IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට යුද ජයග්‍රහණ යොදාගැනීම තහනම්

(රංජන් කස්තුරි)
 
යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
 
යුද ජයග්‍රහණය එක පක්ෂක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බවද, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
 
එම නිසා යුද්ධය හෝ යුද ජයග්‍රහණ හෝ ඊට අදාළ අනෙකුත් ක්‍රියාකාරකම් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් භාවිත නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයිද හෙතෙම පැවසීය.



අදහස් (57)

ජනපතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට යුද ජයග්‍රහණ යොදාගැනීම තහනම්

Nishantha Wednesday, 16 October 2019 12:15 PM

එහෙම කරන්න එපා .. ඒගොල්ලෝ වෙන මොනවා කියලා ඡන්දෙ ගන්නද?

:       2041       1647

sarathWednesday, 16 October 2019 05:15 PM

එතකොට ලංකාවේ සියලු මහජන නියෝජිතයන්ට හා නිලධාරීන්ට ඍජුව හෝ වක්‍රව කතා කිරීමට නීතියෙන් තහනම් කර තිබෙන 'වෙනම නිජබිමවල්', ස්වයං පාලනය වගේ මාතෘකා ගැන යෝජනා අපේක්ෂකයින්ට ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්නේ කොහොමද?

:       3       589

nishaWednesday, 16 October 2019 05:35 PM

ඒවා නොදකින්න මැකෝ නිදිද?

:       23       286

ලියනගේ Wednesday, 16 October 2019 06:23 PM

යුද්ධය, යුධ ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා සියල්ල ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සතුයි...

:       131       215

JagathThursday, 17 October 2019 09:33 AM

මෙම ප්‍රකාශය තුළ කුහකකම ගැබ්වී තිබේ..

:       0       14

criWednesday, 16 October 2019 07:19 PM

එහෙනං සජිත් කොහොමද එස්.එෆ්. දාලා කතා කරවන්නේ. එහෙනම් කොහොමද සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් හැටියට ස්ටේජ්වලට නැගලා දේශපාලනය කරන්නේ...

:       25       194

sirimal Wednesday, 16 October 2019 12:16 PM

අනේ අපොයි. එක්කෙනෙක් දිනන්න යන්නේ ඕක විකුණලා නේද? දැන් ඉතින් මොකද වෙන්නේ? ඒ විතරක්යැ. මෙහෙමත් කීවා නේද? " ආගමික පුද පූදා පැවැත්වෙන​, උත්සව පැවැත්වෙන පූජාභූමිය තුළ දේශපාලන කතා පැවැත්වීම​, බෝධි පූජාවලදි ධර්ම දේශණා, දේව මෙහෙයන්වලදී, දාන අවසානයේ දෙන ධර්ම දේශනාවලදී අර අපේක්‍ෂකය‍ාට ඡන්දෙ දෙන්න අරයා හොඳ නෑ වගේ හෝ දේශපාලන කතා පැවැත්වීම ආගමික නායකයින් විසින් කිරීම සපුරා තහනම්... එය ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තරම් බලවත් වරදක්... එමෙන්ම එවැනි ස්ථානයකට සහභාගි වන​ තේරී පත්වන අපේක්‍ෂකයාට එම ධුරය අහෝසි වීමට හේතුවක්. එම දේශනාවලට මාධ්‍ය විසින් ප්‍රචාරය දීමත් නොකළ යුතුයි​.. ඒක අයුතු බලපෑම් යටතේ වැටෙන්නේ... මෙයට හේතුව ආගමික නායකයින්ට මහජනයාට බලපෑමක් කිරීමට ඇති හැකියාවයි" දැන් අපට තියෙන්නේ මේවගේ දේවල් දැක්කොත් ඒවා පටිගත කරලා නැත්නම් පින්තුර අරගෙන ඒ සාක්ෂි අදාළ බලධාරීන්ට ඉදිරිපත් කරන එකයි. එතකොට බලාගන්න පුළුවන් ඕකත් අර "කතාව දෝලාවෙන් යන්නේ කකුල් දෙකෙන්" ජාතියේ කතාවක්ද කියලා...

