IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පුරාවස්තු විනාශ කිරීමේ නඩු 10 කට වඩා දවසකට අත්සන් කරන්න වෙලා

(විනීතා එම් ගමගේ)

පුරාවස්තු විනාශ කිරීම් පිළිබඳ නඩු දහයකට පමණ දිනපතා අස්සන් කිරීමට සිදුව ඇතැයි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේය.

නොසිතන තරම් වේගයකින් පුරාවස්තු විනාශය සිදුවෙමින් පවතිතැයි ද පුරාවස්තූන් ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයි ද මනතුංග මහතා කියා සිටියේය.

තමන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වන තුරුත් මේ තත්ත්වය හරිහැටි හඳුනාගෙන නොතිබු බව ද මහාචාර්යවරයා පැවැසීය.

ද්විපාර්ශවික ගිවිසුම් ඇති බැවින් ජාත්‍යන්තර වෙළඳ පොලේ නීතිවිරෝධී ලෙස ගෙනයන පුරාවස්තූන් අලෙවි කළ නොහැකි බැවින් මෙසේ මංකොල්ලකන පුරාවස්තූන් විදේශ රටවල අලෙවි වන්නේ නීති විරෝධී ලෙසින් වීම වඩාත් භයානක තත්ත්වය යැයි ද හෙතෙම සඳහන් කළේය.

මහාචාර්ය අනුර මනතුංග මේ අදහස් පළ කළේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති දේශනයක දීය. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් විදෙස් රටවල සැඟවුණ අපේ උරුමය නමින් මෙම දේශනය සංවිධානය කර තිබිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මනතුංග මහතා විදේශ රටවල ඇති අපේ උරුමයන් ආපසු ගෙන්වා ගැනීමට පෙර දැනට මෙහි පවතින පුරාවස්තූන් රටතුළ රැකගැනීමට ප්‍රමුඛත්වය දියයුතු යැයි කියා සිටියේය.

එමෙන්ම විදේශ රටවල පවතින අපේ උරුමයන් ගෙන්වා ගැනීමට පෙර ඒවායේ නීතිමය අයිතිය තහවුරු කර ගැනීමට අවධානය යොමුකළ යුතු යැයි ද, ඒ සඳහා ඉක්මන් පියවර ගත යුතු යැයි ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට අයත් පුරා වස්තූන් විදේශ රටවල් 27 ක ඇතැයි ද එයින් 15 ක් යුරෝපීය රටවල් වන අතර ඇමරිකාව කැනඩාව යන රටවල් ද ඒ අතර වෙතැයි ද පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනෙක් රටවල් සියල්ල පාහේ බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙසින් තිබු රටවල් යැයි ද පැවැසීය.

ඉන්දියාවේ ද අපේ පුරාවස්තූන් ඇතත් ඒවා ගෙන ගොස් ඇත්තේ බ්‍රිරතාන්‍ය ජාතිකයන් විසින් බව ද ඔහු සඳහන් කළේය.

වැඩිම ප්‍රමාණ්‍යක් මෙරට පුරාවස්තූන් බ්‍රිතාන්‍යයන් විසින් ගෙන ගිය අතර තවත් අපේ පුරාවස්තූන් වැඩි ප්‍රමාණයක් ජර්මනියේ ඇතැයි ද කී මනතුංග මහතා ජර්මන් ජාතිකයන් ඒ පිළිබඳ අධ්‍යයනයට උනන්දුවන පිරිසක් බවත් කියා සිටියේය.

 

(ඡායාරූප - දිල්ෂානි චතුරිකා දාබරේ)



අදහස් (6)

පුරාවස්තු විනාශ කිරීමේ නඩු 10 කට වඩා දවසකට අත්සන් කරන්න වෙලා

Perera Wednesday, 17 February 2021 05:45 PM

ඉතින් ඔය තරම් නඩුවලට අන්තිමට වෙන්නේ මොකද කියලා නැහැනේ. ඕවා පිටිපස්සේ ඉන්නේ කවවුද කියලත් නැහැනේ. අන්තිමට අපේම අය වැඩේ කරගෙන සුද්දන් පිටින් අරින්න වගේ හදන්නේ..

:       1       3

de silva Wednesday, 17 February 2021 08:02 PM

ඔය පුරාවස්තු ලංකාවේ තිබුණා නම් මෙලහකට ඩෝසර්වලට අහුවෙලා කුඩුපට්ටම් වෙලා. අර කුරුණෑගල රාජසභා මණ්ඩපයට සිදුවන විදිහට, අපේ පුරාවස්තු ඇමෙරිකාවේ හෝ යුරෝපයේ කටු ගෙවල්වල ආරක්ෂාව යටතේ තිබුණොත් අපේ දරු දැරියන්ගෙන් කොටසකට හෝ ඒවා දැකගන්න පුළුවන් වේවි...!!! 

:       0       4

kamal Thursday, 18 February 2021 02:25 AM

දැන් කෙඳිරි ගගා ඉන්නේ, පුරාවස්තුවලට වෙනම උසාවියක් පිහිටුවන්න කියලා බලකරන්න තරම් දෙයක් වුණේ පිට කොන්දකුත් නැති නිසා නේද?

:       1       1

Kalum Thursday, 18 February 2021 02:55 AM

ඔබේ උත්සාහය ඉතාමත් අගෙයි... මාගේ ආචාරය පිරිනමමි...!

:       0       0

fairoos Thursday, 18 February 2021 07:28 AM

එතකොට දැන් රටේ රජයක් නැද්ද? තාම සිරිසේනද ජනාධිපති..?

:       0       6

Rata Perata Thursday, 18 February 2021 07:40 AM

කඩු හොරකමෙන් පටන් අරගෙන කුරුණෑගල විනාශය දක්වා අපේ රටේ පුරාවස්තු වැනසුවේ රාජපක්ෂලා... දැන් වනාන්තර ටික වනසමින් නන්දසේන කරන විනාශය පේනවා නේද?

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 123 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1767 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 439 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 965 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 135 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 26 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site