(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පානදුර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයාගේ නිවසට ගිය දැරියන් දෙදෙනෙකුට එම ගුරුවරයා ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් හෙයින් මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා අද (18) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිවෙන් ගුරුවරයෙකි.
එදිනට චෝදනා පත්‍ර ගොනු කරන ලෙසද දැරියන් දෙදෙනා වෛද්‍යවරයෙකු හමුවට යොමු කර එදිනම වාර්තාව ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.
පැය දෙකක කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා සැකකාර ගුරුවරයාගේ නිවසට දැරියන් ඉකුත් 16 වැනිදා ගොස් තිබූ අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ගුරුවරයා පමණක් බවද එම දැරියන්ගෙන් ප්‍රකාශ වලින් හෙළි වූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ඉංග්‍රීසි ගුරුවරයා රිමාන්ඩ්
MISHAL-MATARA Wednesday, 18 September 2019 01:15 PM
ඔහු මුස්ලිම් කෙනෙක් නම්, ඔහුගේ නම ඔහුගේ ගම, වාසගම ඔක්කොම විස්තර එක්ක දාන්න.
MISHAL-MATARAWednesday, 18 September 2019 02:07 PM
ඔහු අනිවාර්යයෙන්ම මුස්ලිම් නොවන කෙනෙක් වෙන්න ඇති...
Raveendra Wednesday, 18 September 2019 05:32 PM
කාරුණිකව හිතන්න මෙතන මුස්ලිම්ද, දෙමළද, සිංහලද අදාළ නැත. "මෙය කරපු කෙනා කවුරු වුණත්" මුන්ගේ සියලුම විස්තර නම් ගම් ඇතිව සහ ඡායාරූපද පළකිරීම මගින් මෙවැනි වැරදි යම්කිසි මට්ටමකට අඩුකර ගතහැකි බව අපගේ හැඟීමයි.
ජේ මහින්ද Thursday, 19 September 2019 01:44 AM
පළමුව දරුවන් පුද්ගලික පංතිවලට යන්නේ ඇයි කියා සොයන්න. හේතුව සොයා ප්‍රතිකාර කළොත් රෝගය සුවකිරීම පහසුයි. මම හිතන්නේ රෝග මූලය වන්නේ පාසැල්වල හරියාකාරව විෂයයන් ඉගැන්වීමක් නොකිරීමයි. උදාහරණයක් දෙනවා නම් උසස් පෙළ විභාගයටත් දරුවන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයකට ලියන්න ඕනෑ. මගේ දරුවා පාසැල්ගිය කාලයේ උසස් පෙළ වසර දෙකේ එකම දිනකවත් ඉංග්‍රීසි ගුරු භවතා දරුවාගේ පන්තියට පැමිණ නැහැ. සාමාන්‍ය පෙළත් එයට දෙවැනි නැහැ. දරුවන්ගේ අනාගතය ගැන කියන ගුරු සංගම් කොතෙක් ඇතත් ඔවුන් මේ ගැන කිසිම වගක් නැහැ. කවුරු හෝ වරද පෙන්වා දුන්නොත් සංගම් විරෝධතා කරනවා. ගුරු උපදේශකලා, අධ්‍යක්ෂකලා කොතෙක් සිටියත් මේවාට ප්‍රතිකර්ම නොයොදා මෙවැනි දේ වැළැක්විය නොහැකියි.
sharm warn Thursday, 19 September 2019 03:49 AM
ඔහු මුස්ලිම් නම් මොකද්ද කියන්න හදන්නේ? ඔහුට ෂරියා නීතියෙන් දඬුවම් කරනවා කියලද? කවර ජාතියක කෙනෙක් වුණත් වැරැද්ද ගැන විතරයි මෙතන කියැවෙන්නේ. ජාතිවාදී වෙන්න එපා. කළ වැරැද්ද ගැන කතා කරන්න. අතවරයට ලක්වූ දැරිවියන් දෙදෙනාගේ මනස හදන්න කතා කරන්න. ඔවුන්ට සාධාරණයක් ඉටු වනු පිණිස හඬක් නගන්න.
kumara Thursday, 19 September 2019 05:11 AM
කවුරු වුණත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.