(කේ. ඩි දේවපි‍්‍රය)
 
බොදු බලසේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හා ශ‍්‍රිලංකා නිදහස් පක්‍ෂයේ මහා ලේකම් දායාසිරි ජයසේකර මහතා එක්ව අද (09)  කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත් වල නියැලුණහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ  කතරගම කිරි වෙහෙර වැද පුදා ගෙන අනතුරුව දේවාල භුමියට පැමිණ අෂ්ඨඵල බෝධිය වෙත පැමිණියහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් විශේෂ  බෝධි පුජාවක් පත්වනු  ලැබීය.ඒ අවස්ථාවට දයාසිරි ජයසේකර මහතා ද එක් විය.

බෝධි පූජා පිංකමෙන් පසුව කතරගම දේවාලය වෙතද පැමිණි පිරිස පළතුරු පුජාවක් කතරගම දෙවියන්ට තබා ආශිර්වාද ප‍්‍රාර්ථන කර ගනු ලැබීය.