IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඡන්ද වර්ජනය කරන්නැයි උතුරේ ඉල්ලීම්

(බිඟුන් මේනක ගමගේ)

ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කරන්නැයි ඉල්ලා උතුරු පළාතේ අත්පත්‍රිකා බෙදීමක් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

දෙමළ ජාතික ජනතා පෙරමුණ නමින් ද තවත් පිරිස් නිර්නාමිකව ද මෙම අත් පත්‍රිකා බෙදා ඇති නමුත් පවතින මැතිවරණ නීතිය යටතේ එය වරදක් නොවන්නේ යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

තිරුනල්වේලි, නල්ලූර් හා කෝපායි ඇතුලු ප්‍රදේශ රැසකින් එවැනි සිදුවීම් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි ද ගජනායක මහතා කීවේය.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මහතා මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවට ප්‍රකාශ කර ඇතැයි ද තමා එය මුළුමනින්ම හෙලා දකින්නේ යැයි ද උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා බී.බී.සී ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබිණ. 

කිසිදු අපේක්ෂකයකුට සහාය නොදැක්වීම යටතේ සිය මනාපය සලකුණු කිරීමේ ක්‍රමයක්  None of the Above' (NOTA)   ලෝකයේ ඇතැම් රටවල පවතින අතර ලංකාවේ මැතිවරණ නීතියෙන් එවැනි පහසුකමක් මෙතෙක් සලසා නැත.

 



අදහස් (9)

ඡන්ද වර්ජනය කරන්නැයි උතුරේ ඉල්ලීම්

විනිවිද Wednesday, 13 November 2019 07:27 PM

කිසිදු අපේක්ෂකයකුට සහාය නොදැක්වීම අවශ්‍යනම් ඡන්ද මධ්‍යස්ථානය වෙත නොගොස් ඉන්න.

:       1240       53

maalaka Thursday, 14 November 2019 01:55 AM

කීයක් දුන්නද ? 2005 වගේද ?

:       1165       1209

Voter Thursday, 14 November 2019 02:12 AM

හරිම මෝඩ කමක්, මූණත් එක්ක තරහා වුනහම නාහේ කපාගත්තාම හොඳයි කියලා හිතා ගෙන ඉන්න උදවියක් වගේ!

:       704       363

Kumar Thursday, 14 November 2019 02:42 AM

ඡන්ද නොදා සිටීමෙන් තමන් අකමැතිම කෙනා පත්වෙන්න ඉඩ තිබෙනවා. ලංකාවේ සෑම ඡන්දයක්ම වටිනවා. ඇමෙරිකාවේ ඡන්දය දැම්මට ජනාධිපති පත් කරන්නේ ප්‍රාන්තවලින් යවන නියෝජිතයෝ. වැඩි ඡන්ද ලැබෙන කෙනා සැමවිටම දිනන්නේ නැහැ.

:       1       15

nishantha ranesh Thursday, 14 November 2019 04:22 AM

හරි සනීප උත්තරයක් ගජනායක මහත්මයා දීලා තියෙන බව පේනවා මිනිසකු සතු සිය අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අකුල්හෙලමින් හා තර්ජනය කරමින් කිසියම් පිරිසක් කටයුතු කරනවානම් එය බලපෑමක් නොවන්නේ කුමන නීතිය යටතේද කියල දැන ගන්න ඕන නේද. අපි අනික ඔය කටයුත්ත මේ කොළඹ පළාතේ උනොත් මොනවගේ විජ්ජුම්බරයක් වෙයි කියලා හිතනවද අනේ මන්ද වල් වැදුණු නීතියක්. හැරෙන හැරෙන අතට නැමෙන බලා ඉමු අපි.

:       1       190

de silva berlin Thursday, 14 November 2019 05:01 AM

යම්කිසි සංවිධානයක් මගින් ඡන්දය දමන්න යන්න එපා කියලා කියන එක වරදක් නොවෙන්නේ කොහොමද ?

:       6       220

Chanak los angeles Thursday, 14 November 2019 05:02 AM

2005 කලෙත් ඔය දෙයමයි .

:       1222       1252

chandiThursday, 14 November 2019 05:43 AM

මල්ලි. පැරදිලා වගෙයි ..

:       121       1028

isuru Thursday, 14 November 2019 01:41 PM

මේක රජ පවුලේ වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1509 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 726 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 615 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 326 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 558 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 511 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site