(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පැවැත්වූහ.
පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව තිබිණි.
අද (17) දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින් කලපු තීරයට පැමිණ මුස්ලිම් ජාතිකයෝ පැය දෙකකට ආසන්න කාලයක් දැවැන්ත රැස්වීමක් පවත්වා අයි එස් ත්‍රස්තයින්ට දැඩි ලෙස විරෝධය පෑහ.
වසර 30 ක යුද්ධයෙන් බැට කෑ රට නැවත වනසන්නට කටයුතු කිරීම ගැන මුස්ලිම් ජාතිකයින් ලෙස අයිඑස් ත්‍රස්තයින්ට ශාප කරන බවද ඔවුහු පැවසූහ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අයිඑස් ත්රස්තයන්ට විරෝධය පා මුස්ලිම්වරු පාරට බසිති
JAYATH Friday, 17 May 2019 10:46 AM
මේක දැකලාවත් අර අහවලා හරි මගට එනවා නම් හොඳයි. මොකද මිනිහා රාජ්‍ය අනුග්‍රහයෙන් වැජඹෙනවා නොවැ. එකක් කියන්නම් මිනිහට මොන ආණ්ඩුව ආවත් මොකක්වත් වෙන්නේ නැහැ... හෙට මැතිවරණයක් තියලා, විරුද්ධ පක්ෂයට ආසන අඩු වුනොත් මිනිහව අරගෙන ඔය ඊනියා දේශප්‍රේමින් ආණ්ඩුවක් හදන්නේ නැතිද?
Hafeel Friday, 17 May 2019 12:09 PM
සහතික ඇත්ත. එ්ක තමයි මේ රටේ දේශපාලකයන් කරන්නේ.
BamunuarachchiFriday, 17 May 2019 12:31 PM
කරන්න තිබෙන දේ සිංහලයින් එකපැත්තක් ගෙන රජයක් පිහිටුවා ගැනීමයි. අර 62 දෙනාගේ තීන්දුව නැවත ගත්තොත් අපිත් මුස්ලිම් වෙමු...
ගල්කටස් Friday, 17 May 2019 10:52 AM
ඔය ගමන්ම අර අැමතියාවත් එලවන්න කිව්වා නම් තමයි වටින්නේ. නැතිව ඔහුට සහායට නම් ඕක කෙරුවේ වැඩක් නැත...
Kriss Friday, 17 May 2019 11:00 AM
හොඳ ප්‍රවණතාවයක්. මෙවන් සාමකාමී ජනතා මැදිහත් වීමක් වගකීම් විරහිත පාලකයන්ට එරෙහිවත් අවශ්‍යයි. සියලුම ශ්‍රී ලාංකිකයන් එකාමෙන් අත්වැල් බැඳගත යුතුය.
max Friday, 17 May 2019 11:14 AM
බොහොම හොදඊ පුත්තලම් වාසි ප්‍රිය මුස්ලිම් හිතවතුනි. රටේ අනෙක් ප්‍රදේශවල මුස්ලිම් සහෝදරවරුන්ටත් මෙවන් අදහස් පහල වේවා!
රවින් Friday, 17 May 2019 11:24 AM
මුස්ලිම් සහෝදරවරුනි. ඔය කියන අයි.එස්.අයි.එස්. ත්රස්තයෝ ගැන ඔබලා හොඳින් දන්නවා. ඔවුන්ගේ හැසිරීම්වලින් ඒ බව සොයාගත හැක. කරුණාකර ළඟම ඇති ආරක්ෂක කඳවුර වෙත ඒ අය ගැන දැනුම්දෙන්න. ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස ඉටුකිරීමට ආධාර දෙන්න. ඔබලා ඔවුන්ට විරුද්ධව කරන විරෝධතාවලට වුවද ඔවුන් ප්‍රහාර එල්ල කර කලබල ඇතිකළ හැකිය. තම තමන්ගේ ඇදහීම් වලින් පසුව ගෙවල්වලට ගොස් ආරක්ෂක අංශ වෙත සහයෝගය දක්වන්න...
keppetipola Friday, 17 May 2019 11:25 AM
මෙච්චර කල් කොහෙද හිටියේ මේ ගොල්ලෝ? මේ තොත්ත බබාලා මිට කලින් ISIS ත්රස්තවාදීන් ලංකාවේ ඉන්නවා කියලා දැනගෙන හිටියේම නැද්ද..?
