙනා මත්තලට ගෙන වීරවිල කෑම්ප් එකේ තාවකාලික කුඩාරම් ඉදිකොට තබා ගත හැකිය. මෙයට හමුදා වෛද්‍යවරු යොදා ගැනීමට හැකිය, ජනතාව අඩු බැවින් එහි පහසුවද , ගුවන් තොටුපළෙන් එන අනිත් මගීන්ට අවධානමක් නොවෙන්න කල හැකි නේද ?
රවින් Wednesday, 29 January 2020 08:34 AM
දියතලාව හමුදා කඳවුරු බොහොම ප්‍රායෝගිකයි. හේතු කාරනා. 1) දේශගුණය 2) මෙවැනි අවස්ථා සඳහා හමුදා වෛද්‍ය අංශ සුදානම් භාවය 3) පිහිටීම 4) කරුණාකර දන්නා අඳුනනා හමුදා නිලදාරියකුගෙන් විමසා බලන්න හමුදා කඳවුරුවල තිබෙන එකලා කිරීමේ පහසුකම්. හොඳින් දන්නා කියනා නිලධරුවෙකු හැර මෙහි රහස්‍යභාවය ඔවුන් හැමෝටම නොකියන බව පමණක් මතක තබා ගන්න. 5) දැනට පහසුකම් ඇති අයි .ඩී. එච් රෝහලේ මෙවැනි සැක සහිත අයවලුන් විශාල ප්‍රමාණයක් රඳවාගෙන තැබීමේ ප්‍රයෝගික අපහසුතාවයන්. 6) අනිකුත් ප්‍රාදේශීය රෝහල් වලද පවතින සේවා අපහසු තාවයන්. 7) මෙම අයවලුන් සැක සහිත මිස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන නොවන බැවින්.
lalithm Wednesday, 29 January 2020 02:49 AM
ඇමතිනිය විශේෂඥ දොස්තර කෙනෙක්නෙ. එයාගෙන් උපදෙස් ගන්න. එක්කෝ අර දොස්තර සංගමේ ලොකු ලේකම් තුමාගෙන්.
raman Wednesday, 29 January 2020 03:32 AM
ඔස්ට්‍රේලියාව ඇතුළු අනිකුත් දියුණු රටවලිනුත් චීනයේ සිට ගෙනෙන විශාල සංඛ්‍යාවන් ඇත්නම් එක තැනක රඳවලා නිරීක්ෂණය කරන්න ප්ලෑන් කරනවා. රවින් කියලා තිබෙනවා වගේ ළමයි තමන්ට ඕන විදිහට ගියොත් මේ දොස්තරලා මොකද කරන්නේ. මේ තමයි අඩුම අවදානම් ක්‍රමය. අනික වසංගත පැතිරීමේ අවදානම ශීත දේශගුනයේදී අඩුයි, කොළඹ වගේ රස්නේ පැතිවල වැඩියි.
ධනා Wednesday, 29 January 2020 03:51 AM
මොවුන් ලංකාවේ කොහේ හෝ රැදවිය යුතුය. දියතලාව තෝරා ගැනීමේ වරදක් නොපෙනේ. අඩුවෙන්ම බාහිර පරිසරයට නිරාවරණය වන ස්ථානයක් ලෙස හමුදා කඳවුරු තෝරාගත හැකිය. මත්තල හෝ කටුනායක හරහා ගුවනෙන්ම දියතලාවට ගෙන යාමට සැලසුම් කරන්නට ඇති. රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ගුවන් මගින්ම අයි ඩී එච් ගෙන යා හැක. මොවුන්ව නිරන්තර පරික්ෂාවට ලක් කිරීමට අවශ්‍ය කරන පහසුකම් ගුවන් හා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් තුල හා බදුල්ල හා දියතලාව රෝහල්වල ඇතැයි විශ්වාස කරමි. අවස්ථාවාදී වෘත්තිය සංගම් වලින් මෙවැනි මාධ්‍ය හමු වලට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක.
athuraWednesday, 29 January 2020 09:18 AM
මේ අර හැම එකටම 3% කියලා දාන ලක්ෂ 69යේ මහත්මය නේද?
jagath Wednesday, 29 January 2020 04:15 AM
ගත්ත තීරණය හරි, සහ සුදුසුම තීරණයක්, කොළොඹ හොස්පිටල් ෆුල්, ඒක අස්සේ චීනෙන් ආපු අය එක බැස්සුවම කොළඹ මොකද වෙන්නේ. අවදානම වැඩි සහ සීග්‍රයෙන් බෝවීමේ වැඩි අවදානමක් තින්නේ කොළඹ.
rupasinghe Wednesday, 29 January 2020 04:41 AM
මමත් දියතලාව කඳවුරේ ඉදලා තියනවා. දවල්ට ගිණි අව්ව. රෑට සීතල. උණ නැති අයටත් උණ ගැනෙන එක සාමාන්‍යයි.
denin Wednesday, 29 January 2020 06:04 AM
යහපාලන රජයේ වැඩ වගේ නොවෙයි විද්‍යාත්මකව ඇමතිකම් පවරා තිබෙනවා. ඇමති මණ්ඩලයේ ඉන්න වෛද්‍යවරයට වැවිලි කර්මාන්ත ඇමතිකම පවරා තිබෙනවා.