:       5431       1321

chandima Wednesday, 16 October 2019 12:20 PM

ඒ කියන්නේ සරත් ෆොන්සේකාව දම්මලා කරන්න හිතපු දේ හරියන්නේ නැහැ. අර ආරක්ෂාව බාරදෙනවා කියපු ටොපිය ආපසු ගනීවිද?

:       1736       3056

Mangala Wednesday, 16 October 2019 12:20 PM

අර අලිමංකඩ - පාමංකඩ, කිලිනොච්චි - මැදවච්චි, තොප්පිගල කැලෑව, ඕන ගොනෙකුට කරන්න පුලුවන් යුද්දෙ, ශ්‍රී ලංකා යුදහමුදාව යුද අපරාධ කළ බව ජිනීවා වලදි පිළිගත්තා, රණවිරුගාය යනාදී නින්දිත හා වසල බස් දෙඩූ අයටත් යුද ජයග්‍රහණය අයිතිද? 1 වෙනි විජයබා රජතුමාගේ පනාකඩුව සන්නස කියවන්න...

:       1038       2613

SaliyaWednesday, 16 October 2019 02:26 PM

94 දී විජේතුංග ජනපතිතුමා, රට බාර දුන්නේ නැගෙනහිර බේරාගෙන බව අමතකද? රන්ජන් විජේරතන, ගාමිණී දිසානායක, වැනි නායකයින් මරා දැම්මා අමතකද?. අඩුම ගානේ චන්ද්‍රිකා මැතිනියට බෝම්බ තියල ඇහැක් නැති කළා අමතකද? යුද්ධයට හැම නායකයාම දායක වී ඇත. හැමෝම සාකච්ඡා කර ඇත. දෙපැත්තටම ආයුධ, මුදල් දුන් චෝදනා ඇත.

:       288       542

MangalaWednesday, 16 October 2019 04:12 PM

යන්නේ කොහෙද මල්ලේ පොල්? 1985 ඉඳන් 2005 වෙනකල් යුද්ධ කලේ නැහැ.. ත්‍රස්තවාදයට වැඩෙන්න දුන්නා... යුද්ධය ඇනුවා සාම කථා කියකියා. අවු 30 ගාණක් තිබුණු ත්‍රස්තවාදය නිම කරන්න ගියේ අවුරුදු 3යි. ඒකෙන්ම පේනවා නේද 2005ට කලින් අයගේ හැකියාව, වුවමනාව සහ දැක්ම. ලංකාවේ තිබුනේ යුද්ධයක් නෙවෙයි ත්‍රස්තවාදයක්, යුද්ධ තිබුනේ 1818ට කලින්... ත්‍රස්තවාදය නිම කරන්න සහාය දුන්නු අයට මිස ත්‍රස්තවාදයට ආවඩපු අයට ජයග්‍රහණය අයිති නැහැ. පක්ෂ පාට නැතුව රට ගැන හිතන්න ඕනෑ දැන්වත්...

:       411       1140

saliyaWednesday, 16 October 2019 04:50 PM

මේ කප තිබෙන තුරු ඊළම නොදෙමි. මෙලෙස කියා විජේතුංග පාලනය යුද්ධය කළා. අගමැති රනිල්. සුදු නෙළුම, සාම පරවියා ආදිය කරපින්නා ගෙන සාමය අරගෙන ආවේ 1994දී. 2005 දීත් සාම සාකච්ඡා කළා. රතන සාදු මාවිල් ආරු යනකන්... සුනාමි සහන මණ්ඩල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ කවුද...?

:       30       95

rajuWednesday, 16 October 2019 05:22 PM

ඒ අදත් සජිත්ට සපෝට් කරන චන්ද්‍රිකා, මංගල නඩයනේ...

:       45       124

Lion Wednesday, 16 October 2019 12:23 PM

රාජපක්ෂලාට ඕවා අදාල නැහැ. ඔවුන් කවදත් නීතියට ගරුකලේ නැහැ...

:       2348       1565

aruniWednesday, 16 October 2019 12:58 PM

රාජපක්ෂලා තමයි අපරාධ වැඩිහරියක් කලේ. අනිත් අයත් නොකලා නොවෙයි. ඊයේ ඉන්දියානු මාධ්‍යවේදිනියක් එක්ක කතාකරන්න ගිහින් බය ගෝඨා මහත්තයා අනාගත්තනේ. මට හිතෙන්නේ එයාගේ මොලේ අස්පට් එක වැඩියි වගේ. අායෙත් සිංගප්පූරුවට යවලා ඇන මුරිච්චි තදකරලා රිඉම්පෝර්ට් කරන්න වෙයිද දන්නේ නැහැ...

