IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආණ්ඩුවට සහය දක්වන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 5 කට ආසන සංවිධායක ධූර

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට  ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික  පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද  (19) තීරණය කර තිබේ.

ඔවුන් ආණ්ඩුව ගෙන යාමට සහයෝගය පළ කරමින් සිදු කරන විශාල කැපවිම සළකා බලා මෙම තීරණයට එළැඹ තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කාත්‍යාධිකාරි මණ්ඩලය රැස් විය.

එහිදි පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා වි‍ ඇති අතර දුර්වල ආසන සංවිධායකයින් ඉවත් කර අලුතින් සුදුසු අය පත් කිරීමට තීරණය වී තිබේ.එහිදි ශ්‍රි ල නි පයේ සිට පක්ෂයට සහයෝගය ලබා දෙන අයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට වන යෝජනාව ස්ථිර වී තිබේ. අලුතින් පත් කළ යුතු අනෙකුත් ආසන සංවිධායකවරුන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට පක්ෂයේ නායක, සභාපති සහ මහලේකම්ට පැවරී තිබේ.

බිම් මට්ටමින් පක්ෂයේ සංවිධාන කටයුතු ජුලි මස අග වන විට අවසන් කිරීමටත් පියවර ගන්නා ලෙස සියලුම සංවිධායකවරුන්ට දැනුම් දීමටත් තීරණය විය‍.

දේශපාලන පළිගැනිමට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බැවින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි සඳහන් කර තිබේ.

ගම්පෙරලිය ව්‍යාපෘථිය සඳහා පළමු පියවරේදි රුපියල් මිලියන 200 ක් වෙන් කළ බවත් දෙවැනි පියවර සඳහා තවත් මිලියන 100 ක්  වෙන් කර ඇති බවත් ඉන්පසු තෙවැනි පියවරේදි තවත් මිලියන 100ක් වෙන් කරන බවත් අගමැතිවරයා මෙහිදි දැනුම් දි තිබේ.



අදහස් (13)

ආණ්ඩුවට සහය දක්වන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 5 කට ආසන සංවිධායක ධූර

Amila Wednesday, 19 June 2019 04:13 PM

ශ්‍රීලනිපයේ ඉතුරු ටිකත් පොහොට්ටුවට සහ යූ.එන්.පී එකට සෙට් වෙයි. අනික ඉතින් කල් ඉකුත්වීම ආසන්න මිනිස්සුන්ට විහිලුවක් වෙච්ච පුද්ගලයාගෙන් කොහොමත් දේශපාලුවන් ඈත්වෙනවා..

:       171       555

Raveendra Wednesday, 19 June 2019 05:08 PM

ගිලෙන නැවට කලවැද්දෝ රිංගනවා... අසා තිබුණත් බුරුවන් රිංගනවා කියලා අහලා නම් නැත.

:       0       0

Mann Wednesday, 19 June 2019 05:23 PM

සොයිසා මහතා කටාන සංවිධායකකම ලබාදී හැකියාවට රැකියාවක් ලබාදීමට ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාවට අවස්ථාව ලබාදීම විශිෂ්ඨයි.

:       0       0

Bamunuarachchi Wednesday, 19 June 2019 06:19 PM

හා හා හා මේ වෙලාවේ එජාපෙට සහය දක්වන්නේ සිහි බුද්ධිය ඇති අය නොවේ. එමනිසා අපි හොඳ පාඩමක් උගන්වන්නම්.

:       0       52

chandima Wednesday, 19 June 2019 07:51 PM

ඒ කට්ටිය එහාට මෙහාට ගියාට අපිනේ ඡන්දෙ දෙන්නේ.

:       0       53

Mahee Wednesday, 19 June 2019 08:12 PM

ඔය දෙසිය විසිපස් දෙනාම එලවා දමන්න පුළුවන් කෙනෙක් එනවා නම් අන්න එයාටයි අපේ සහයෝගය.

:       15       8

siri Wednesday, 19 June 2019 08:38 PM

ඔය ගොඩේ "අප්පචි මලෝ" ත් ඇති.

:       0       28

KAK Perera Wednesday, 19 June 2019 10:23 PM

ගිලෙන නැවට නගින්න

:       0       10

ලසන්ත Thursday, 20 June 2019 12:56 AM

දේශපාලන පළිගැනීම් වලට පක්වූ අයට සහන සලසනවානම් ලිපිකරු සේවය කළමණාකරන සහකාර සේවය බවට පරිවර්තනය කල අවස්ථාවේ ලිපිකරු අධිශේණියේ සිටි අයට වැටුප් වැඩිවීමක් දුන්නේ නැහැ. එසේ කලේ එම අය එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ පත්වූ අයයි යන මතයේ සිටි නිසා. එම පළිගැනීමට ලක්වූ කිසිවෙක් අභියාචනා කර නැහැ. දැනුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පිරිසක් අධිකරණයෙන් දැන්වූ දෙයවත් නොකරන බවක් දැනගන්න තියෙනවා. ඒගැනත්මෙ බලන්න. මෙයට නිදර්ශනයක් කියන්නම්. පසුගිය කාලේ චක්‍රලේඛයක් තිබුනා සේවාකාලය තුල ඉතිරිවූ නිවාඩු වෙනුවෙන් මාස කීපයක් වැඩකිරීමට අවස්ථාව දීමට. එය ඉවත්කලේ මෙයින් සහනය ලැබෙන්නේ යූ.ඇන්.පී. කාරයන්ට කියලයි. (මෙය මට කිව්වේ හිටපු රාජ්‍ය පරිපාලන ඇමති කෙනෙකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වරයෙක්.ඔහු 1991 දී ගුරු පත්වීමක් ලබා 1995 දී දේශපාලන පලිගැනීම් යටතේ අධ්‍යාපන පරිපාලන සේවයට පැමිණි අයෙක්)

:       5       15

Anurudda Thursday, 20 June 2019 02:43 AM

හොඳ තීරණයක්. ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයක් රටේ පැවැත්ම සඳහා උවමනා වේ.

:       50       28

dare Thursday, 20 June 2019 05:54 AM

මෙයා තාම රැවටිලා නේ ඉන්නේ. අපිට පෙන්න ආණ්ඩුව විපක්ෂේ බෙදිලා හිටියට ඔක්කොම යටින් අත් අල්ලන් ඉන්නේ.

:       0       6

Rohana Thursday, 20 June 2019 06:06 AM

ඡන්දයක් අත ළඟ බවට පෙර සලකුණු.

:       0       10

සේනක Thursday, 20 June 2019 06:17 AM

ඇයි කෘත්‍යාදිකාරී කාර්යමණ්ඩලය ඒ මන්ත්‍රීවරුන්ගේ නම් හෙළි නොකරන්නේ.මේ මන්ත්‍රීවරු කවුද කියලා දැන ගන්න නම් හෙළි කරන්න.එතකොට රටේ ජනතාවට පුළුවන් ඊළඟ ජනතා අධිකරණයේදී ඒගොල්ලො ගැනත් සලකලා බලන්න.

:       7       3

ඔබේ අදහස් එවන්න

දියත

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 13 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1166 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 377 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 444 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 360 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 33 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site