(සුජිත් හේවාජුලිගේ සහ නාලක සංජීව දහනායක)
රටේ අපරාධ , පාතාලය හා මත්ද්‍රව්‍ය පාලනයට දැඩි නීතිරීති හඳුන්වා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට අද (27) උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේ නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැති සාකච්ඡාවකදීය.
මත්ද්‍රව්‍ය වැටලීම් වලට බාධාවන නීතිමය ගැටලු කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් ඉවත් කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.
මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ දඬ මුදල් සංශෝධනය පිළිබඳවද අපරාධ හා වැඩපිළිවෙළ හා එහි නීතිමය සංශෝධන පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය
බන්ධනාගාර ක්ෂේත්රයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
සුසිල් ප්‍රේමජයන්ත හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන ඇමැතිවරුද ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න,නීතිඥ ජයන්ත ජයසුරිය,ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,පොලිස්පති පූජිත් ජයසුන්දර,අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි යන මහත්වරුද නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පිරිසක්ද මේ සාකච්ඡාවට සහභාගි වූහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු ආදායම් අධී
ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
උත්තර ලංකා සභාගය කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව එහි මන්ත්‍රී ගෙවිඳු කුමානතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 615 ක් ප්රදානය කිරීමට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අපරාධ - මත්ද්‍රව්‍ය පාලනයට දැඩි නීතිරීති හඳුන්වා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්
Nimal Tuesday, 27 November 2018 06:17 PM
දැන්ද එක කරන්න යන්නේ? අලුතෙන් ඇති වුන ප්‍රශ්නයක් වෙන්න ඇති.
Bamunuarachchi Wednesday, 28 November 2018 12:16 AM
ඔය වැඩේට නියම පුද්ගලයා ඝෝටාභය රාජපක්ෂ
sena Wednesday, 28 November 2018 03:36 AM
කට්ටිය පාර්ලිමේන්තු යන්නේ නැතුව නීති හදන්නේ කොහොමද.?
upali Wednesday, 28 November 2018 04:34 AM
නීති තිබුණට ඒවා ක්‍රියාත්මක කරනවද ?
Hafeel Wednesday, 28 November 2018 07:33 AM
මෙයාගේ දැඩි නීතිරීති, එල්ලුම් ගහ, කඩු ප්රහාරවල් මේ අවුරුදු හතරම අපි දුටුවා.
නිස්සන්ක ඩ් සිල්ව Saturday, 15 December 2018 01:07 PM
ඕස්ට්‍රේලියන් තරුණයෙක් නීති විරෝධී ලෙස ගෙනා මත් ද්‍රව්‍ය ග්‍රෑම් 450 ක් සමග සිංගප්පුර්වේදී අත්අඩංගුවට ගත්තා. සිංගප්පුර්වේ නීතිය මරණ දඩුවමයි. ඔහු තරුණයෙක් නිසා, දුප්පත්කමින් මිදිමට තම දෙමපියන් දැනුවත්ව මේ වරද කල නිසත් හුගක් අය මොහුව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් සිංගප්පුර්වේ බලධාරීන් ඒ කිසිකෙනෙකුට ඇහුන්කන් දුන්නෙ නෑ. අවසානයේදී එවකට ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ජෝන් හාවර්ඩ් මහත්මා සිංගපුර්වේ අගමැතිට පුද්ගලිකව මේ සම්බන්දව කතාකර ඒ වරදකරුව මරන්න එපා කියා ඉල්ලා සිටියා. එවිට සිංප්පුර්වේ අගමැති කියා සිටියේ. "මොහුව අහුවුනේ නැතිනම් මගේ මිනිසුන් 450 ක් මේ මත් කුඩු වලින් මිය යනවා, නමුත් ඔහුව අහුවුන නිසා ඔබට නැතිවෙන්නෙ එක මිනිහෙක් පමනයි". අගමැති ජෝන් හවර්ඩ් ගේ ඉල්ලීමවත් සිංගප්පුර්වේ අගමැති පිලිගත්තෙ නෑ. ඔහුට මරණ දඩුවම දෙන ලදි. සිංගප්පුර්වේ මත්ද්‍රව්‍ය නීතිය අනුව ඔහු 450 දෙනෙක් මැරීමට තැත් කල කෙනෙකි. මෙවැනි දේවල් වලින් වත් පාඩමක් ඉගෙනගෙන ලංකාවේ අනාගතය බේරාගන්න.
saman karunarathna Saturday, 22 December 2018 11:12 AM
දැන් අල්ල්ලන හෙරෝයින් වලට මොකද වෙන්නේ. ජනතාව ඒවා දන්නේ නැහැ. ඒවා ප්‍රසිද්දියේම විනාශ කරන්න ඕනේ. ඒවා ආපහු එලියට එනවා කියන එකයි මගේ මතය.
