නිමන්ති රණසිංහ
 
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ නාවික හමුදා හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත්, හිටපු ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් 7 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය.

සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සහ එම සිද්ධියට අදාළ විමර්ශනය සිදුකර කඩිනමින් කරුණු වාර්තා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 27 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.