:       2365       1768

susanthaWednesday, 16 October 2019 01:40 PM

එතුමා අනාගත්තේ නැහැ. ඉතා පැහැදිලිව හරියටම උත්තරේ කිව්වා. ඉංග්‍රීසි කියවාගන්න අමාරු සහ යමක් පැහැදිලිව තේරුම් ගන්න අමාරුයි. එක වාක්‍යයක එල්ලෙන උදවියට තමයි අනාගත්තා වගේ හිතෙන්නේ... ඊට පස්සේ කළ පැහැදිලි කිරීමත් එක්ක සම්පූර්ණ පිළිතුර බලන්න...

:       1102       2140

Rasika Pradeep Thursday, 17 October 2019 08:11 AM

ඔබ තුමී අයෙත් ඒ මාධ්‍ය හමුව බලන්න. එතන ගොඩක් අය හිටියට එතුමා පරිනත නායකයෙක් විදියට උත්තර දුන්න. රටකට ඕනේ බයිලා ගහන නායකයෙක් නෙවෙයි, ප්‍රතිපත්තියක් තියෙන ඒ ප්‍රතිපත්තිය සමාජගතකරන්න පුළුවන් නායකයෙක්.

:       13       13

tikkaSunday, 20 October 2019 02:40 AM

87-89 අපරාධ ටික (බටලන්ද ඇතුළුව) කරේ රාජපක්ෂද? ප්‍රේමදාස තමන්ගේ පුතාව එංගලන්තේ ඇරලා අපේ කොල්ලන්ට කටුකම්බි සහ ටයර් මාල දාලා එලොව ඇරියා. බටලන්ද මහතාත් ප්‍රේමදාස සහ රංජන්ට සහයෝගය දුන්නා.

:       1       0

ජානක දන්දෙණිය Wednesday, 16 October 2019 12:38 PM

පාස්කු ප්‍රහාරය ගැන කතාකරන්නත් එපාද?

:       48       608

Ruhunu Wednesday, 16 October 2019 12:58 PM

ගුලියක් කාලා වගෙයි..

:       48       192

Chankya Wednesday, 16 October 2019 01:07 PM

කරපු දේවල් කියන එක වරදක් !. නොකරපු දේවල් කියන එක හරි...! 30 අවුරුදු ත්‍රස්ත යුද්ධය අවසන් කිරීම මෝඩවැඩක්... ඒ තුවාලය හොඳ කරගත්තේ ඇයි? මහබැංකු හොරකම මතක් කිරීම තහනම්... ඒවා මුළු ජාතියටම අයිති දේවල්. නියමයි... ඔහොම යං..!!.

:       129       739

සෙනෙවි Wednesday, 16 October 2019 01:11 PM

එහෙම තහනමක් පනවන්න මැතිවරණ කොමසාරිස්ට නීතියෙන් බලයක් ලැබී නෑ. ඔහු පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන පුද්ගලයෙක් බව දැන් පැහැදිළියි.. ඒ නිසා ඔහුගේ මෙම තීරණයට විරුද්ධව නඩු පැවරිය යුතුයි..

:       337       1350

බද්රානි Wednesday, 16 October 2019 01:14 PM

යුද්ධය විකුණමින්, රණවිරුවන්ව නින්දිත ලෙස ගරහමින්, රටේ ජාතිවාදය වපුරමින්, ජනතාව අපහසුවට පත්වෙන වර්ජන රැල්ලක් දියත් කරමින් අන්තවාදීන්ට කිරි පොවමින් කරන දෙබිඩි රංගනය ගැන ජනතාව දැනුවත්. මේ රට ජාති ආගම් වශයෙන් පමණක් නොවේ, මහා සංඝරත්නය පවා බේද කරමින්, තක්කඩි දේශපාලනය, සියලුම ආගමික ස්ථාන තුළට රැගෙන යමින් කෙසේ හෝ බලයට පැමිණ මේ රට මංකොල්ල කෑමට උත්සාහ දරන දේශපාලන පක්ෂය ගැන මේ මුළු රටේම වෙසෙන බුද්ධිමත් ජනතාව අවබෝධ කරගෙන හමාරයි. මේ කිසිදේකට නොසැලී සිටින බුද්ධිමත් ජනතාව අවශ්‍ය වෙලාවට නිසි තීන්දුව ගනියි. එතෙක් ඕනෑම නාඩගමක් නැටීමට ඔවුන්ට අයිතියක් ඇත.