Ajith NissankaFriday, 17 May 2019 04:55 PM
මේ තොත්ත බබාලා කොහොම දැනගන්නද? මීට කලින් ISIS ත්රස්තවාදීන් ලංකාවේ ඉන්නවා කියලා 2013 ඉඳලා ආණ්ඩු කරපු බබාලා දැනගෙන හිටියේ නැතිකොට...
chandima Friday, 17 May 2019 11:47 AM
එතකොට අර විල්පත්තුවේ කැලේ කපලා පදිංචි කරපු කට්ටිය කෝ? එයාලත් පෙළපාලියට ආවද?
Lal Friday, 17 May 2019 11:56 AM
මෙලෙස විරෝධය පෑම පමණක් ප්‍රමාණවත් නොවේ. ලංකාව අරාබියාවක් කරන්න දඟලන මුස්ලිම් දේශපාලකයින්ටත් ගෝත්‍රික අදහස් ඇති, සාම්ප්‍රදායෙන් පිටපැන්න මුස්ලිම් අයට විරුද්ධවත් සියළුම මුස්ලිම් ජනතාව, පාරට බැස, අනිකුත් ජාතීන්ගේ සිත්දිනා ගන්න කටයුතු කළයුතුයි...
hira Friday, 17 May 2019 11:58 AM
ෂුවර් එකට මේක පිටිපස්සේ ලංකාවේ ISIS නියෝජිත සහ ඔයපැත්ත නියෝජනය කරන ඇමති ඇති. උඩින් ඔපෙ යටින් බෙනේ. කොහොම විශ්වාස කරන්නද? මොකද කතාවෙන් සහ ක්‍රියාවෙන් බහුතරයක් ගල් ආඳෝ. ඔය අතිසූක්ෂම කපටිකම සහ මර්සිය එන්නේ ජානවලින්මයි.
Nuwan Friday, 17 May 2019 12:43 PM
ප්‍රමාද වැඩියි... !!!
Nishantha Friday, 17 May 2019 12:46 PM
කපන්න බැරි අත සිඹිනවද?
Nihal Friday, 17 May 2019 01:55 PM
අපි විරෝධය පාන්න ගියොත් ඥානසාර හිමිට, අමිත් වීරසිංහට කරපු දේමයි වෙන්නේ... ඔය උද්ඝෝෂණකරුවන්ට මතක් කළ යුතුයි, අවුරුදු ගාණක් හිමියන් සහ ඔහු රටට වෙන්න යන විනාශය කියපු නිසා මුස්ලිම් ඡන්දවලට ඔවුන් හිර ගෙවල්වලට කොටු කෙරුවා.
Rasika Friday, 17 May 2019 03:34 PM
මෙහෙම කරපු දේ හොඳයි. හැබැයි දැනට මුස්ලිම් ජනතාව කරලා තියෙන දේවල්වලින් අනෙක් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය නැතිවෙලා. මොකද අපි දැක්කා රූපවාහිනිය ඉස්සරහ ඇවිත් ශෝකවෙනවා උදේට හවස අායුධත් එක්ක අහුවෙනවා. වැඩියෙන්ම කදුළු හැලුවේ ත්රස්තවාදීන්ට වැඩියෙන්ම උදව් කරපු අය. ඉතින් ඒ විශ්වාසය දිනාගන්න නම් තියෙන හොඳම දෙය තමයි, ත්රස්තවාදීන්ට උදව් කරපු හෝ ඔවුන්ව රැකගන්න ඉදිරිපත් වූ කිසිම දේශපාලකයෙක්ට මුස්ලිම්වරු ඡන්දය නොදී සිටීම... ඒ වගේම අනෙක් ජාතීන් ගැන වෛරය ඇතිවෙන කතා කියපු... විශේෂයෙන් ත්රස්තවාදීන් නිදහස් කරන්න කියලා හමුදාපතිට බලපෑම් කරපු ඒ දේශපාලකයාට ඡන්දය නොදී සිටීම. එහෙම කරලා, ඉමිතියාස් බාකීර් මාකර් වගේ නියම ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් නැවත පාර්ලිමේන්තු එවීමයි...