SunilTuesday, 01 January 2019 04:33 AM
මේවා විනාශ කරන්න. ඕන කොමිටියක් ඉස්සරහ...
කමල්Saturday, 09 February 2019 05:09 PM
අල්ලපු කුඩු වෙන රටකට වික්කානම් ලෝකෙටම තියෙන ණය කීපවතාවක් ගෙවන්න පුළුවන්.
dinusha Saturday, 22 December 2018 11:13 AM
මරණ දඩුවම අනිවාර්යෙන්ම දෙන්න ඕනේ.
Rata Perata Monday, 31 December 2018 01:52 PM
උපදෙස්? මෙයාගෙන්? විහිලු නැතුවට විහිලු.
Sunil Tuesday, 01 January 2019 04:29 AM
මෙයට තද දඬුවම් තිබිය යුතුයි. මේක සංවිධානාත්මක බිස්නස් එකක්. මේවා ගෙනෙන පාරවල් තියනවා.
sampath Monday, 21 January 2019 07:31 AM
ඔබ හිතනවද මේ මත්ද්‍රව්‍ය සමග අහුවෙන හැමෝම ඒවාට සම්බන්ධයි කියලා ගොඩක් දෙනාට පාර්සලයක් අතට දීලා එහෙම නැත්නම් පොදු ප්‍රවාහන මාධ්‍යයකදී බෑග් එකක් අල්ලගන්න දීලා ඒ නිසා ඔය කියන දේ එක්ක මම නම් එකඟ නැහැ... පටලවපු නඩු ඕනේ තරම් තියෙනවා. ඒ නිසා මෙය කියනතරම් සරල නැහැ. ඔබ ගුවන්තොටුපලින් එනකොට පොදු ප්‍රවාහන මාධ්‍යයක ගමන් කරනකොට කාගෙවත් බෑග් එකක් ගැනීම ඉතා අනතුරුදායකයි. කහවත්තේ පාසල් දරුවෙක් හරහා බත් පාර්සලේ මත්ද්‍රව්‍ය යැව්වා.. ඒ දරුවා අහුවුණානම් එයා මැරුවම සාධාරණයිද?
Mo Monday, 21 January 2019 10:55 AM
ඔබතුමා මත්ද්‍රව්‍යවලට දැඩි නීතිගේන්න කතා කිරීම ඉතා හොඳයි. ඒත් යාපනේදී ලොකුම කේරල ගංජා තොගය අල්ලගත්තු වෙලාවේදී දෙමල දේශපාලකයෙක්ගේ ටෙලිෆෝන් කෝල් එකෙන් සැකකරුවන් නිදහස් කරලා වැටලීම කරපු මුලු පොලිස් යුනිට් එකම විසුරුවා හැරපු රටේ ජනාධිපති ඔබතුමා බව දන්නවද? ඒ වගේම බේරුවලින් මෙතෙක් අල්ලාගත්තු 2වැනි ලොකුම හෙරොයින් තොගය අල්ලගත්තු මත් කුඩු ජාවාරම් කරුවන්ගෙන් වෙඩිකාලා යන්තම් ජීවිතේ ගලවාගන නැවත වරක් මත්ද්‍රව්‍ය වුවදුරට එරෙහිව සටන් කරන්න ඒ අංශයටම ආයෙත් පැමිණි කීර්තිමත් පොලිස් නිලධාරියාව ඒ වැටලීමෙන් පස්සේ මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් ඉවත් කරලා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරුකරලා යවපු රටේ ජනාධිපති ඔබතුමා බව දන්නවද? ජනාධිපතිතුමනි, ඔබ මේ රටේ ජනාධිපති නොවී පොලොන්නරුවේ ග්‍රාමසේවකතුමා වූවානම් අපි කෙතරම් පිංබර ජාතියක්ද? රටක්ද?
මහින්ද විරසිංහ Sunday, 27 January 2019 02:01 AM
කැබිනට් මංඩලයට නොකියා ජනපති නටන නාඩගම මාෙකක්ද?
Endrany...moldeven Saturday, 23 February 2019 01:39 PM
අල්ලන කුඩු පෙන්නනවා විතරයි... ආයි ඒවා නැහැ.. මොන තරම් අල්ලනවද..? මිනිස්සුන්ට ඒවා විනාශ කරනවා පෙන්නන්න.. විශ්වාස නැහැ.. නැත්නම්.. ජනතාවට.. ආයි ඒවා එළියට..