Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ප‍්‍රදීප් කුමාර)
යාපනය මනිප්පායි ඉනුවිල් පොලිස් වසමේදී පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් ආවා කල්ලියට අයත් සාමාජිකයෙකු මිය ගොස් ඇතැයි මන්නිපායි පොලිසිය කියයි.
ඊයේ (20) රාත්‍රියේදී ඉනුවිල් ප‍්‍රදේශයේ නිවාස කීපයකට ආවා කල්ලියේ සාමාජිකයින් ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණෙන බවට වූ තොරතුරක් මත පොලීසිය එම ප‍්‍රදේශයේ වාහන හා පුද්ගලයින් සොදිසි කිරීම් කටයුතුවල නිරත වී තිබේ.
එම අවස්ථාවේදී තියුණු ආයුධවලින් සන්නද්ධ පුද්ගලයින් හයදෙනකු යතුරුපැදි තුනකින් පැමිණ ඇති අතර, ඔවුන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට පහරදීම හේතුවෙන් වෙඩි තබා ඇත.
එක් සැකකරුවකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙහිදී එම පුද්ගලයින් සතුව තිබු යතුරු පැදියක් හා කඩු තුනක් පොලිසිය භාරයට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් යතුරු පැදිවලින් පලා ගොස් තිබේ.
මනිප්පායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප - එෆ් අස්ලම්
හිරාන් Sunday, 21 July 2019 04:01 AM
ආවාට ගියාට වාගේනේ පොලිසිය වැඩ කරලා තියෙන්නේ ......................
Reply : 912 862
shan Sunday, 21 July 2019 04:29 AM
ඇයි එකෙකුට විතරක් වෙඩි තිබ්බේ තාම හදිසි නීතිය පවතිනවා ආරක්ෂක අංශ වලට ප්‍රහාර එල්ල කරන ඕනෙම කෙනෙකුට වෙඩි තැබීමට බලය ඇතියි මට හිතෙනවා මේ ගොල්ල එක්ක සෙල්ලම් කරලා මේ ප්‍රස්නේ කෙලවර කරන්න බැහැ මේ අය සදහා ඉහල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා මොවුන් විනාස කිරීමෙන් මිස සාකච්ඡා තුලින් මේ කණඩායම නැති කරන්න බැහැ මෙය එල් ටී ටී ඊ සංවිධානය හා සමානව ගොඩ නැගීම එම දේශපලකයන්ගේ උවමනාවයි
Reply : 516 2635
Prabha Sunday, 21 July 2019 06:09 AM
පොලිසිය වැඩ පෙන්නන්නේ දකුණේදී පමණි...............
Reply : 2 171
saman Sunday, 21 July 2019 08:01 AM
ශාන් කියන්නනම් හරිම ලේසියි. ඒවුනාට බලන්නකෝ හෙට අනිද්දට මේ වෙඩි තියපු පොලිස් නිලධාරීන් අමාරුවේ වැටෙන හැටි. අමතක කරන්න එපා මේක ජාතිවාදීන්ගේ ඡන්ද කීපයකින් පාර්ලිමේන්තුවේ රැදෙන ඔවුන්ගේ රුකඩ ආණ්ඩුවක් බව
Reply : 107 384
shan Sunday, 21 July 2019 11:07 AM
අපේ තියන නොන්ජල් කම මේ කතා වලින් පැහැදිලී රටේ නීතියට පිටින් වැඩ කරන්න දෙනවනම් ඒ නායකයන් එලවන්න නැත්නම් හරියට කොන්ද පන ඇතිව නීතිය ක්‍රියාත්මක කරන නායකයන් රැකගන්න ඔය කියන එක සුළු ජාතික ඡන්දයක්වත් ඕනේ නැහැ ඉන්න සිංහල ඡන්ද දායකයෝ හොදටම ඇති රටේ අවාසනාවට හා ජනතාවගේ කාලකන්නි කමට හැම එකම හොයන්නේ තමන්ට වාසි ගන්න හොරකම් කරගන්න උදවු කරන එකෙක් රටේ නායකයා කරගන්න ඒක නිසා කෙලින් වැඩ කරන නායකයනට සුලුජතිකයන්ගේ උදවෙන් ඔලුව උස්සන්න වෙලා තියෙන්නේ මේකට සිංහලයෝ සියලු දෙනාම විලි ලජ්ජා වෙන්නේ ඕනේ රටේ මහා ජාතිය හැටියට 79% ඉන්න රටක තමන්ගේ එකෙක් රටේ නායකයා කරගන රටත් ජාතියත් දියුණු කරගන්න බැරි වෙලා තියෙන්නේ සිංහලයාගේ තියන කුදිකෙඩු කමයි ගොන්කමයි හන්ද එකෙන් සුළු ජාතීන් වාසි ගන්නවා දැන්වත් ගොන් කම් නොකර කොන්ද පන ඇති එකෙක් රටේ නායකයා කරගන්න වැඩ කරපල්ලා
0 92
සේන Sunday, 21 July 2019 05:49 AM
මේ මෝඩ අන්වාදී මැරකම් ඔතැනම නතර නොකළ හොත් එය වර්ධනය වේවි. ප්‍රශ්නයකට තියෙන්නෙ පවතින නිවට දේශපාලන අධිකාරිය. ඔවුන්ට ඡන්දෙ ගන්න පුලුවන් නම් ඕන මී හරකෙකුට ඕන විදිහට නටන්න පුලුවන් . රටට හෙන ගැහුවත් කමක් නෑ.
Reply : 60 375
Bamunuarachchi Sunday, 21 July 2019 08:52 AM
මේ ආණ්ඩුවට මැර කල්ලි, පාතාල කල්ලි, ත්‍රස්තවාදීන් මැඩලන්න හීනෙන් වත් බැහැ ඒ කල්ලි ඇතිකරන්න නම් දක්ෂයන්. ලෝකෙටම ත්‍රස්තවාදියන් සප්ලයි කොරයි.