:       357       807

gangaMonday, 21 October 2019 08:43 AM

ස්තුතියි !!! 

:       0       0

chinthaka Wednesday, 16 October 2019 01:22 PM

මැ.කෝ. යේම සිංහයෙක් වුණාවද්ද? එහෙම බලනවා නම් රටේ සංවර්ධනය ගැනවත්, මාර්ග පද්ධතිය ගැනවත්, ඔය පෙට්ටි ගෙවල් හදපුවා ගැනවත් කතාකරන්න බැරිවෙන්න ඕනෑනේ.... මොකද ඒ දේවලුත් තනියම කරන්න බැහැනේ? අනේ මෙහෙම නරි නාටක, පට්ට බයවිල්ලක්නේ වෙලා තියෙන්නේ...

:       425       1118

dilan Wednesday, 16 October 2019 01:24 PM

තව ටික දවසකින් කියයි අධ්‍යාපන සුදුසුකම් ගැනත් කතා කරන්න එපා කියලා. මොකද අර "සදාදරණීය පුතුගේ" O/L ෆේල් සහතිකයෙනුත් මාර මඩක්නේ කන්නේ...

:       115       687

රවින් Wednesday, 16 October 2019 01:34 PM

යුද්ධයේ කුරීරු බව පක්ෂ, ආගම්, ජාති බේදයකින් තොරව අපි හැමෝම දන්නවා. ඉතුරු ටික ඉතිහාසයට පමණක් තියලා ඉදිරියට යමු. ආයේ කවදාවත් ඒ අතීතය පරම්පරා ගණනාවකට මේ රට තුළ ඇති නොවේවායි ඉතසිතින් පතමු.

:       10       147

susantha Wednesday, 16 October 2019 01:44 PM

යුද්ධයට නායකත්වය දීපු උදවිය ඒකෙ ගෞරවය ගත්තට කිසිම ප්‍රශ්නයක් නැත. එහෙම ගත්තොත් කිසිම සංවර්ධන කටයුත්තකුත් කියන්න බැහැනේ.. ඒවත් හැමෝටම අයිතියිනේ. එතකොට කලින්කල කිසි දෙයක් කියන්න බැරිවෙනවා. එහෙම ගත්තොත් කලින් කල දේවලින් තමයි දැන් කරනවයි කියන දේවල් විශ්වාසය මැනගන්න පුළුවන්... නැතිනම් ඕනෑ කෙනෙකුට පුළුවන්නේ නිකන් හිතට එන විකාර කියවන්න. හිතට එන පොරොන්දු දෙන්න. මැකෝගේ ඔලුව අවුල් වෙලාද? නැතිනම් කාටහරි කඩේවත් යනවද රෙදි නැතුව..?