PA - RA Friday, 17 May 2019 03:42 PM
මුස්ලිම් ජාතිය වනසන මුස්ලිම් සමහර නායකයින් ගැන මුස්ලිම්වරුම බලාගන්න. එසේ යම් දෙයක් දුටු වහාම රජය දැනුවත් කරන්න. එය ඔබ සියපු දෙනාගේම යහපතකි.
පහන් Friday, 17 May 2019 03:54 PM
නාට්‍ය හා රංග කලාව පහන්
lasantha Friday, 17 May 2019 04:02 PM
අන්තවාදි මුස්ලිම් සැමට ඔබේ විරෝධය පා ඉදිරියට එන්න. අවංකව අපේ හමුදාව ඔබව ආරක්ෂා කර ගන්නවා. සියලුම අන්තවාදීන් මේ රටින් තුරන් කල යුතු කාලය ඇවිල්ලා...
ranjith Friday, 17 May 2019 06:53 PM
පුත්තලම දේසපාලන මහත්වරුනි, පුත්තලමේ ජීවත් වෙමින් ඡන්දෙ කාලෙට බස් වලින් මන්නාරමට රැගෙන ගොස් ඡන්දය දමන එක නතර කරන්න පුත්තලමේ පහසුකම් විඳිමින් මන්නාරමට ඡන්දෙට යන මේ කාණ්ඩය මන්නාරමටම යවන්න. නැතිනම් ඡන්දය පුත්තලමේ දාන්නා කටයුතු කරන්න.
sarath perth Saturday, 18 May 2019 12:13 AM
ඔය විරෝධතා පුවරු එකකවත් තිබුණද? රිෂාඩ් බදියුදීන් එපා කියලා, එයා තමයි ප්‍රශ්නෙට මුල...
Sarath r Saturday, 18 May 2019 02:16 AM
ඇත්ත වශයෙන්ම මුස්ලිම් ජනතාවගෙන් සීයට අනුනමයි දසම නමයක්ම සාමකාමී අහිංසක අය බව අප නොදන්නවා නොවෙයි. ප්රශ්නය වන්නේ මේ අහිංසකයන් ත්රස්තවාදීන්ගේ ක්‍රියාවන් සිදුවන බව හා ඒ සදහා මුස්ලිම් දේශපාලකයන් උදවු කරනබව දැනගෙනත් මුනිවත රැකීමයි. ඔවුන් මුලදීම මේ බව ආරක්ෂක අංශ දැනුවත් කලේනම් සිදු වූ ව්‍යසනය අවම කරගැනීමට හැකියාව තිබුණි.
Naushad Saturday, 18 May 2019 10:59 AM
හැමදේටම වැරදි හොයන්න යන්නේ නැතුව, හොඳ දෙයට ප්‍රශංසා කළයුතුයි. අපේ ඊළඟ පියවර පාර්ලිමේන්තුවේ ඉන්න හොර, සහ අනෙකුත් කාලකන්නි මැති ඇමැතිවරුන් පන්නා දැමීමයි.
ruchi Saturday, 18 May 2019 03:32 PM
සත පහකට විශ්වාස කරන්න බැහැ මොවුන්ව. පරිස්සමින්.. . . . .
Kumara Saturday, 18 May 2019 04:41 PM
මේ ගොල්ලෝ දැන් මොකක්ද? ඇදන් එන්නේ....
shan Tuesday, 21 May 2019 05:19 AM
මේ විරෝදතා ගැන දෙවරක් හිතන්න මේ කරන්නේ තමන්ට අහිමි වේගන යන අනෙක් ජනයාගේ විශ්වාසය ගොඩ නගා ගැනීම සදහා කරන නාටකයක් පමණයි.