Reply : 268 243
ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 21 July 2019 06:27 AM
ආවා ආවා නම් යැවුවා යැවුවා කරන්න වැඩේ ඉවරයිනේ
Reply : 36 49
thushara Sunday, 21 July 2019 06:48 AM
අංකුර දැන්ම විනාස කරන්න. නැතිනම් ලොකු රුක්ෂයක් වුනාම විනාස කරන්න අමාරු වෙනවා.
Reply : 86 413
Rohitha Samarakone Sunday, 21 July 2019 07:10 AM
අනේ පව්නේ ...උතුරේ අහිංසක දරුවන්ට ඇයි මෙහෙම කරදර කරන්නේ..ඒ ළමයි සෙල්ලමට වෙන්න ඇති ... අනික සංහිදියාව නැතිවෙනවනේ මේ වැඩ වලින්..
Reply : 0 5
bw dayarathne Sunday, 21 July 2019 07:35 AM
නිරායුධ කෙනෙක් නම් වෙඩි තියලා මැරුවා..... ආයුධ සන්නද්ද උන් 6ක් ආවහම මරන්නේ 1යි...... අනිත් උන් පැනලා යනකම් මොකද කරේ.....
Reply : 14 183
රවින් Sunday, 21 July 2019 08:11 AM
අපරාදෙනේ ඔක්කෝගෙම කරටි ටික කඩලා දැම්මානම් අහිංසක ජන ජිවිතයට නිදහසේ ජිවත් වන්න තිබුණා. ඔය කියන කල්ලි හින්දා තමා ඒ මිනිසුන් අවුරුදු 30 කට කිට්ටුවෙන්න දුක් වින්දේ. පැනලාගිය කට්ටියවත් කොහොමහරි මේ අය ගිය මග යවන්න. තව තව පැලේ අතු ලියලන්න දෙන්න එපා.
Reply : 169 246
Bandara Sunday, 21 July 2019 08:12 AM
ඔක්කොටම තියන්න තිබ්බේ.....
Reply : 183 244
Bamunuarachchi Sunday, 21 July 2019 08:54 AM
භය වෙන්න එපා 2020 අපේ ආණ්ඩුවක් ආවාම මේගොල්ලෝ ඉබේම නැතුව යාවි.
Reply : 436 299
නඳුන් Sunday, 21 July 2019 10:49 AM
සිංහල ජාතිවාදේ අවුස්සලා මුස්ලිම් ජාතිවාදේ පැතිරෙන්න ඇරලා බලන් හිටියේ ඔයාලගේ ආණ්ඩුව තමා මොකද ජාතිවාදේ නැත්නම් ඔයාලාගේ ආණ්ඩුවට පැවැත්මක් නැති නිසා
Reply : 2 10
ravi Sunday, 21 July 2019 11:06 AM
ඔයාලගේ ... ආණ්ඩුව තිබුණ කාලේ නේද .. මුන්ව පස්සේ දොරෙන් ගෙට අරගෙන .. පාටිදාගෙන ගිවිසුම් ගැහැව්වේ ...?
Reply : 1 4
Bamunuarachchi Monday, 22 July 2019 06:40 AM
පිස්සු කෙලින්න එපා හලෝ ඒ අවුරුදු 10 උතුරේ එක පාතාල කල්ලියක් ඔලුව ඉස්සුවේ නැහැ. එක බෝම්බයක් පිපුරුවේ නැහැ රට බොහොම සාමකාමී. එල්ටීටීඊ සැමරුම් නැහැ එක දෙමළෙක් හ්ම් කීවේ නැහැ. කෝ ඔහෙලගෙ මිනස්සුත් එක්ක උන පාටිදානෙන නැහැ බෝම්බ පුපුරෝනවා. ඒ අවුරුදු 10 කාලයේ රටේ බය නැතිව උතුරට ගියා. හමුදාව අයින් කොරන්න කියලා එකෙක් කීවේ නැහැ. පන්සල් එපා කීවේ නැහැ. නිකන් පිස්සු කෙලින්න එපා හලෝ. තුත්තුකුඩියේ ඉඳන් ලංකාව ගැන කතා කොරන්න එපා. බෝම්බවලින් එක දවසේ 250 මැරුණා මෙයා ගිය ආණ්ඩුව මුන්ව පස්සේ දොරෙන් ගෙට අරගෙන .. පාටිදාගෙන ගිවිසුම් ගැහැව්වාලු. ගිවිසුම් ගැහැව්වේ මේ ආණ්ඩුව ආවාම බෝම්බ පුපුරවන්න කියලද?
90 14
shirley Sunday, 21 July 2019 01:07 PM
තාත්ත කෙනෙක් අසනීප වූ දරුවා බලන්න යනකොට මැරෙන්න වෙඩි තිවුවා
Reply : 1 2
shiro Monday, 22 July 2019 04:08 AM
ආවා කල්ලිය සම්බන්ද තොරතුරු සියල්ල සොයා බලා එය මුලිනුපුටා දැමිය යුතුයි. දැන් රටේ තියෙන තත්වය අනුව ත්‍රස්තවාදියෙකුට උනත් වෙඩි තියන්න කලින් දෙතුන් පාරක් හිතන්න වෙලා තියෙන්වා. අන්තිමට වැරදිකාරයා වෙන්නේ පොලිස්කාරයානේ. නීතිය හතර පස් වතාවක් එක තැන කැරකිලා කොහෙවත් ඉන්න මනුස්සවෙක් පිටින් උනත් යන්න පුලුවන්.
Reply : 85 52
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.