ඩි.ජී.සුගතපාල

බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රදීප් කුමාර මහතා අප්‍රේල් 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (22) නියෝග කළේය.

පුද්ගලයකුට දුරකතනයෙන් තර්ජනය කර පහරදී තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

වඳුරඹ පන්විල පදිංචි නල්ලපෙරුම තන්ත්‍රීගේ සනී සමන්ත යන අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

පහරකෑමට ලක්වු පැමිණිලිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාර මන්ත්‍රීවරයා ඊයේ (21) පැමිණිලිකරුට දුරකතනයෙන් මරණ තර්ජනය කර පසුව අයුතු අවහිරය කර පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

සිද්ධිය සම්න්ධයෙන් වඳුරඹ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.