:       122       1126

Prasanna Wednesday, 16 October 2019 02:15 PM

ඊයෙත් ක්ලේමෝ බෝම්බ දෙකක් අහු වුණා. මේවා අර බූරුවයි, මෝඩ තාත්තයි, පුතයි වගේ නස්රුදින් කතා. අන්තිමේ තාත්තයි පුතයි බූරුවව කරේ තියාගෙන යන්නත් වුණා. මේ වගේ ගොන් ප්‍රශ්න ඇවිත්. හරියට ගමනවත් යන්න බැරි වුණා. අපි ගමු රටේ ආර්ථික දියුණු /නොදියුණු බව ඒකත් එක පාර්ෂවයකට අයිති දෙයක් නෙවෙයිනේ... ඒ නිසා ඡන්දෙ කාලේ ඒ ගැන කට අරින්න බෑ. කුඩු ව්‍යවසනය නැති කිරීම ඒකත් කාටත් අයිතියි. තව බලමු, රටේ නීතිය කඩා වැටීම ඒකත් කතා කරන්න බැරි මට්ටමේ තියෙන්නේ, මේ විදියට. රටේ විදේශ සංචිත දිය කරලා ඡන්ද කටේ ඩොලර් එකට, රුපියල දියවෙන්න නොදී රට හිඟමනට දාන, පාලක පක්ෂයේ විනිමය ගොන්කම්... එ්කත් හබක්.... හැමෝටම බලපානවනේ. යුද්ධය වගේ තව එකක් තියෙනවා. අවුරුද්දකට 30,000ක් විතර මැරෙන.... ඒ තමයි මාර්ග අනතුරු. ඒවා අඩු කරනවා මං බලයට ආවොත් කියලා කියන්නත් බෑ. ඒකත් එකෙක් දෙන්නෙකුට නෙවෙයි.. මුළු රටටම බලපානවනේ... රෝසි සේනානායක නගරාධිපතිතුමිය මිලියන 4-5 වැයකරලා එයා මළපහ කරන ටොයිලට් එක රෙපෙයාර් කරපු එකනම් වේදිකාවල් දෙදරන්න කතා කරන්න පුළුවන්... මොකද ඒක අපි කාටත් අදාළ නෑනේ... රෝසිට විතරක් අතිශය පුද්ගලිකයි. නස්රුදින් කතාවේ බුරුව අයිති තාත්ත ආයිම ඉපදිලා වගේ ලංකාවේ...

:       21       826

CharminieThursday, 17 October 2019 04:36 PM

මේ මැකො චන්ද මහත්තයා කරාපු කතාවේ හරය හරිම විදියට විග්‍රහය කරල තියෙන්නේ ඔබ තුමා. නස්රුදින් ගේ බූරු උපමාව හොඳටම ගැලපෙනවා. ඒ වගේම පක්ෂ ගැති කෙනෙක් නොවේ වගේ හිතෙන්නේ.

:       16       33

සනත් Wednesday, 16 October 2019 02:27 PM

ප්‍රචාරණ වලට බැරි වුණාට ඒ ජයෙන් ජීවිත ලබපු මිනිස්සුන්ට ඒ ගැන කතාකරන්න පුලුවන්... ඒක බලෙන් අමතක කරන්න හදන කුහකයොයි... අමතක කරවන්න හදන දේශපාලුවොයි මොනවා කීවත් ඇත්ත හංගන්න බෑ...

:       2       1079

චන්ද්‍රගුප්ත Wednesday, 16 October 2019 02:36 PM

දැං මෙයාට අර පුතාණන්ගේ සෙට් එකයි, ලප කුමාරගේ කට්ටියයි ගහන මඩ පාරවල් පේන්නැද්ද යුද ජයග්‍රහණයක් අල්ලන් නහින්න හදන්නේ? ඒක සමස්ත ජනතාවටම අයිතිනම් එදාමෙදාතුර දේශපාලකයන් ජනතා මුදලින් කරපු සියලු දේ ජනතාවට අයිතියි.. එහෙනම් ඒ සියල්ල ප්‍රචාරණය නොකළ යුතුයි කියලා ප්‍රකාශ කරන්න ඕනෑ.. අර එයාගෙ අප්පොච්චා කරපු දේවල් පවා මාකට් කරද්දි අනිත් අය තමන් කරපු දේවත් නොකිය ඉන්න ඕනද?

:       28       645

Hewa Wednesday, 16 October 2019 02:58 PM

යුද ජයග්‍රහණ යොදාගැනීම තහනම් නම් යුද පරාජය යොදාගැනීමද තහනම් කළ යුතුයි​.

:       0       170

Thilina Wednesday, 16 October 2019 03:41 PM

කණගාටුයි ඇත්තටම මේ වගේ පුවත් දකිද්දී. කරපු වැඩකුත් නැතුව යකඩ මිනිහගේ මළකඩ කඩන්න කෝටි ගණන් වැය කරලා දැන්වීම් දානකොට හොඳයි. පෙට්ටි පෙට්ටි ගෙවල් හදලා තමන්ගේ හෙංචයියන්ට බෙදලා රට පුරා පෝස්ටර් කටවුට් ගහලා ඊට වැඩි ගාණක් වියදම් කරලා දැන්වීම් දානකොට මැකෝ නිදාගෙනද හිටියේ?

