(දීපාල් ද සිල්වා)
ශ්වසන අපහසුතායක් හේතුවෙන් බලපිටිය රෝහලට අද (28) සවස ඇතුළත් කළ කාන්තාවක් කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය.
කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව ලැගුම් ගෙන සිටි අහුංගල්ල හෝටලයේ මෙම කාන්තාව සේවය කර ඇත.
මෙම කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට බලපිටිය රෝහල් කාර්යමණ්ඩලය සැකකරන බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.
(ඡායාරූප - එම් .සුසිල් ප්‍රියන්ත)
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීන කත සිටි හෝටලයේ කාන්තාවක් අයි.ඩී.එච් රෝහලට
lanka Tuesday, 28 January 2020 01:20 PM
චීන දායාද ලැබෙමින් පවතී ... සර්පයෝ , වවුල්ලු , කැරපොත්තෝ , පනුවෝ , ගෙම්බෝ, බල්ලෝ පුසෝ මෙකි නොකී ඕනෑම දෙයක් ආහාරයට කකා ජීවත්වෙන ජනතාවට අපේ රට මොන තරම් නම් වටිනවා ඇතිද ?
SLWednesday, 29 January 2020 12:56 AM
කුහක වෙන්න එපා. මිනිස්සුන් ට ලෙඩ හැදෙන පලවෙනි වතාව නෙවෙයි මේ.
ThusithaWednesday, 29 January 2020 12:39 PM
ඔබ දන්නවද අපි රස කරකර කන වල් ඌරා ජැමෙයිකාවේ අප්පිරිය සතෙක් බව. ඒක නිසා මිනිසුන්ගේ ආහාරවලට අපහාස කරන්න එපා...
Sanath Kandy Tuesday, 28 January 2020 07:31 PM
මේ රෝහල් කාර්ය මණ්ඩල වලට මීට වඩා ආරක්ෂිත ඇදුම් පැළදුම් ලබා දිය යුතුයි නේද? වෛද්‍යවරුන් හෙදියන් ආරක්ෂා වුනොත් නේද අනිත් අයවත් ආරක්ෂා කළ හැකි වෙන්නේ ?
lalithm Wednesday, 29 January 2020 02:54 AM
කොස් කොළ කන්න බැහැ කිව්ව අපිට ඉස්සරහට ඔය කියන චීන අහාර කන්න වේවි වගේ තියෙන මිලත් එක්ක.
sharm warn Wednesday, 29 January 2020 03:44 AM
ජීවත් වෙන්න ආහාර අවශ්‍ය බව ඇත්ත නමුත් අද අපේ සමාජය පිරිහිලා තියෙන්නේ අපි ආහාර සදහා ජීවත් වෙන හැටියට හිතන්න පුරුදු වෙලා තියෙන නිසා. ඒ නිසා තමයි දේශපාලුවෝ රටේ අනන්ත ප්‍රශ්න තියෙද්දී හැමදාම එළවලු අච්චරයි ලුණු මෙච්චරයි කියා කියා පාර්ලිමේන්තුවේ බෙරිහන් දිදී මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරන්නේ උන්ගේ වැරදි නොපෙනෙන්න. අපේ රට හරිම ආශිර්වාදිත රටක් ..හැබැයි අපිට ඒ ආශීර්වාද ලැබෙන්නේ අපිත් රටේ සම්පත් දිහා ධනාත්මක ව බැලුවොත් විතරයි. කොරෝනා , චිකන් ගුන්යා , ඩෙංගු , කුරුළු උන මේ ඕනෑම එකකට අපේ ආයුර්වේද බෙහෙත් තියෙනවා. අපි මුලින් ම අපේ සම්පත් වල වටිනාකම දකින්න ඉගෙන ගමු.
de silva Wednesday, 29 January 2020 07:06 AM
දැන්වත් වහාම ක්‍රියාත්මක වන පරිදි චීන සංචාරකයන් රට තුලට එන එක නතර කරවන්න . තව බල බලා ඉන්නේ කුමටද ?
Rohana Wednesday, 29 January 2020 07:39 AM
රෝගය පැතිරීම වලක්වන්න අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කරන්න වෙනවා.
leena Friday, 31 January 2020 04:41 PM
කන්න දේවල් බොහෝ තිබියදීත් සර්පයන්, වවුලන් ආදී දේවල් පරිභෝජනය කළවුන් මුළු ලොවක් අද කොරෝනා වසංගතයට බිලිදී හමාරයි. බුදුදහමට අනුව තහනම් මාංස අතර සර්ප මස් අන්තර්ගත බව අමතක නොකළ යුතුයි.