‘සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක් තේමාව‘  යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය  අද (21) ප්‍රකාශයට පත්  කෙරිණි.

 
අද  (21) සිට ලබන (28)   වැනිදා  දක්වා මෙම  ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය පැවැත්වේ.
 
 එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වීමට නියමිතය.
 
 එහි  ප්‍රධාන  වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක උත්සවය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්ද මහා විද්‍යාලයෙන් ආරම්භ කෙරිණි.
 
 එමෙන්ම යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම් දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 264 කට හා රජය යටතේ තිබූ ප්‍රධාන ගොවිපොළවල් 04 කට අයත් ඉඩම් අක්කර 1099ක් නිදහස් කිරීමට අදාළ ලියවිලි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත  බාර දුන් අතර  ජනාධිපතිවරයා  එම ලිපි ලේඛන අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාර දුන්නේ ය.

(36698)

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)