Ruwan Wednesday, 29 January 2020 06:06 AM
වැඩ කරන විරුවත් හිතන තරම් මොලයක් නැති මිනිහෙක් කියලා තේරෙනවා නේද? මහලොකුවට වියත් මගවල් වැඩ කලාට තාම කරන්නේ පරණ සිස්ටම් එකේම වැඩ.
banga Wednesday, 29 January 2020 06:15 AM
සෙනඟ ගැවසෙන තැන් වලට යන්න එපා කියනවා ... තාම පාසැල් නිවාඩු ෙදෙන්න තීරණය කරල නෑ පාසැල්වල දරුවන්ට අත සෝදන්න සබන් කැටයක්වත් තියන්න උපදෙස් දීල නෑ. දරුවන්‌ගේ ජීවිත අනතුරට හෙලලා රජය අපකීර්තියට පත්වෙයි කියලා නිවැරදි තීරණ ගන්නෙ නෑ. කාට කියන්නද.....
Bamunuarachchi Wednesday, 29 January 2020 07:29 AM
දොස්තර මාෆියාවක් මෙතනට අදාළ නැත. දොස්තර සංගමය කියන කාරණා සාධාරණය. මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යය ගැන තීරණ ගැනීම දේශපාලුවන්ට හෝ පරිපාලන සේවයේ ඉන්නවුන්ට අදාල නැත. තීරණ ගත යුත්තේ වෛද්‍යවරුන්ය. බල්ලාගේ වැඩේ බූරුවා කිරීම ලංකාවට ආවේනික ලක්ෂණයකි.
විකුම් රංගන Wednesday, 29 January 2020 09:46 AM
මෙවැනි හදිසි අවස්ථාවක ලංකාවේ සිටින සැබෑ දොස්තර මහත්වරුන්ගේ තීරණ ජනතාවට හා පාලකයින්ට අදාල වුවද දොස්තර සංගම් මාෆියා සංගමයේ තීරණ කිසිවෙකුට අදාළ නැත. අනුන්ගේ විපතින් ප්‍රතිලාභ ලබා ගැනීම හැර මාෆියා සංගමයට වෙනත් යහපත් අරමුණක් ඔවුන්ට නැත. මාෆියා කාරයින්ගේ බුරු වැඩ වලට ආවඩන්නේ ඔවුන්ගේම වර්ගයේ අයම විය හැකි නිසා, ජනතාවට ඔවුන්ගේ ලොකු කතා පලක් නැත. එය එසේ වුවද, අසරණ ජනතාවට උතුම් සේවයක් ඉටු කරන රටේ බහුතරයක් වන සැබෑ වෛද්‍යවරුන්ගේ හඬට බලධාරීදීන් සවන් දිය යුතුය.
BamunuarachchiWednesday, 29 January 2020 02:27 PM
ඔබ ඔය කියන මාෆියා දොස්තර කියන මේ කතාව වැරදිද? "කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු දියතලාවට රැගෙන ඒමෙන් පසු රෝගී තත්වයකට පත්වුවහොත් එම රෝග පරීක්ෂා කිරීම සඳහා පහසුකම් මෙම ප‍්‍රදේශයේ ඇති විශාලතම රෝහල වන බදුල්ල පළාත් මහ රෝහලටවත් නොමති බවත් එවැනි තත්වයක් මත නැවතත් එම රෝගියා පරීක්ෂණ කටයුතු වෙනුවෙන් නැවතත් කොළඹට රැගෙන යාමේදී ගැටළු රාශියකට මුහුණදීමට සිදුවන බවත්..."
කමල් Wednesday, 29 January 2020 09:44 AM
ලලිත් එම්.මහත්මයානෙනි, ජනතාව නොමග යවන බොරු කතා ගොතන්න එපා. ඇමතිනිය විශේෂඥ දොස්තර කෙනෙක් නොවේ.
Siri Wednesday, 29 January 2020 08:39 PM
වෛද්‍ය සේවය දොස්තර කෙනෙකුට දෙන්න ඕනි.
SamanFriday, 31 January 2020 11:09 AM
දතාටයි, නෝනාටයි දීලා ඉහගෙන කාපු එක මදිද...?
vidya Saturday, 01 February 2020 02:38 AM
දැන් පේනවා නේද, හදිසි විශාල ආපදාවකදී අපේ රට කොපමණ සූදානම් වෙලාද ඉන්නේ කියලා... බොරුවට ක්යිවාරු ගහනවා. දැන් පේනවනේ මුහුණට බඳින මුකවාඩමක් නැති කොට...