:       1       511

gunarathna Wednesday, 16 October 2019 03:42 PM

මැතිවරණයක් තියාගන්නට බැරිව කෙකර ගගා ඉඳලා දැන් යන්තම් ඡන්දයක් ආපුවම සිංහයා වෙලා... කොහේ තියෙන නීතියද මේ දාලා තියෙන්නේ? තව ටික දවසකින් කියාවි බැංකු කොල්ලය ගැන කතා කිරීම තහනම් කියලා. මත්තල ගැන තහනම්, බදු ගැන කතා කිරීම තහනම් කියලා. මොන කරදරයක් වත් නැහැනේ... වේදිකාවේ කතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කළානම් ඉවරයිනේ...

:       1       1287

chandima Wednesday, 16 October 2019 03:45 PM

මට නම් පෙනෙන්නේ මැකෝත් ඡන්දෙ ඉල්ලන්න හිතන් ඉන්නවා වගේ..

:       1       508

abey Wednesday, 16 October 2019 03:46 PM

මේ 30 වසරක යුද්ධයට කිසිම සොල්දාදුවෙක් සහභාගී වෙලා නැද්ද?

:       0       338

JagathThursday, 17 October 2019 09:40 AM

මේ වගේ ප්‍රශ්න අහන්නේ වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැතිව ඇති මම හිතන්නේ....

:       2       0

සෙනෙවි Wednesday, 16 October 2019 04:09 PM

මැකෝ නිකං පුහු කයිවාරු කාරයෙක්. ජනාධිපතිවරණයට කලින් පළාත් සභා ඡන්දය තියන්න බැරි වුනොත් ඉල්ලා අස්වෙනවා කිව්වා... කෝ අස් වුණාද? සද්දෙ බෙලෙක් හඬක් තිබුණට වැඩ නෑ.

:       0       515

සෙනෙවි Wednesday, 16 October 2019 04:22 PM

මැතිවරණ කොමිසමේ සාමාජික හූල් මහතා දේශපාලන පාර්ශවයකට පක්ෂව කිහිපවතාවක් නඩු පැවරුවා. මැකෝගේද ශාරීරිකව පෙන්නුම් කරන භාෂාවට අනුව එක්තරා දේශපාලන පක්ෂයකට වාසිවන ආකාරයට තම තනතුර අවභාවිත කරන බව පෙනීයයි. ඔහුද රාජ්‍ය සේවකයෙකු බවත් ඔහුට විරුද්ධව නීති ප්‍රකාරව කටයුතු කිරීමට හැකියාවක් ඇති බව මතක් කරදෙමු..

:       1       1283

Aris Wednesday, 16 October 2019 04:29 PM

අපි එක රටක් එක නීතියක්.., පොදු නීතිය ගැන කතා කරමු. 300ක් මැරිලා 200කට තුවාල සිදුකළ පාස්කු සිදුවීමෙන් පසු ජනතාවගේ ඉල්ලීම පරිදි සකස්කළ පොදු නීතිය යට ගැහුවේ ඇයි? කාගේ වුවමනාවටද? සිංහල රට, ජාතියේ අනාගත ඉරණම කුමක්ද? මේවට විසඳුම් දිය හැක්කේ කාටද?

:       0       286

අනුර Wednesday, 16 October 2019 06:45 PM

මැතිවරණ කොමිසමේ සභාපතිතුමෝ, ඔයිට වඩා හොඳ නැද්ද අර NGO එකක් අටවගෙන ඉන්න ඔබතුමාගේ සහෝදරයා සුනන්ද දේශප්‍රිය වගේ රට පැන්න නම්.... ඔය පුවත්පත් දැන්වීමට නම් මමත් කැමති නැහැ... ඒත් මේ රටේ මුතුන්මිත්තන් කරපු දෙවල් කියන්න ඔබතුමාගේ අවසර ගන්න වෙච්ච එක නම් ඉතාම පහත් ක්‍රියාවක්.... ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා කියපු කරපු දේවල් කියන්න බැරිනම් සජිත් ඇමති වෙලා කරපු දේවලුත් කියන්න බැහැ නේ... පළාත් සභා ඡන්දය වත් වෙලාවට තියාගන්න බැරි මනුස්සයෙක් නේ මේ කථාව කියන්නෙ....

:       0       55

nimza Wednesday, 16 October 2019 06:56 PM

මැකෝ මැක්කො කාලා...

:       0       17

Chathuri Wednesday, 16 October 2019 08:59 PM

ජයග්‍රහණ කතා කියන්න අවශ්‍ය නැහැ , ජනතාව දන්නවා දිනපු හැටි , තමන් කරපු වංචා ,ජනතා මුදල් මංකොල්ල කපුවා ,රජයේ දේපල තමා සහ පවුලේ කට්ටිය අයිති කරගත් හැටි , පවුලේ දෙමව් පියෝ හෝ සහෝදරයෝ මරපු හැටි , ජනතාව මාරු විකල්ලෙන් පාලනය කරපු හැටි ,ජනතාව ගේ සියලුම අයති වාසිකම් උදුරාගෙන , මේ ගැන පසුතැවි ප්‍රසිද්දියේ ජනතාවගෙන් සමාව අරගෙන , හොරාගත් සියලුම දේවල් නැවත ,පවරා ,අදිකරණයේ සියලුම නඩු වලට පෙනිසිට , හිරගෙදර ට යන්න සුදානම් බව පෙන්වා දෙන්න කියන්න , මේ වගේ අවස්ථාවක් නැවත එන්නේ අවුරුදු හතරකින් නිසා , මහා උන් වැරැද්ද තේරුම් අරගෙන දඩුවම් වීද පෙන්වන්න මෙරටට අවශ්‍ය එපමණයි , දැන් කියන්නේ අමුලික බොරු , තමන් හොඳ වෙලා ඉන්න ඕන ජනතාව හර්මග අරන් යන්න . තරුණයෝ ගොවියෝ කරලා ,නිකම් පොහොර දෙනවා කියන්න අවශ්‍ය නැහැ ජනතාවට කොහොමත් දෙන්නේ පොහොර තමයි , නැතිව සුර සැප දෙන්නේ නැහැ නේ.

:       2       4

Anurudda Wednesday, 16 October 2019 10:49 PM

මැකෝ. යකෝ මේක මාර කෙලියක්නෙ. එහෙම තීරණ ගන්න තියෙන ගන්න තියෙන අයිතිය මොකද්ද තස්ත්‍රාවාදය ගැන කතා කරන්න පුලුවන්ද

:       0       15

sisira Wednesday, 16 October 2019 11:22 PM

අනේ තනතුරේ හිටියා ඇති. පව් නොදී විශ්‍රාම යන්න උමතු කථා නොපවසා.

:       0       14

මාරසිoha Thursday, 17 October 2019 01:06 AM

මැකෝ මේ මොකාටද එන්න හදන්නෙ? මැකෝගෙ තර්කය අනූව කිසිම දේශපාලකයකූට තමන් රට වෙනූවෙන් කල කිසිම දෙයක් මැතිවරණ ප්‍රචාරනය සදහා යොදාගැනීම තහනම්. මක්නිසාද යත් ඒ සියලු දේ දේශපාලකයන් සිදූ කරන්නේ මහජන මුදල් වලින් නිසා.

:       8       2

mahinda Thursday, 17 October 2019 01:30 AM

පරණ ඒවා දැන් වැඩක් නැහැ. හෙජින් බැඳුම් කර, එයාර් ලංකා කෑම... ඕවා ගැනත් කතා එපා..

:       0       1

Lakmal Thursday, 17 October 2019 02:38 AM

ජනාධිපති මැතිවරණයේදී ජනාධිපති වීම ගැන කතාකරන්න එපා. මොකද ඒ තනතුර මුලු රටටම අයිතියිනේ...

:       0       122

krishantha Thursday, 17 October 2019 02:54 AM

යුධ ජයග්‍රහණය හැමෝටම අයිතිනම් එක ගැන කතාකලාම මොකද ? හැමෝම ආඩම්බර වෙයි නේ ? යුද ජයග්‍රහණය ඇලජික් කට්ටිය එහෙම නැහැ නේද ?

:       0       131

Rasika Pradeep Thursday, 17 October 2019 04:44 AM

යුද ජයග්‍රහණය ඕපපාතිකව සිදුඋන දෙයක් කියලද දන්නේ නේ මැකෝ හිතාගෙන ඉන්නේ. අවරුදු 30 ක් තිස්සේ අවරුදු 5 න 5 හට ආණ්ඩු කීයක් වෙනස් උනාද ? ඔය හැම ආණ්ඩුවම කලේ යුද්දේ වවාගෙන කපු එක. එක සාමුහික ප්‍රයත්නක් උනත් එකට සබැ නායකත්වයක් දුන්නේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව කියන එක හැමෝම දන්නවා. මේකත් හරියට ඡන්දෙ ඉවර වෙනකන් බැදුම්කර හොරකම ගැන කතාකරන්න එපා කියල යූ.ඇම්. පී. එකෙන් කරපු ඉල්ලීම වගේ.

:       15       1049

prakaash Thursday, 17 October 2019 07:41 AM

මැකෝ කියන්නේ එන්ජීඕ කාරයෙක් බව පැහැදිලියි. මෙයාගේ සහෝදරයා සුනන්ද කියන්නේ රටට ද්‍රෝහී දේශ ද්‍රෝහියෙක් බව කිව යුතුමයි. ත්‍රස්තවාදයට උල් පන්දම් දෙන මැක්කෙක් බව නම් පේනවා...

:       1       2

ananda Thursday, 17 October 2019 08:27 AM

දෙවියන් වහන්සේගේ දැති රෝදය කැරකෙන්න පරක්කු බවත් වෙලාව ආවම අඩු නැතුව අඹරාදෙන බවත් කිව්වේ මැකෝ නේද? ඒ ප්‍රකාශය එයාටත් පොදුයි, ප්‍රමාද වුණත් වෙලාවට ඇඹරිලා යාවි...

:       0       1

Bamunuarachchi Thursday, 17 October 2019 11:13 AM

මැකෝ අපි යුද්ධය දිනපු හැටි නොවෙයි.. අවුරුදු 25ම යුද්ධය වවාගෙන කාලා අවුරුදු 10ක් ප්‍රභාකරන්ට උතුර බාර දෙන්න හදපු හැටි කතා කරමු නේද? යුද්ධය දිනීම රාජපක්ෂලා හැරෙන්නට රනිල්ටත් අයිති නම් ඒ ගැන එයාට කතා කරන්න පුලුවනිනේ. ඇයි කතා නොකරන්නේ? අලිමංකඩ කිලිනොච්චිය ගැන දැනගත්තෙත් රාජපක්ෂලාගෙන්...

:       1       0

Bamunuarachchi Thursday, 17 October 2019 12:19 PM

යුද්දය ගැන කියලා ඡන්ද ඉල්ලන්න ඕනේ යුද්ධය කාලේ ඇඳන් යට හිටි මිනිස්සුන්ට. අපි යුද්ධය වෙන හැටි දුටුවා. කොටින්ට යුදආයුධ දුන්නු හැටි දැක්කා රනිල්ලාව සාම සාකච්ඡා කියා රවටාගෙන කොටියා යුද්ධයට සංවිධාන වුණු හැටිත් දැක්කා. අන්තිමට යුද්ධය දිනන්න බැහැ.. ප්‍රභාකරන්ට අවුරුදු 10 උතුර භාර දෙන්න ගිය හැටිත් දැක්කා. යුද්ධය කාලේ ඇඳන් යට රිංගාගෙන හිටිය එජාප ගොයියන් තමයි මේ කිසිවක් දැක්කේ නැත්තේ... අන්න උන්ටයි මේ යුද්ධය දිනපු හැටි කියන්න ඕනේ..... අපිට නොවෙයි.

:       2       8

ලෙබ්බේ Thursday, 17 October 2019 12:24 PM

මොවුන්ට ඕනේ රටේ අගනුවරට ඇවිල්ලා කල්ලතෝනි ජාතික ගීය දෙමලෙන් ගායනය කරන විදිහ බලන්න. රටකට ගිය කලක්. දැන් ඔය කොටින්ගේ ඉල්ලීම් 13 දෙන්නත් පොරොන්දු වෙලා තියෙන්නේ. කක්කුස්සි නඩුවේ අය පස්ස පැත්තෙන් හිනාවෙනවා ඇති...

:       1       6

m.kumari Monday, 21 October 2019 08:46 AM

ඇත්තටම පිස්සු....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1400 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 659 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 552 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 305 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 537 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 493 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site